තරගෙට රට වැනසූ UNP + JVP
1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.
නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.
සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.
ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.
ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා
තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)
ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.
එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.
ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.
ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.
ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.
රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.
මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.
පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.
ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.
ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.
ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.
මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්
එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.
මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.
එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?