තරහ යනවනං අනිවාර්යෙන්ම කියවන්න.
❤
ගෞරවණීය ස්වාමීන් වහන්ස, අපි හැමෝට ම තරහා යනවා. මේ තරහා යාම පාලනය කරගන්න ක්රමයක් නැද්ද?
මෙහෙමයි. තරහව කියන කාරණය, ද්වේශය කියන කාරණය, ව්යාපාදය කියන කාරණය අපිව දුකට දාන බොහො ම බලවත් ම අකුසල මූලයක්. තේරුණාද? ඒ බලවත් ම අකුසල් මූලය බව අපි නිරතුරුව ම දකින්න ඕන.... මම ඒකයි කිව්වේ, ලෝකයේ අපිට යමක් ලැබිලා තියෙනවා නම්, ඒ ලැබිලා තියෙන්නේ ඒ අපිට ලැබෙන්න තියෙන දේ.
ඒ නිසා කොතැනකවත් අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඔබට ස්වාමි පුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාමි පුරුෂයෙක්. ඔබට දරුවන් ලැබුණා නම් ඔබට ලැබුණේ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෝ. ඔබට අම්මා, තාත්තා කෙනෙක් ලැබුණා නම්, ඒ අම්මා තාත්තා ඔබට ලැබුණේ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා, තාත්තා කෙනෙක්. ඔබට රැකියාවක් ලැබිලා තියෙනවා නම්, ඔබට ඒ රැකියාව ලැබිලා තියෙන්නේ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන රැකියාවක්. ඔබට යම් සමාජ තත්ත්වයක් ලැබිලා තිබෙනවා නම් ඒ සමාජ තත්ත්වය ඔබේ සංස්කාරයන්ට ගැළපෙන සමාජ තත්වයක්.
එහෙනම් කොතැනක වත් මෙතන වරදක් නැහැ. කොතැනකින් වත් අපිට වරදක් වෙලා නැත්නම් සංස්කාරයන්ට අනුව සියල්ල ලැබිලා තියෙන්නේ. අපි කොතෙන්ට වත් ගැටෙන්න යන්න අවශ්යතාවයක් නැහැ. අපි දකින්න ඕන, අපිට යමෙක් ඔරවනවා නම්, අපි සංසාරයේ කාට හරි ඔරවලා ඇති. අපිට යමෙක් බනිනවා නම්, අපි සංසාරයේ කාට හරි බැනලා ඇති. එහෙම කියලා අපි ඒක ගළපගන්න දක්ෂ වෙන්න ඕන. මොකද, ඒකේ ඵලය තමයි අපිට මේ ජීවිතයේදි ලැබෙන්නේ.
සමහරු ඉන්නවා, එයා යන යන තැන බැනුම් අහනවා. ඒ එයා පෙර ජීවිතයේ වඩලා තියෙන දෙයක්. සමහරු ඉන්නවා, යන යන තැන එයාට ප්රසාදය ලැබෙනවා. ඒ පෙර ජීවිතයේ එයා මෛත්රියෙන් යුතුව කටයුතු කරලා තියෙනවා. දැන් අපිට පේනවා, මේ සමාජයේ කොච්චර නම්, ද්වේශයෙන්, කේන්තියෙන් කටයුතු කරන අය ඉන්නවද කියලා අපිට පේනවානේ. සමහර විට එයාගෙ රැකියාවෙදි වෙන්න පුළුවන්; ව්යාපාරයෙදි වෙන්න පුළුවන්. එයා ඉස්සරහට එන කෙනෙක්ව සතුටු කරන්න එයා කැමති නැහැ. ඕන තරම් හිනාවකින් හරි සතුටු කරන්න පුළුවන්. නමුත් එයා හිනාවකින් වත් තව කෙනෙක් සතුටු කරන්න කැමති නැහැ.
ඉතින් එහෙම අය කීදාහක් සමාජයේ ඉන්නවද? ඉතින් එහෙම අය ඊළඟ ජීවිතයේ මනුස්සයෙක් වුණොත් එයාට හැම තැනින් ම පීඩාවන්මයි සකස් වෙන්නේ. දකින දකින කෙනා එයාට ඔරවනවා මිසක් කවදාක්වත් හිනාවෙන්නේ නැහැ. ඒ එයාගෙ අකුසල් විපාකය.
ඒ නිසා ද්වේශය කියන්නේ ඵස්සය. ඵස්සය කියන්නේ කාරණා තුනක එකතුව. කාරණා තුන මොකක්ද? අධ්යාත්මික රූපයත්, බාහිර රූපයත්, වික්ද්ක්දාණයත්. ඒ කියන්නේ, ඇසත්, අකමැති රූපයත්, වික්ද්ක්දාණයත් එකතු වෙනවා; ඵස්සය කණත්, අකමැති ශබ්දයත්, වික්ද්ක්දාණයත් එකතු වෙනවා. ඵස්සය මනසත්, අකමැති සිතිවිල්ලත්, වික්ද්ක්දාණයත් එකතු වෙනවා, ඵස්සය. මේ ඵස්සය නිත්ය වශයෙන් ගත්තු තැනදි කේන්තිය සකස් වෙනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා, “දැක්කා ය කියන තැන නවතින්න. ඇසුණා ය කියන නවතින්න. දැනුණා ය කියන තැන නවතින්න.” මට දැන් මෙතන ඉන්න කොට ඇහෙනවා, මට පිටිපස්සෙන් මට කවුරුහරි බනිනවා. බනින කෙනාත් මට දැනෙනවා. බනින වචනත් මට ඇහෙනවා. මම ඇසුණා කියන තැන නවතිනවා. ප්රශ්නයක් වෙනවද? නැහැ. ඇසුණා කියන තැන නැවතුණා. මම රූපයක් දකිනවා. එය අකමැති රූපයක්. මම දැක්කා කියන තැන නැවතුණා. ප්රශ්නයක් වෙනවද? නැහැ. සිතිවිල්ලක් දැනෙනවා. ඒ සිතිවිල්ල තරහාකාරයෙක් පිළිබඳව. නමුත් දැනුණා කියන තැනින් නවතිනවා. ප්රශ්නයක් වෙනවද? තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් කරා යන්නේ.
ඒ නිසා කේන්තියක් එන වෙලාවෙදි, අපි දැක්කා කියන තැනින් ඒක නවත්ත ගන්න; දැනුණා කියන තැනින් නවත්තගන්න; ඇසුණා කියන තැනින් නවත්තගන්න. දැන් ඊයේ ඔබ තුමියට කේන්තියක් ආවා නම්, දැන් ඒ කේන්තිය තියෙනවා ද? නැහැ. දැන් ඒ කේන්තිය ගැන කල්පනා කරද්දි ඔබ හිතන්නේ, “අනේ! අපරාදෙ මම කේන්ති ගත්තා” කියලා. එහෙනම් ඊයේ කේන්තිය ඔබට අයිති නැහැ. නමුත් කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලය විපාකය පිණිස ඔබ පිටුපස්සේ තියෙනවා.
එහෙනම් ඔබේ මුළු ජීවිත කාලයේ ම ඔබ මේ දක්වා කොච්චර කේන්තිගන්න ඇත්ද කියලා ඔබ මොහොතක් සිතන්න. ඒ කිසි ම කේන්තියක් දැන් ඔබට අයිති ද? නැහැ. කිසි ම කේන්තියක් ඔබට අයිති නැති වුණත්, ඔබ ගත්තා වූ කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලය විපාකය පිණිස ඔබට තියෙනවා. ඒ නිසා කේන්තිය අපිට අයිති නැහැ. ඒ නිසා කේන්තිය කියන්නේ ඵස්සය. ඔබට අයිති නැත්නම්, ආවා වූ කේන්තියට ආපු විදියට ම යන්න දෙන්න. එච්චරයි.
එහෙම නැත්නම්, ඔබට කේන්තිය එනවා නම් එක මොහොතක ම ඔබ තනියම හිනාවෙන්න, මොහොතක්. ඒ වගේ උපක්රමශීලීව ඔබ මේක යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕන. ඉතින් එහෙම නො දැක්කොත් අනිවාර්යයෙන් ම කේන්තිය නිසා, ද්වේශය නිසා අපි අවසානෙ මැරෙන මොහොතේ කේන්තිය හුරු කළොත්... වතුර බිංදුව, බිංදුව එකතු වෙලයි වතුර කළයක් පිරෙන්නේ. ඒ වගේ දරුවා උදෙසා කේන්ති ගත්තත් ඒ කේන්තිය අපිට තව තව ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න පුළුවන්.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ, රූපය මාරයා හැටියට දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය මාරයා හැටියට දකින්න; හිත මාරයා හැටියට දකින්න.
