තරහ යන්නෙ ඇයි??
මේ ලෝකයේ ඕනෑම සාමන්‍ය මනුස්සයෙක්ට වගේම සතෙකුට උනත් තරහ යනව. ඒක සාමාන්‍ය දෙයක්. ගොඩක් අය තරහව අඩු කර ගන්න ගොඩක් උත්සහ කරනව. මොකද වැඩිපුර තරහ යන අයට සමාජයේ මිනිස්සු කැමති නෑ. ඒ අයව සමාජය පිළිකුල් කරනව.
තරහව අඩු කරන්න මිනිස්සු එක එක විදියේ උපක්‍රම පාවිච්චි කරනව. සමහරු තරහ ගියාම එකේ ඉඳල ගනන් කරනව, සමහරු තමන්ට සතුට ගෙන දෙන දෙයක් බලනව හෝ සිහි කරනව. නමුත් ඇත්තටම බැලුවොත් කොච්චර අපි තරහ අඩු කරගන්න උත්සහ කරත් සමහර අවස්ථා වලදී ආයෙත් තරහව උඩට එනව, සමහරවිට තිබ්බටත් වඩා වැඩියෙන් එනව.
ඇයි එහෙම වෙන්නෙ?? ඒකට හේතුව තමයි අපි තරහ ඇති වෙන්න මූලික සරළම හේතුව නොදන්න එක.
උදාහරණයක් ගමු. තමන් වැඩ කරන තැන තමන් යටතේ සේවකයෙක් ඉන්නව. දැන් මේ මනුස්සයා යම් වෙලාවක තමන් කියන දේ අහන් නැතුව ඉන්නව. එතකොට තමන්ට තරහ යනව. දැන් මොකක්ද මේ උනේ. තමන් හිතේ හදාගෙන හිටිය මගේ යටතේ ඉන්න කෙනා මං කියන එක කරන්න ඕනෙ. මට ගෞරව කරන්න ඕනෙ. මට ඕනෙ විදියට තමයි එයා වැඩ කරන්න ඕනෙ කියන සිතිවිල්ල. දැන් එතනදි සේවකය තමං කියන විදියටම වැඩේ කරානම් අපිට සතුටුයිනෙ. හැබැයි මෙතනදි එයා එහෙම කරේ නෑ. ඒක නිසා අපිට තරහක් ආව. මෙතන උනේ අපිට ඕනෙ විදියට සිදුවීම සිදු නොවීම කියන සංසිද්ධිය. කැමැත්ත ඉෂ්ඨ නොවුන තැන තමයි තරහව දුක එන්නෙ.
දැන් මේක අපි නැති කරගන්න කරන්න තියෙන්නෙ මෙච්චරයි. සුළු අවබෝධයකට පත් වෙන්න. මේ ලෝකයේ කිසිම දෙයක් අපිට ඕනෙ විදියට පවත්වන්න, තියාගන්න බෑ. ඒව තියෙන්නෙ ඒවට ඕනෙ විදියට. කවුරුත් අපිට ඕනෙ විදියට ඉන්නෙ නෑ. පොඩි ළමයෙක් උනත් ඕනැවට වඩා පාලනය කරන්න ගිහින් දුකට/තරහවට පත් වෙන්නෙ අපිම තමයි.
මේ පොඩි දැනුම නැතුව මිනිස්සු කොච්චර ෆෝන් පොලොවෙ ගහල ඇත්ද? කොච්චර කාර් හප්පගෙන ඇත්ද? කොච්චර වලි දාගෙන ඇත්ද?
තරහ යන හැම වෙලාවකම මං කිව්ව දේ සිහි කරන්න. තරහ එන පමාවට ඔබේ තරහව සංසිඳෙයි.
හිතල බලන්න තවදුරටත් ලෝකය අපිට ඕනෙ විදියට පාලනය කරන්න ගිහින් තරහ ගන්නවද නැත්තන් හැමදාම සතුටින් ඉන්නවද කියල.
තවත් ලිපියක් සමගින් නැවත හමුවෙමු!

Last edited:
බොහොම ස්තුතියි...! තෙරුවන් සරණයි...!