තරඟාවලියට සුදානම්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    තරඟාවලියට සුදානම්

    133380.jpg


    අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේ සංචාරය කොට ඇත්තේ 2006 වසරේදීය. එම තරගාලියේදී කණ්ඩායම් ද්විත්වයම තරගය බැගින් ජය ගෙන සම ජයක් ලබන්නට සමත් විය. වසර පහකට පසුව එංගලන්තයේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය සංචාරය ඉතා වැදගත් එකකි. මන්ද මෙම තරගාවලියේ තීරණයට වත්මන් ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයට බලපෑමක් කල හැකි හෙයිනි. දැනට ටෙස්ට් වර්ගීකරණයේ එංගලන්ත කණ්ඩායමට පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ටෙස්ට් තරගාවලිය ජයගත හැකි වුවහොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි වේ.


    තරගාවලියට ප්‍රථම පුහුණු තරග දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග දෙකම ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් පසුවේ. එය ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත. මෙම පහුණු තරගයන් දෙකෙහිම කැපිපෙනෙන ලක්ෂණය වුයේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අඩුවයි. එහෙත් රංගන හේරත් අජන්ත මෙන්ඩිස් මෙන්ම දෙවැනි පුහුණු තරගයට සහභාගී වූ සුරාජ් රන්දිව් ද කැපිපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. දෙවැනි පුහුණු තරගයේදී කණ්ඩායමට එක් වූ සුරාජ් රන්දිව් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් වීමද කැපිපෙනුනි. එහි දී රන්දිව් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 76ක් ද දවැනි ඉනිමේදී ලකුණු 29ක් ද ලබා ගැනීමට සමත් විය.


    කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන දිල්හාර ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් ආබාධයන්ට ලක්ව ඇත. මොවුන් දෙදෙනාම පුහුණු තරගයන් හිදී සාර්ථක වූ පන්දු යවන්නන් හෙයින් මොවුන් අහිමි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.


    එංගලන්ත, ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මැයි 26 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන ටෙස්ට් තරගය ජුනි මස 02 දින ලන්ඩන් නුවර සුප්‍රකට ලෝඩ්ස් පිටියේ පැවැත්වීමට නියමිතය.තරගාවලියේ තෙවන හා අවසාන ටෙස්ට් තරගය ජුනි 16 දින සවුත්හැම්ෆ්ට් හි රෝස් බෝව්ල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

     
    • Like
    Reactions: AselaAsanka

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Thanks Machan Info Ekata....
    පිතිකරුවන්ට තමා ගේම දෙන්න වෙන්නේ......
    ස්තුතියි මචෝ...
    අනිවා පිතිකරුවන් අතේ තමා වැඩේ එත් දෙවනි පුහුණු තරගයේදී මෙහෙලටයි සංගේටයි වැදුනේ නෑ:no: එක තමයි අවුල
    :(:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    match 1 ada neda?keeyatada start karanne?channel eye 1 penanawada?

    match eka kiyatada yanne...............danna kenek kiyandoooooooooo
    මැච් එක අයි චැනල් එකේ පෙන්නනවා හවස 3.15ට පටන් ගන්න තිබුනේ එත් වැස්ස නිසා තවම පටන් ගත්තේ නෑ:no: