සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල බෙදීම්.. කොරෝනා පාලනය අවුල් ජාලාවක් වෙයි..
June 18, 2021 at 10:02 pm | lanka C newsඅද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර බෙදීම් ඇතිවී තිබෙන බවත් ඒ නිසා මෙරට කොරෝනා වෛරසය පාලනයට බාධාවක් වී ඇති බවත් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.
රට ඉදිරියට නොයන ප්‍රධානම හේතුව ද මෙම බෙදීම බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර ද විවිධ ප්‍රශ්න තිබෙන බවත් ඔහු කියා සිටියේය.
වසංගතයෙන් ජනතාව මිය යන බවද සමහර අයට අමතක වී තිබෙන්නේ තිබෙන බවද පැවසූ ඔහු මෙම අවදානම් සහගත අවස්ථාවේ පෞද්ගලික ගැටලු පසෙකට දමා රට ගැන සිතා වැඩ කළ යුතුව ඇතැයි ද ඔහු පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය කටයුතු නිවැරදිව හා කාර්යක්ෂමව කිරීමට නම් වේගයෙන් දත්ත හුවමාරු කර ගැනීම අවශ්‍ය බවත් ඒවා ප්‍රමාදයකින් තොරව සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
එසේ නොවන්නේ නම් පාසල් විවෘත කිරීම වැනි කරුණු ගැන සිතීමටවත් නොහැකි බව ද වසූ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව ජනතාව හැසිරෙන ආකාරයද වැරදි බවත් හදිසියේවත් රට විවෘත කළහොත් එළියට බැසීමට හැමෝම බලාගෙන සිටින බවත් සදහන් කරයි.
බටහිර රටවල ජනතාව මෙවන් අවස්ථාවක මීට වඩා විනයානුකූලව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා මෙරට ජනතාවට යමක් පැහැදිලිව පැවසුවේ නැත්නම් කුමක්දැයි කියා සිතාමතා තීරණ ගන්නා ස්වරූපය අඩු බව ද කියා සිටියේය.