තමන් කවුද කියලා අවබෝධ කර ගන්න

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මට ලැබුණ අත්දැකීමක් කියන්න යන්නේ. ගන්න දෙයක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගන්න...

    Extrovert - මම දන්න විදියට සරලව කිව්වොත් , කට්ටිය එක්ක සෙට් වෙලා වැඩ කරන්න ආස කට්ටිය, මෙයාලට තනියම වැඩ කරන්න ගියාම ඔපා වෙනවා. තනියම ඉන්න ගියාම අවුල්. මෙයාලට තමන් වැඩක් කරන්න ගියාම තමන්ගේ ශක්තිය හොදට ලැබෙනවා තව කට්ටිය සෙට් එක එක කරද්දි..

    Introvert - මෙයාල කැමති තමන්ගේ පාඩුවේ තනියම වැඩක් කරන් ඉන්න. මෙයාල කට්ටිය එක්ක වැඩ කරන්න ගියාම අවුල්. තමන්ගේ ශක්තිය අඩු වෙනවා. ගෙදරට කට්ටිය ක් ආවත් ගියාම තමා හිතට නිදහසක් දැනෙන්නෙ. මෙයාල කැමති තනියම නිදහසේ ඉන්න.

    මේ දෙකට අමතරව මේ ලක්ෂණ දෙකම පිහිටන Ambivert කියන අයත් ඉන්නවා..

    මේ සාමාන්‍ය ජාන වලින් එන්න පුලුවන් මොලයේ සිදුවන දෙයක්.

    ගොඩක් වෙලාවට extrovert කෙනෙක් introvert කෙනෙක් තනියම ඉන්නවා දැක්කම හිතෙන්නේ එයාගේ අඩුපාඩුවක් කියලා.
    Introvert කෙනෙක් extrovert කෙනෙක් දකින්නේ පිස්සු ද මන්දා කල්ලි ගැහිලා පිස්සු නටන්නේ නිදහසේ ඉන්න බැරිද මන්ද කියලා.

    හැම කෙනාම හිතන්නේ තමන් තමා හරි තමන් හොදයි කියලා. අනිත් කෙනත් තමන් ඉන්න විදියට වෙනස් උනා නම් තමා හරි කියලා.

    මේ දෙපැත්තේ ඉන්න දෙගොල්ලො තමා තමන්ගේ කැමැත්ත නැති තැනක වැඩ කරද්දී දැනෙන අපහසුතාව දන්නෙ.

    ඇන් මම ගැන කියන්නම්... මම introvert කෙනෙක්. තනියම ඉන්න ආස, වැඩි කතාවක් නැති කෙනෙක්.. නමුත් මගේ තාත්තා සහ තාත්තගේ පැත්තෙ අය extrovert අය. ඉතිං ඒ අය එක්ක හිටිය උනත් මට නම් වෙනස් වෙන්න බැරි උනා. කර්මය තමා මගෙත්. මොකද නොගැලපෙන අය එකතු උනාම ඔලුවට මාර කරදරයක්. මොකක් නිසා හරි මට ඒක විදින්න උනා..

    ඒ අය social extrovert අය නිසා එයාල මගේ තත්වය තේරුම් ගන්න බෑ. එයාල කිව්වේ මම, කුලෑටි, මුඛරිකමක් නැති, ලැල්ජකාරයෙක් කියලා..

    ඉතිං මමත් ඔලුවට දාගෙන හිටියේ මම අඩුපාඩුවක් තියෙන එකෙක් කියලා.
    ඉතින් මම හිතලම ඒ අඩුපාඩු හදා ගන්න කියල අකමැත්තෙන් කට්ටිය ඉන්න සෙට් වල ගිහින් ඉන්නවා. මම වැඩි කතාවක් නැති හින්දා බයිට් වෙලා එපාම වෙච්ච වෙලාවල් තියෙනවා...

    ඉතිං එහෙම වැඩ කරද්දී මට ඇත්තටම අප්‍රසන්නයි. කරන වැඩත් ඔහේ කලා. ගෙදර අයත් කියවන නිසා යාලුවො ආශ්‍රයට ගිහින් හිත් රිද්ද ගත්ත සිද්ධි නම් ගොඩයි. මම දෙයක් කිව්වොත් බොක්කෙන් උදව් කරන කෙනෙක් නිසා තමා එහෙම වෙන්නත් ඇත්තේ.

