තණමල්විල_බල්ලෙක්

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පක්ෂයෙන් ඉවතට



    සෙවණගල ප්‍රාදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපාහැරීමට පොදුජන පෙරමුණෙ තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ප්‍රාදේශය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අදාල ලිපිය මේ වන විට යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරයි.

    මීට අමතරව පක්ෂයෙන් නෙරපාහැරීමට අදාළ නීතිමය කටයුකු සිදුකිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අවශ්‍ය විධි විධාන සලස්වා තිබේ.

    පොලීසිය මඟහරිමින් සිටි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු 05 දෙනකු අත්අඩංගුවට ගැනීමට සෙවනගල පොලීසිය කටයුතු කළ අතර ඔවුන් ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.


    source - ada derana