තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න කාලයයි මේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල බෙදීම්.. කොරෝනා පාලනය අවුල් ජාලාවක් වෙයි..

    June 18, 2021 at 10:02 pm | lanka C news
    අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර බෙදීම් ඇතිවී තිබෙන බවත් ඒ නිසා මෙරට කොරෝනා වෛරසය පාලනයට බාධාවක් වී ඇති බවත් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

    රට ඉදිරියට නොයන ප්‍රධානම හේතුව ද මෙම බෙදීම බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර ද විවිධ ප්‍රශ්න තිබෙන බවත් ඔහු කියා සිටියේය.

    වසංගතයෙන් ජනතාව මිය යන බවද සමහර අයට අමතක වී තිබෙන්නේ තිබෙන බවද පැවසූ ඔහු මෙම අවදානම් සහගත අවස්ථාවේ පෞද්ගලික ගැටලු පසෙකට දමා රට ගැන සිතා වැඩ කළ යුතුව ඇතැයි ද ඔහු පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය කටයුතු නිවැරදිව හා කාර්යක්ෂමව කිරීමට නම් වේගයෙන් දත්ත හුවමාරු කර ගැනීම අවශ්‍ය බවත් ඒවා ප්‍රමාදයකින් තොරව සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

    එසේ නොවන්නේ නම් පාසල් විවෘත කිරීම වැනි කරුණු ගැන සිතීමටවත් නොහැකි බව ද වසූ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව ජනතාව හැසිරෙන ආකාරයද වැරදි බවත් හදිසියේවත් රට විවෘත කළහොත් එළියට බැසීමට හැමෝම බලාගෙන සිටින බවත් සදහන් කරයි.

    බටහිර රටවල ජනතාව මෙවන් අවස්ථාවක මීට වඩා විනයානුකූලව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා මෙරට ජනතාවට යමක් පැහැදිලිව පැවසුවේ නැත්නම් කුමක්දැයි කියා සිතාමතා තීරණ ගන්නා ස්වරූපය අඩු බව ද කියා සිටියේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක එහෙමනෙ, මේ තෙර්ඩ් එක දාපු එකා උනත් කොරෝනාවට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකන්නෙ බලන් ඉන්නෙ, එහෙම හිතන පිරිසක් සමජයේ ඉද්දි කොහොමද කොරෝනා පාලනය කරන්නෙ..
     
    • Dislike
    Reactions: Mr.Doo and UB9002

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හැගීම් ආශා වලට මුල්තැන නොදී බුද්ධිමත් විදියට කවුරු කවුරුත් වැඩ කරේ නැත්නම් අඩන්න වෙන දවස වැඩි ඈතක නොවෙයි. ආත්මාර්ථකාමී වෙලා වැඩ කරොත් තමන්ගෙ සමීපතමයන් ඔබලාගෙන් ඉක්මන්ට සමුගනී.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක එහෙමනෙ, මේ තෙර්ඩ් එක දාපු එකා උනත් කොරෝනාවට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකන්නෙ බලන් ඉන්නෙ, එහෙම හිතන පිරිසක් සමජයේ ඉද්දි කොහොමද කොරෝනා පාලනය කරන්නෙ..
    විරුද්ධවාදීන්ගෙන් එහෙම තත්වයක් තියෙනවනම් නන්දෙ මීට වඩා හිතල කටයුතු කරන්න තියෙන්නෙ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අත්තාහි අත්තනෝ නාථෝ - කෝ හි නාථො පරෝ සියා
    අත්තනා’ ව සුදන්තේන - නාථං ලභති දුල්ලභං

    තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දමණය කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය, යනු මේ ගාථාවේ අර්ථයයි.

    තමාව දමනය කරගන්න, මොකක් හරි රෙස්ට්‍රික්ශන් එකක් දැම්මම ඒකට වංගුවක් දාලා, හූ හූ කියල පස්සෙ අපි ඉවරයි කියල කෑ ගහල මේක කරගන්න වෙන්නෙ නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Ehenan mokatada hutto tax gewala anduwak tiyan inne? Ehenan tax tika apahu apita refund karanna kiyapan