තනියම~කේන්දරය~බලාගමු..!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තනියම~කේන්දරය~බලාගමු..!!!

    kendra.png


    පහත තියෙන්නෙ ඔය එක එක කො‍ටුවෙන් කියවෙන දේවල් ඒ දේවල් වල සුභ අසුභ තීරණය වෙන්නෙ ඒ ඒ කො‍ටු වල තියෙන ග්‍රහ පිහිටීම් වලට අනුවයි


    1 වන භාවය
    ලග්න භාවයයි , චරිතය , ක්‍රියාකාරීත්වය, බුද්ධිය
    , සෞඛ්‍යය, ශරීර තත්වය , ආයුෂ, දුක සැප, ජයග්‍රහනය, නින්දා ප්‍රශංශා
    ශරීර ස්ථාන වශයෙන් මුහුනේ උඩ කොටස (හිස කෙස්)



    2 වන භාවය
    කු‍ටුම්බ ස්ථානය , ධන ස්ථානය යනුවෙන්ද කියවේ ධනය , චන්චල නිශ්චල දේපල බැංකු මුදල්, ඔප්පු තිරප්පු,
    රන් රිදී මුතු මැනික් ස්වර්ණාභරන ශක්තියෙන් උපයන දේ උරුම හිමිකම් හා අයිතිවාසිකම් ණයට ගැනීම්
    ආහාර පාන වාග් ශක්තියද කියවේ.දෙවන විවාහය ගැනද කියවේ. මාරක ස්ථානයක් ලෙසද ගැනේ.
    ශරීර ස්ථාන වශයෙන්දකුණු ඇස මුහුන හා නාසයයි.



    3 වන භාවය
    වික්‍රමස්ථානයයි. වික්‍රමය ආත්මාභිමානය වීර්ය දෛර්ය චිත්ත බලය සහජ දක්ශතා දූශමාන ආරන්චි ජනප්‍රවාද
    කේලාම් ගිවිසුම් අත්සන් කිරීම් ලිපි ලේකන ගමන් බිමන් පොත් පත් ලිපි ද්‍රව්‍ය නියෝජිත තැ‍රැවුකරුවෙකුද
    ශරීර ස්ථාන වශයෙන් දකුණු කන අත් උගුර ස්නායු පද්දතිය නාඩි පද්දතියද බාල සහෝදරයන්
    හා පියාගේ මාරක ගැනද කියවේ



    4 වන භාවය
    හෘද ස්ථානය වශයෙන් ජීවිත රහස් ජය පරාජෞඅ පලදීම් පදිංචිය වාසස්ථාන නිවාස ඉඩකඩම් යානවහාන
    ප්‍රවේනි දේපල භූමි ලාබ මැනික් ලාබ ගොවිතැන් ගෙවැදීම් පේන කීම වෙළඳ ව්‍යාපාර ගැන කියවේ ශරීර
    ස්ථාන වශයෙන් පපුව හිමිවන අතර මවු සහ මවු පස නෑදෑයින් ගැන කියවේ



    5 වන භාවය
    ධාරණ ශක්තිය විචක්ශණ බුද්ධිය, දුරදක්නා නුවන චිත්ත ස්වභාවය ඉගෙනීම් අත්දැකීම් සහජ බුද්ධිය
    ප්‍රීතිය සතුර තෘප්තිය ආලය ප්‍රේමට ලිංගික ආශ්‍රය ගර්භ ධාරනය ප්‍රථම පිලිසිඳගැනීම දරුවන් ලැබීමේ ශක්තිය
    භාග්‍යය සහකරු හෝසහකාරිය ව්‍යාපර සමාජ කටයුතු වල ප්‍රතිඵල තරන්ඟ විභාග ප්‍රෙහෙලිකා ක්‍රීඩා සූදු ලොත‍රැයි
    රේස් ඔට්‍ටු රහස් කටයුතු ණය ගැනීම් ආපසු ගෙවීම් බඩ පෙකනිය ගැනද දරුවන් ගැනද කියවේ.



    6 වන භාවය
    රෝගස්ථානය සතුරු ස්ථානය වශයෙන්ද ලෙඩ රෝග කෑම නිසා ඇතිවන රෝග ඇස්වහ කටවහ රෝග ප්‍රතිශක්තිය
    ප්‍රසිද්ධ සතුරන්ණය තුරුස් උකසට තැබීම් සින්නවීඉන් සේවකයෝ වැඩයාරයෝ සුරතල් සතුන් යටත් නිලධාරීන් මවගේ
    සොහොයුරා මෙන්ම යටි බඩ උකුල දෙ ඇල ගැන කියවේ



    7 වන භාවය
    කලත්‍ර ස්තානය නොහොත් මංගල ස්ථානයයි මරක ස්ථානය ලෙසද ගැනේ කාමය රාගය ප්‍රජනන ශක්තිය නීත්‍යානුකූල
    විවාහය සහකරු හෝ සහකාරිය හවුල් කරු කොටස්කරු දෙවැනි පුත්‍රයා මුදල් ණයට දෙන අය දන් ලැබීම් හිඟමන්
    ලැබීම් දඩගැසීම් දික්කසාද නීඩ්ති පොරොන්දු මෙන්ම ශරීර ස්ථාන වශයෙන් ශිශ්නය යෝනිය වකුගඩු මුත්‍රාශය
    ප්‍රජනන පද්ධතිය ගැන කියවේ.