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ටිකට් පොතක් විකුණන්න ගෙදරකට ආවා, ළමා නිවාසෙකට ආධාරෙකට. එතකොට, ගෙදර හිටිය මහත්තයා ඒ ස්වාමීන් වහන්සේට හොඳට ම දොස් කියලා එළවගත්තා. ඔබ වහන්සේට මේවා අයිති නැහැ, මේවා වැඩක් නැහැ, සල්ලි අල්ලන්න බැහැ කියලා එළවගත්තා. එළවගෙන එතනින් නතර වුණෙත් නෑ. එයා දැන් හැම කෙනාට ම මේක කිය කිය සතුටු වෙනවා. නමුත් බලන්න එයා කියන මොහොතක් පාසා කොයි සා අකුසලයක් ද සිද්ධ කරගන්නෙ කියලා.
නමුත් ස්වාමීන් වහන්සේ වැරැද්දක් කරන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාසාය කණ්ඨක කියන කෙනාටත් සාංඝික කරලා දන් දෙන්න කියලා. එහෙනම් වර්තමානයේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරදි කළා කියලා අපි ඒක අදාළ කරගත යුතු නැහැ. ඒ කරන වැරදි ඒගොල්ලෝ අරගෙන යයි. තේරුණාද?
එතකොට, අර මහත්තයා දැන් මේක කිය කිය බනිනවා. නමුත් ඇයි එයා ඒ බැනලා අකුසල් සිද්ධ කරගන්නේ? එයා ඒ රූපය මාරයා හැටියට දැක්කද? නැහැ. එයා රූපය මාරයා හැටියට දැක්කා නම් එයා මොකද කරන්නේ?
“හොඳයි හාමුදුරුවනේ, මෙන්න ටිකට් එකක් මට දෙන්න” කියලා ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් ගන්න සල්ලි නැත්නම්, “අනේ හාමුදුරුවනේ, මගෙ ළඟ සල්ලි නැහැ. මේ වෙලාවේ කරන්න බෑ.” නැත්නම්, රුපියල් 10 නම් තියෙන්නේ රුපියල් 10 දෙනවා. ප්රශ්නයක් වෙනවද? නැහැ. ඇයි දැන් වුණේ මොකද, එයා රූපය මාරයා හැටියට දැක්කේ නැහැ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා, රූපය මාරයා හැටියට දකින්න. ඔබ ඉදිරියට කවුරු ආවත් ඒ එන්නේ මාරයා කියලා දකින්න. ඒ එන්නේ මාරයා කියලා දැක්කා නම් එයා නිසා ඔබ අකුසල් කරගන්නේ නැහැ. මොකද, ඔබ දන්නවා, මේ එන්නේ මට අකුසලයක් සිද්ධ කරන්න කියලා. සිතිවිල්ලක් සකස් වෙනකොට ඒ සිත මාරයා හැටියට දකින්න. මොකද, ඒක ලෝභ, ද්වේශ, මෝහ සිතිවිල්ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝභ, ද්වේශ, මෝහ සිතිවිල්ල මාරයා හැටියට දැක්කොත් ඔබ තුළින් ඒ අකුසල් මූලයන් ක්රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේශය සකස්වෙන කොට ම ඒක මාරයා හැටියට දකින්න. මොකද, ඔබව අකුසලය කරායි අරන් යන්නේ.
ද්වේශය අයිති යක්ෂ ලෝකයට. අපේ හාමුදුරුවෝ නමක් දකිනවා, එක් යක්ෂණියක් ගසක ඉන්නවා. ඒ යක්ෂණියගේ මුහුණ රතු ම රතු පාටයි; ලේරතු පාටයි; ලේ පාටයි. මේ ඇස් එළියට පැනලා, ගොබ වගේ රතූ පාටයි. මේ ඉස්සරහා දත් දෙක ම දළක් වෙලා තියෙනවා. දත් දෙක ම දළක් බවට පත්වෙලා. දළ දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මේ යක්ෂණිය දැක්කහම පුපුරනවා එයා. ඒ ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ හිතුණේ මේ මූණ පුපුරලා යයි කියලා. ඇයි ඒ තරම් ද්වේශය? ඇයි? පෙර ජීවිතයේ ද්වේශයෙන් මැරිලා.
ඒ නිසා ද්වේශය සකස් කරගෙන අපි මැරෙන වෙලාවේ හරි අපට ද්වේශයක් සකස් වෙන්න පුලුවන්. දැන් අශෝක අධිරාජ්යයාට එකපාරට ද්වේශයක් සකස් වෙනවා. ද්වේශයක් සකස් වෙලා, එයා පල්ලෙහා තැනක උත්පත්තිය ලබන්නේ. ඒ නිසා කොච්චර පින් කළත් අපි සෝවාන් ඵලයට පත්වෙලා නැත්නම්, මැරෙන වෙලාවේ අවසානයේ සකස් වෙන්නා වූ පරිසරය මත අපිට ද්වේශය සකස් වෙන්න පුළුවන්.
දැන් අපි ඉස්පිරිතාලෙ ලෙඩ ඇඳේ ඉන්නවා. හොඳට ම අසාධ්යයි. දැන් මැරෙන්න යන්නේ. නමුත් දොස්තර මහත්තයා දන්නෙ නැහැ. දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. නමුත් වේදනාව නිසා ම එකපාරට දොස්තර මහත්තයා කෙරෙහි කේන්තිය සකස් කරගන්න කොට ම මැරෙනවා. අපරාදෙ සතර අපායෙ.
මැරෙන වෙලාවේ කවුරු හරි උපස්ථානය කරනවා. උපස්ථාන කරනකොට, එහාට මෙහාට පෙරළන කොට ඔන්න කේන්තියක් එනවා. මොකද, කේන්තිය පුහුණු කළානේ. කේන්තියත් එක්ක ම මැරුණොත් සතර අපායේ.
ඒ නිසා ද්වේශය කියන දේ භයානක දෙයක්. පුංචි පුංචි වතුර බිංදුවෙන් බිංදුව එකතු වෙලා තමයි කළයක් පිරෙන්නේ කියනවා. ඒ නිසා දරුවා උදෙසාවත්, බිරිඳ, මහත්තයා උදෙසාවත් කේන්ති ගන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද, ඒ කේන්තිය ශක්තිමත් වෙලා අපිව ඉස්සරහට අරන් යනවා. ඒ නිසා ද්වේශය අනිවාර්යයෙන් ම යක්ෂයාට, තිරිසන් සතාට, විශේෂයෙන් ම ඔය ඉන්න සර්ප කුලයන්ට අයිති දෙයක්. සර්පයෝ කියන්නේ, පෙර ජීවිතයේ ද්වේශය වඩපු අය. ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකක්ද? ද්වේශය. වෙන දෙයක් නෙමෙයි.
එක්තරා මහත්තයෙක් මැරෙන වෙලාවේ, එයා ක්ෂණයෙන් මැරෙන්නේ; මරාගෙන මැරෙන අනතුරකින් මැරෙන්නේ. නමුත් එයා මැරිලා ගිහිල්ලා සර්ප කුලයක තමයි උත්පත්තිය ලබන්නේ. මොකද, එයාට මැරෙන වෙලාවේ සකස් වුණා වූ ද්වේශය.
සර්පයා කියන්නේ ද්වේශයේ ඵලයක්. ඒ ද්වේශයේ විෂ තමයි ඒ සර්පයාගේ විෂ කියන්නේ. මෙහෙම ගහද්දී නයෙකුට පුළුවන් මනුස්සයෙක්ව මරලා දාන්න. ඒක මොකක්ද? පෙර ජීවිතයේ වැඩුවා වූ ද්වේශය. ඒ නිසා ද්වේශය අයිති සර්පයින්ටමයි, ද්වේශය අයිති යක්ෂයාටමයි, තිරිසන් ලෝකයටමයි, කියන කාරණය දකිමින් ද්වේශයෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න ඕන.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්ස
( ධර්ම දානය පිණිස Share කරන්න ❤ )