-තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයය&#353

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    -තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයය&#353

    තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයයි

    10372569_1629509467276901_1080526351207457875_n.jpg

    බුදුදහමෙහි ‘සාමුක්කංසික දේශනා’ නමින් හැඳින්වෙන චතුරාර්ය සත්‍යයට ඇතුළත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කෙරෙන්නේ ජාති, ජරා, ව්‍යාධි,මරණ ආදි විවිධ දුක්වලට සත්ත්වයා ගොදුරු වන්නේ කුමක් හේතු කොටගෙනද යන්නයි. බුදුදහම අනුව දුක නැවැත ඇතිවන්නේ කිසි හේතුවක් නැතිව ඉබේම නොවේ. එම දුක කිසියම් සර්ව බලධාරි දෙවි කෙනෙකු විසින් ඇති කරනු ලබන්නක්ද නොවේ. දුක වශයෙන් හැඳීන්වෙන උපාදානස්කන්ධ තුළම දුක ඇතිවීමේ සැබෑ හේතුවද ඇතුළත්ව තිබේ. එය හැඳින්වෙන්නේ ‘තණ්හා’ නමින්ය. කඳින් පැළවෙන ගසක මුලට හානියක් වී නැත්නම් එම ගස කපා දැමුවත් නැවැත ලියලයි. එමෙන්ම තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයයි’ බුදුරාජණන් වහන්සේ දේශනා කර ඇත.

    ශරීරය අබල දුබල වීම අතපය වාරු නැති වීම, ගිලන්වීම ආදි දුක් කරදරවලට අප භාජනය වන්නේ ජාතිය හෙවත් ඉපදීම නිසාය. නැවැත නැවැත ඉපදීමක් නැත්නම් නැවත නැවැත ජරා මරණ ආදි දුක්වලට පත් නොවේ. නැවැත නැවැත උපදින්නේ තණ්හාව නිසාය. එබැවින් එය පෝනෝභවික තණ්හා නමින් දැක්වෙයි. පුනර්භවයට හෙවත් සසර නැවැත නැවත ඉපදීම සිදුවීමට මූලික වන බැවින්ද මෙලොවදීම විවිධ දුක් කරදර හිරිහැරවලට හේතුවන බැවින්ද තණ්හාව දුක් ඉපදවීමේ සැබෑ හේතුව ලෙස බුදුදහමෙහි ඉගැන්වේ.

    පුද්ගලයා තුළ විවිධ ස්වරූපයෙන් තණ්හාව ඇති වෙයි.රූපාදිය ඇසුරෙන් ඇස ආදි ඉඳුරන් පිනවීමේ ආශාව වශයෙන් පහළවීම එක් ස්වරූපකි. රූප ශබ්ද ආදියට කාමවස්තුයැයි කියනු ලැබේ. කාමය නම් රාගය හෙවත් ඇලීමයි. ඒ ඇලීම වන්නේ රූප ශබ්ද ආදි අරමුණුවල නිසාය. ඒවා කාම වස්තු ලෙස හැඳින්වෙන්නේ ඇසට හමුවන රූප පදනම් කරගෙන ලැබෙන ආශ්වාදය නිසා අපි ඒවාට ආශා කරමු. නැවැත නැවැත එබඳු රූප දැකීමට, ලබා ගැනීමට කැමැති වෙමු. එය රූප තණ්හාවයි. කනට ඇසෙන ශබ්දවලින් ලැබෙන සතුට නිසා යළි යළිත් එබඳු ශබ්ද ඇසීමට ආශා කරමු. එය ශබ්ද තණ්හාවයි .එසේම නාසයට ගන්ධයත්, දිවට රසයත් ශරීරයට ස්පර්ශයත් ලැබෙන විට දැනෙන ආස්වාදය නිසා ඒවා නැවැත නැවැතත් ලබා ගැනීමට ආශාව ඇතිවේ. ඒවා පිළිවෙළින් හැඳින්වෙන්නේ ගන්ධ, තණ්හා රස තණ්හා සහ පොට්ඨබ්බ තණ්හා කියායි. ඇස කන ආදි ඉන්ද්‍රියයන්ට ගොදුරු නොවන සිතට පමණක් ගොදුරු වන අරමුණු ධම්ම නමින් හැඳින්වෙයි. අප පිළිගත් යම් යම් දෘෂ්ටි ආදියද ඊට ඇතුළත් වෙයි. ඒවාට ආශා කිරීම ධම්ම තණ්හාවයි. රූප ශබ්ද ආදි සියලු අරමුණුවලින් ලැබෙන ආස්වාදය නිසා ඒවා යළි යළිත් ලබා ගැනීමට ආශාව ඇතිවෙයි. එසේ ඒ කැමැති අරමුණු ලබා ගැනීමට ඇති අශාව හෙවත් කාමයට ඇති ආශාව කාම තණ්හාවයි.

    කාමයන්ගෙන් තෘප්තිය මෙලොව ජීවත්වන කාලය තුළ පමණක් නොව භවගාමීව නැවැත නැවැත ඉපදෙමින් සදාකාලිකව ලැබීමට ආශාව ඇති වෙයි. එය තණ්හාව පහළවීමේ තවත් ස්වරූපයකි. එසේ පහළවන තණ්හාව හඳුන්වා තිබෙන්නේ භව තණ්හා යනුවෙන්ය. ශාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූ තෘෂ්ණාව ලෙස හැඳින්වෙන්නේ මෙම භව තණ්හාවයි.

    පරලොවක් පිළිබඳ විශ්වාස නොකරන නැවැත නැවැත ඉපදෙමින් මැරෙමින් ඇදී යන සාංසාරික ජීවිතයක් ඇතැයි නොපිළිගන්නා අය තුළ වෙනත් ස්වරූපයකට තණ්හාව ඇති වෙයි. එවැන්නන්ගේ පිළිගැනීම මෙම ජීවිතය මරණයෙන් කෙළවර වූ පසු නැවැත ඉපදීමක් නැති බවයි. එම නිසා ඔවුන්ට ආශාව ඇතිවන්නේ මරණය පැමිණෙන තුරු හැකිතාක් කාම වස්තුන්ගෙන් ආස්වාදය ලබා ගැනීමටයි. ඉන්ද්‍රියයන් පිනවීමටයි. නැවැත භවයක් පිළිබඳ බලාපොරෙත්තු නොතබා මේ ජීවිතයේ වඩ වඩා කම්සැප සෙවීමට ඇති එම ආශාව හැදින්වෙන්නේ විභව තණ්හා නමිනි. උච්ඡෙද දෘෂ්ටියෙන් මිශ්‍ර වූ තණ්හාව ලෙසද මෙය හැඳීන්වේ.

    ඉහත සඳහන් කාම, භව, විභව යන තුන් වැදෑරුම් තෘෂ්ණාවම ඇතිවන්නේ රූප ආදී කාම වස්තුන්ගෙන් ලැබෙන ආස්වාදය පදනම් කරගෙනය. නැවැත ඉපදීම ගැන හෝ නවැත නො ඉපදීම ගැන හෝ නොසිතා රූපවලින් ලැබෙන ආස්වාදයට යළි යළිත් ආශා කිරීම රූපය පිළිබඳ කාම තණ්හාවයි. රූපයෙන් ලැබෙන ආස්වාදය නැවැත නැවැත ඉපදෙමින් ලැබීමට ඇතිවන ආශාව රූපය පිළිබඳ භව තණ්හාවයි. නැවැත උපතක් නැත. එබැවින් මැරෙන තුරු රූපවලින් ආස්වාදය ලැබිය යුතුයයි ඇති වන ආශාව රූපය පිළිබඳ විභව තණ්හාවයි. මේ ආකාරයටම ශබ්දය රසය ආදි කාම වස්තුන් පිළිබඳවද, තණ්හාව ඇති වෙයි. තෘෂ්ණාව විවිධ ස්වරූපයෙන් හට ගන්නා ආකාරය මේ අනුව තේරුම් ගත හැකිය.

    කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදයට ඇති කැමැත්ත නිසා ඒවා තමා සතු කර ගැනීමට පුද්ගලයා උත්සාහ කරයි. ආස්වාදය නොලැබෙන දේ බැහැර කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා හොඳ දේ මෙන්ම නරක දේ ද කරයි. ආස්වාදය ලබාදෙන අරමුණු ලබා ගැනීමට හා රැක ගැනීමට බාධක පැමිණෙන විට නරක දේ කිරීමට යොමුවෙයි. එයින් පව් රැස් කර ගනී. යහපත් දෙයක් පවා කරන්නේ වඩ වඩා කාමාස්වාදය ලැබීමේ ආශාවෙන් නම් එබඳු අයට සසරින් මිඳීමක් නැත. තෘෂ්ණාව නැවැත නැවැත දුක උපදවන හේතුව ලෙස දැක්වෙන්නේ එබැවිනි.

    තණ්හාව නිසා වර්තමාන ජීවිත කාලය තුළදීම අපි විවිධ දුක් කරදර හිරිහැරවලට භාජන වෙමු. අප දැඩි ලෙස ඇලුම් කරන දෙයක් හදිසියේ විනාශ වුවහොත් හෝ පැහැර ගනු ලැබුවහොත් හෝ අපි බලවත් දුකට කම්පාවට පත්වෙමු. එහි පි‍්‍රය විප්‍රයෝග දුක මෙන්ම සෝක දුකද ඇතුළත් වෙයි.
    විනාශ වූ හෝ පැහැරගනු ලැබූ හෝ වස්තුව කෙරෙහි කිසිම බැඳීමක් නොවූ තැනැත්තෙකුට එම වස්තු විනාශය නිසා කිසිදු දුකක් වේදනාවක් ඇති නොවෙයි. එකම වස්තුව විනාශ වු විට අයකුට දුකක් ඇතිවීමටත් අයකුට දුකක් නැති වීමටත් හේතු වූයේ කුමක්ද? පළමු තැනැත්තා තුළ අදාළ වස්තුව කෙරෙහි ආසාවක් පැවැතිණි. ඒ නිසා ඔහුට දුකක් වේදනාවක් ඇතිවිණි. එම වස්තුව පිළිබඳ ආශාවක් නොවුණු නිසා දෙවැන්නාට දුකක් වේදනාවක් ඇති නොවිණි. තෘෂ්ණාව නිසා පුද්ගලයා දුක්වලට ගොදුරුවන ආකාරය එයින් පැහැදිලි කරගත හැකිය. මේ ජීවිත කාලය තුළදිත් සාංසාරිකවත් අප දුකට භාජනය වන්නේ තණ්හාව නිසා නම් දුකින් මිඳීම සඳහා අප කළ යුතු වන්නේ තෘෂ්ණාව අනුක්‍රමයෙන් තුනීකර සම්පූර්ණයෙන් ප්‍රහීණ කරන වැඩ පිළිවෙළකට ධෛර්යයෙන් සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තව බැස ගැනීමයි. තණ්හාව පහාතබ්බ ධර්මතාවක් ලෙස දැක්වෙන්නේ එබැවිනි.
    තෙරුවන් සරණයි!


    ගන්තුනේ අස්සජි හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයයි

    මහින්දවගේ

    ###################

    වටිනා පොස්ට් එකක් මචං කාලෝචිතයි..


     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    mehema ewa dawasagane wath danawanam hodai
    7+

    ***....අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නොදෙන්න....***
    http://www.elakiri.com/forum/showthread.php?t=1660501

    “සැප ලබන්නේ පින නිසාමයි”
    http://www.elakiri.com/forum/showthread.php?t=1636057

    කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1637182

    පහන් පූජාවේ අනුසස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1635171

    *** අට මහා කුසල් ***
    http://www.elakiri.com/forum/showthread.php?t=1629622

    :yes: