තමන්ගේ කෙල්ල ගැන
මචන්ලා,
අපි දෙන්න යාලු වෙලා දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. ඒ දවස්වල දවල් රෑ හීන දැකලා පස්සෙන් ගිහින් සෑහෙන්න කට්ටක් කාල එයාගෙන් කැමැත්ත ඇහුවේ. එයත් මුලින් අකමැති වෙලා පස්සේ කැමති වුණා. දැන් අපි දෙන්න යාලු වෙලා අවුරුදු 2ක් වගේ.
වැඩේ තියෙන්නේ බන් දැන් මට ඉස්සර වගේ කෙල්ල ගැන ෆීලින් එකක් නැහැනේ බන්. එයා ලස්සනයි. ඒ වුනාට අනිත් කෙල්ලෝ ඔක්කොම එයාට වඩා ලස්සනයි කියලා හිතෙනවා. වෙන කෙල්ලෙක් එක්ක පොඩි ජෝක් එකක් කලත් ඒක ලොකුවට ෆීල් වෙනවා. ඒත් මගේම කෙල්ල එක්ක දවසම ගත කලත් ඒක ඒකාකාරී දෙයක් වගේ දැනෙන්නේ. මුලින් එයා මට අකමැති වුනාට දැන් නම් පන ඇරලා මට ආදරෙයි.
ඒත් බන් මට දැන් එයා ගැන ඉස්සර හිතේ තිබ්බ ආකර්ෂණය නැති වෙලා ගිහින්. මේක උඹලටත් එහෙමද? නැත්නම් මම එයාට ආදරේ නැති නිසාද? මේක මගේ හිතට පුදුම විදියට වද දෙන ප්‍රශ්නයක් බන්. ඒ දවස්වල අපේ ගමේ හිටියා කෙල්ලෙක් මාත් එක්ක ගොඩක් හිතවත් වෙච්ච. ඒත් එයාට වඩා සිය ගුණයක් මගේ කෙල්ල හොඳයි කියලා ඒ කාලේ දැනුනේ. ඒත් දැන් ඒ කෙල්ලත් එක්ක වචනයක් කතා කලත් ආස හිතෙනවා. මගේ කෙල්ල එක්ක එහෙම දැනෙන්නේ නෑ.