අප මේ දකින්නේ කුමක්ද?තෙවන ලෝකයේ රටවල් වලට අවේනික දේශපාලන පරිනතභාවය හෝ අවබෝදයේ තරමද?දසතෙන් ඇසෙන රතින්න්ඤා ශබ්දය අපට කියන්නේ එයද?ගැලරිය සතුටුය..!!!!!.ඔවුන් ඉන්නේ ඔවුන්ගේම භාෂාවෙන් කියතොත් "පට්ට" ආතල් එකකය.
සිදුව ඇත්තේ කුමක්ද? යන්තමින් හෝ දේශපාලන අවබෝධයක් ඇති අයෙකුට සිදුව ඇත්තේ කුමක්ද ? සිදුවීමට යන්නේ කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයක් නොවේ.මන්ද යත් දසක ගණනාවක් ගැලරිය සතුටු කල ඔවුන්ගේ ජාතිමාමකත්වය නිර්ධය ලෙස අපයෝජනයට පත්කළ ,සහාසික ලෙස දුෂණයට පත්කළ කපටි මජර දේශපාලකයින්ගේ ඉදිරි පියවරවල් පිළිබඳව මනා අවබෝධයන් ඔවුනට ඇති බැවිනි.
රට දිනෙන් දින වලපල්ලට යවමින් එය විනාශයේ අගාධයට යමින් සංහිදියාව මුවාවෙන් ජාතිකත්වයට සංකෘතියට කෙලවවමින් සිටින වත්මන් දේශපාලන බලකදවුර පිළිබඳව ගැලරියේ සහ සමස්ථයේ අප්‍රසාදය නැතිකිරීමට කුමන දේ සිදුකලත් ප්‍රතිපලයතක් නොමැති බව පැහැදිලිය.උගත් දේශපාලන චරිතයන් ඉල්ලන උන්ගේ කදවුර(ගැලරිය ඇතුළුව) O/level වත් පාස් නැති අපේක්ෂකයින් ඉල්ලීමද කදිම විහිලුවකි.එය දේශපාලන බංකොලොත් බවයි.
කෙසේවෙතත් පසුගියදා සිදු වූ අතිමහත් ලෙස ගැලරිය සතුටු වූ අසනන්තම සිදුවීම නැවත සලකා බලමු.
වර්තමානයේ කිසිදු දේශපාලන බල කදවුරකට මැතිවරණය සදහා ඉදිරිපත් කිරීමට ආකර්ශනීය චරිතයන් ඇතුලතින් නොමැති බව පැහැදිලිය.එවන් පසුබිමක සියලුදෙනා දේශපාලනික වශයෙන් උග්‍ර අභ්‍යන්තර ගැටලුවකට මුහුණ දී සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රෙගුලාසිවලට ප්‍රකාරව සමහර දේශපානන චරිත වලට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිය.තවත් සමහරෙකුට ඇමෙරිකානු පුරවැසිභාවය පිලිබඳ ගැටළු ඇත.
එහෙත් ගැලරියේ චිත්ත ශක්තිය විනාශකර දැමීමට කිසිම දේශපාලන බලකදවුරක් කැමති නැත.එය නාමයෝජනා කැදවන තුරු රැකගත යුතුය.එය පොදු දෙයකි.නාමයෝජනා කැඳවන විට මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු 50% හෝ 60% නිමකර තැබීම ඉතා වාසි සහගතය.
ගැලරිය තේරුම් ගත යුතු එක දෙයක් ඇත.නාමයෝජනා කැඳවන විට නෛතික තත්වයන් විමර්ශනයට ලක්කිරීම සිදුකරනු ලබයි.විරෝධතා ගොනුකිරීමට ඇති හැකියාව ඕනෑම බලකදවුරකට ඇති අවස්ථාවකි.කිසිවෙක් මෙම අවස්ථාව භාවිතා නොකර සිටී වී යැයි උපකල්පනයක සිටීම විහිළුවකි.එවැනි අවස්ථාවක වෙනත් රටක පුරවැසිභාවය මැතිවරණ කොමිසමේ අභියෝගයට ලක්වීම කිසිවෙකුට වැලැක්විය නොහැක.මෙම අවස්ථාව වනවිට මැතිවරණයේ ප්‍රචාරණය (දේශපාලන බලකඳවුරු වල) උපරිම තලයකට ගෙන එනු ඇත.
එවන් පසුබිමක මජර දේශපාලකයින් විසින් තම දේශපාලන ජීවිතය තුල ඊට හුරුපුරුදු සටකපට තීන්දු ගනු ඇත.ගැලරිය මහත් අමන්දානන්දයෙන් සිටින පසුගියදා සිදු වූ සිදුවීම මට අනුව නංගි පෙන්වා අක්කා දීග දීමකි.එක අතකට අදාල දේශපාලන බලකදවුරට වෙනත් විකල්පයක් මේ මොහොතේ නැත.පුරවැසිභාවය වැනි නීති රෙගුලාසි හරස්වුවද ගැලරිය සතුටු කිරීම සදහා අපේක්ෂකයා නම්කර ඇතිබවක් පෙනේ.
කිසිම දේශපාලන බලකදවුරක් මැතිවරණය ආරම්භයේදීම තම අපේක්ෂකයාට ඇති නීතිමය බාධාව හෙලිකිරිමය කැමති නොවේ.එය ගැලරියේ පසුගාමිත්වයට හේතු විය හැකි ප්‍රබල තත්වයකි.ඉදිරියේදී මේ සියල්ල සිදුවන අතරතුර අක්කා සභයට පැමිණෙනු ඇත.ඔහුට කිසිම නීතිමය බාධාවක් නොවෙනු ඇත.එතෙක් ගැලරිය ජයඝෝෂා නගමින් සිනි 250g, පාන් රාත්තල ගැනීමට ඇති මුදල් වලින් කිබුලපිටියේ රතිඤඤ පත්තුකරමින් ලෙඩට දුකට උපකාරයට සිටින අසල්වාසීන් සමග මරාගනිමින් සතුටින් සිටිය හැකිය.