    8 වන භාවය
    හෘදස්තානය , ආයුශ මරණය මරණයේ ස්වභාවය හදිසි අනතුරු, රෝගපීඩා මල අයගෙන් අයත් වන උරුමකම්
    දේපල අන්තිම කැමතිපත්‍ර
    දෑවැද්ද මග වැටී තිබී ලැබෙන ධනය විශ්‍රාම වැ‍ටුප් හ ගුදය ගැන කියවේ.



    9 වන භාවය
    දර්ම ස්ථානය පෙර පිං බලය ආගමික භක්තිය නීතිගරුක බව වන්දනා ගමන් දේව භක්තිය පුදපූජා භාර
    හාර උසස් අධ්‍යාපනය දුර ගමන් බිමන් නව නිර්මාණ භූත බල දේව බල පොත පත රාජ්‍ය අනුග්‍රහය ප්‍රභූ
    ඇසුර පාරම්පරික දනය පෙන්වයි.පිය මුණුපුරා ගුරුවරයා ගැනද ශරීරයේ කලවා ආශ්‍රිත පෙදෙස ගැනද කියවේ.



    10 වන භාවය
    කර්මස්ථානය ‍රැකියා ක්‍රියාකාරීත්වය තනතුරු ලාභ නිලතල ගෞරව සම්මාන ජනප්‍රසාදය උසස්වීම් නම්බුනාම
    පිය උරුමය ස්වාදීන වෙලඳ ව්‍යාපාර ගැනද දනහිස් හා පාද දෙක අයත් වේ.



    11 වන භාවය
    ධන අයස්ථාන ප්‍රාර්තනා ඉ‍ටුවීම ශුද්ද ඉතිරිය ණය මුදල් බැංකු පොලී ආලය දරුඵල ආදායම වැඩිමහල් සොහොයුරාඅ
    සොහොයුරිය මෙන්ම මිත්‍රයන් පෙන්වන අතර වලලුකර විලුඹ ශරීඉරයේ හිමි තැන් වේ



    12 වන භාවය
    වැයස්ථානය වැයවීම් නැතිවීම් විනාශවීම් පාඩුව අලාභය ‍රැවටීම වෙන්වීම හීනමානය සබකෝලය දිලිඳු බව
    හිංසා පීඩ්ඩුඅ කූට උපාය හුදකලාව රහස් කුමන්න්ත්‍රණ රහස් ආලය මිනී මැරුම් සියදිවි නසා ගැනීම් ගමෙන් රටෙන් පිටවීම්
    චිත්ත වේදනා විවාහ බිඳවැටීම් සල්ලාල කම සංචාර වැටීම් තුවාල වීම් රෝහල් ගතවීම් බන්දනාගර ගතවීම්
    ගැනද කියවේ.


    ------------------------------- :yes::yes::yes: ----------------------------
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හතේ කුජ හිටියොත් සොරිද?

    නැහැ ඒක ලග්නෙට අනුව වෙනස් වෙනවා....
    *බොහෝ විට කරදරයක් වෙන එකක් නැහැ ඒත් අපි බලමු පස්සෙ මම එහෙම බලන හැටිත් පොස්ට් කරන් නම්
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    oka witharak wedak naa neda ? grahayo tikath demmanam thamai honda :D

    ග්‍රහයො එක්ක දාන්නම් පස්සෙ
    ග්‍රහයො සෙට් එක X ලග්න 12 ගානක් ටයිප් කරන්නෙපැයි බන්
    මගෙ අතින්ම හික්ස්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැහැ ඒක ලග්නෙට අනුව වෙනස් වෙනවා....
    *බොහෝ විට කරදරයක් වෙන එකක් නැහැ ඒත් අපි බලමු පස්සෙ මම එහෙම බලන හැටිත් පොස්ට් කරන් නම්

    එල එල..රෙප් ඇඩඩ්..
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    නියම වැඩක් මචන්!:yes::yes:
    දිගටම කරගෙන යන්න.;):yes::yes::cool::cool:
    ලග්නෙ බලාගන්න හැටිත් කියල දීපන්! හොද කොල්ලනෙ;);):D

    උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ!!!:):)