> ගජමෑන් යනු ලංකාවේ පළමු 3D චිත්‍රපටයයි.
> අධික වියදමක් දරා තැනූ මේ චිත්‍රපටය ඒ ආකාරයෙන්ම ආදායම් ඉපදවීමටද සමත්ව තිබේ.
> පළමු දින 25 තුළ එහි ආදායම ලක්ෂ 2500 ඉක්මවා ගිය අතර, පිට පිට දින තුනක් එහි දිනක ආදායම කෝටිය ඉක්මවා ඇත.
> මෙය අඩුම කාලයක් තුළ වැඩිම ආදායමක් ඉපයූ සිංහල චිත්‍රපටය බවට පත්වී ඇත්තේ ඒ අනුවය.
> කසිකබල් සිනමා පඩංගු, බාල ඉන්දියානු කොපි, ඊනියා සම්භාව්‍ය ලේබල් අලවාගත් සමාජ වෛරක්කාරයන්ගේ මනෝ විකාරවලින් හෙම්බත් වී, හතරගාතෙන් ඇද වැටී සිටින සිංහල සිනමාවට ගජමෑන්ගේ ආගමනය මහත් ආස්වාදයකි.
> එහෙත් ලැජ්ජා සහගත ඛේදවාචකය වන්නේ හොරු ඇල්ලීමට රටම අරගල කරන සමයක, මේ චිත්‍රපටය සොරාගෙන අන්තර්ජාලයට මුදාහැරීමටත්, දහස් ගණනින් ඩවුන්ලෝඩ් කරගෙන එය නැරඹීමටත් රෝන්ග් ජෙනරේෂන් දරුවෝ උජාරුවෙන් පෙළ ගැසීමය.
> මගෝඩිස් යනු ගජමෑන් කාටූනයේ එන දූෂිත දේශපාලනඥයාය.
> එහෙත් අප බොහෝ දෙනෙක් තුළ පහසුවෙන් ඉස්මතු විය හැකි මගෝඩිස් කෙනෙකු ජීවත් වන බව ගජමෑන්ට අත්වූ ඉරණමෙන් අපට මනාව පැහැදිලි වෙයි.
> රට පාලනය කරන මගෝඩිස්ලා පැරදවීම සාර්ථක කර ගැනීමට නම් පළමුව තම තමන් තුළ ජීවත් වන මගෝඩිස්ලා පරාජය කළ යුතු නොවේද?
අනාගතය අපි තරුණ ව්‍යාපාරය

hall giye nathi eka loku deyak kyala hithuna