    උසස්පෙළ කාලෙත් ඔහේ ගෙවිලා ගියා.. මට මේහෙම දෙයක් කියන්න හිතුනෙ මේ දවල් වල ඔන්ලයින් පන්ති තනියම ළමයි කරනවා දැකල.
    ඇත්තටම මටත් ඒ කාලේ තනියම ඉගෙනගන්න තිබුණා නම් ගොඩක් හොද ප්‍රථිපලයක් ගන්න තිබ්බ කියල හිතුන නිසා.

    මමත් ඒ දවස් වල මේ introvert , extrovert කතා දැනගෙන හිටියේ නෑ. දැනන් හිටියා නම් මම වෙනස් වෙන්න යන්නේ නෑ. මම මම ම වෙනවා එහෙනම්.. එහෙම උනා නම් මට මගේ දක්ෂතා වැඩිදියුණු කරගන්න පුලුවන් කියලා හිතුනා...

    මට මේක බලන අයට කියන්න තියෙන්නේ.. තමන් තමන්ම වෙන්න. වෙන කෙනෙක් අනුකරණය කරන්න එපා. එහෙම උනොත් අසාර්ථක වෙන්න පුලුවන්. අපි හැමෝම වෙනස්. හරියට අතේ ඇගිලි වගේ..

    විශේෂයෙන් ඉගෙනගන්න introvert අයට කියන්නේ, ඔයාල වෙනස් වෙන්න හදන්න එපා. තමන්ට පහසු විදිහට හොදටම වැඩ කරන්න. අනිත් උන් මොනා හිතුවත් කමක් නෑ. ඉගෙනගෙන කාලේ පිස්සු නටන උන් ඉස්කෝලෙ ඉවර උන ගමන් හොයන්න නැති වෙනවා. ඒ නිසා තමන් වෙන්න. ඒ නිසා හොදට තමන්ගේ වැඩ කරන් යන්න...

    ඔයාලට දෙයක් ගන්න පුලුවන් නම් ගන්න. දන්න දෙයක් තියෙනවා නම් කියල යන්න. මේ ගැන විස්තර ඕන නම් YouTube සර්ච් කරල බලන්න නොදන්න අය.
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මේක ඇත්ත බලෙන් එල්ලීගෙන යන්න ඕනෙ නෑ නොගැලපෙන උන් එක්ක
    ඔව් මචන්. තමන් තමන් වෙන්න ඕන . එහෙම නොගැලපෙන උන් එක්ක ගැටෙන්න ගියා ම හිත් රිද්දගන්න වෙන්නෙ
    good article bro
    Thank you bro
    ☺️
    ☺️
    Good article
    Thank you bro
    Good post
    Thank you bro
    ☺️
    Matath epa wenwa extrovert un ekka inna gyama
    නොගැලපෙන අය එක්ක ගැටෙන්න යන්න එපා. නිකන් හිත් රිද්දන්න එපා. තමන්ගේ පාඩුවේ හොදටම වැඩ ටික කරගන්න
    ☺️
    ☺️
    ☺️
     
    • Like
    Reactions: ExamHe

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Mamath kamathi naha kattiya ekka inna.
    Eth campus eke group work wage nisa
    Dan mama tikak wenas wela.
    Mama hitanne introverted gatiya ekka mata social phobia thibuna.
    Dan social phobia maga arila
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    හොයාගන්න බැරිව ඉන්න අයට. මේකෙ 16ක් තියෙනව.


    https://www.16personalities.com/free-personality-test


    @rithik_putha උඹ කියන කතාව ඇත්ත මචං. මිනිස්සු ඔක ඩැනගත්තොත් ගොඩක් දේවල් වෙනස් කරගනිය්.


    මම නම් ඉස්සර ඉදලම හයිබ්‍රිඩ් (y)

    UP!!
     

    Sen-lu

    Well-known member
  • introvert අයට විශේෂයෙන්ම කොල්ලොන්ට සමාජයෙන් ලොකු බලපෑමක් එනව.

    මගෙ අයියත් introvert කෙනෙක්. අපේ අම්මලාම ඒ දවස් වල කට්ටියට කියනවා මේ අපේ කෙල්ලනෙ වැඩි කතා බහක් නැ ලැජ්ජාකාරයා කියල. මම දැකල තියෙනව පොර එතකොට මාර විදිහට අවුල් යනව. අනිවාර්යයෙන්ම දෙමාපියන්ට ලමයි හදන්න කාලින් Child psychology ටිකක් උගන්වන්න ඕන. නැත්නම් එයාල නොදැන ලමයින්ට ලොකු හානියක් කරන්න පුළුවන්.