තරුවක් පුපුරා ගිය දුර්ලභ ​ෙමාහොතක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    තරුවක් පුපුරා ගිය දුර්ලභ ​ෙමාහොතක්

    තරුවක් පුපුරා ගිය දුර්ලභ ​ෙමාහොතක් ඡායාරූපයට නැගෙයි

    තරු පිරි අහස
    image_5bc5a4be54.jpg

    මීට දින කිහිපයකට පෙර පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 80ක් පමණ දුරින් පිහිටි දිලිසෙන තරුවක් දැක ගැනීමට විද්‍යාඥයින් සමත් වූහ. එය ඇත්තෙන්ම තරුවක් නොවීය. එසේත් නැත්නම් එය දැක ගන්නා මොහොත ​ෙවන විට එය තරුවක් නොවීය. පැහැදිලවම පැවසුවහොත් එය පුපුරා යමින් තිබූ තරුවකි. මස් කැබැල්ලක් දිලිසෙන්නාක් මෙන් තද පැහැයෙන් එය දිලිසෙමින් තිබුණේ එය පුපුරා යමින් සිය ජීවිතය අවසන් කරමින් තිබූ නිසාය. විද්‍යාඥයින් එය නම් කළේ සුපර් නෝවා යනුවෙනි.
    බොහෝ දෙනෙකු සුපර් නෝවා තරුව දැක ගත්තේ එය පුපුරා ගොස් විනාශ වීමට ආසන්නව තිබියදීය. එහෙත් එක් තැනැත්තෙකු එය ප්‍රථම වතාවට පුපුරා යද්දීම එය ඡායාරූපගත කිරීමට සමත් වී තිබිණි. එම තොරතුරු හෙළිදරව් වූයේ දින කිහිපයකට පෙරදීය.

    ආර්ජන්ටිනා ජාතික තාරකා විද්‍යාඥයෙකු වන 60 හැවිරිදි වික්ටර් බුසෝ 2016 සැප්තැම්බර් 20 වෙනිදා අඟල් 16ක් දිග නවතම දූරේක්ෂයෙන් අහස පරීක්ෂා කරමින් සිටියේය. ඔහුගේ අවධානය යොමු වූයේ එන්ජීසී 613 ලෙස නම් කර තිබෙන මන්දාකිණිය දෙසටයි. සර්පිලාකාර හැඩයේ මන්දාකිණියේ එක් කෙළවරක තිබූ දිලිසෙන කුඩා අලෝකයක් වෙතට ඔහුගේ අවධානය යොමු විය. එම අලෝකය ඊට මොහොතකට පෙර එහි නොතිබූ අතර මඳ වේලාවක් දිලිසෙමින් තිබූ එය නැවත අතුරුදහන් වී ගිය ආකාරය ඔහුට නිරීක්ෂණය විය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රබල දූරේක්ෂයන් යොදාගෙන පර්යේෂණ සිදු කළ විද්‍යාඥයින් පැවසුවේ මෙය මිලියන 10කින් හෝ 100කින් එකක් වෙන සිදුවීමක් බවයි. බූසෝ දැක තිබුණේ එම මන්දාකිණියේ තරුවක් පුපුරා යෑම ආරම්භ වන ආකාරයයි.

    “තරුවක විනාශය ආරම්භ වන ආකාරය දකින්නට ලැබීම ලොතරැයියක් ඇදුණා වගේ....” කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ඇලෙක්ස් ෆිලිප්පෙන්කෝ පවසයි.

    සුපර් නෝවා තාරකාව ප්‍රථමයෙන් හඳුනා ගන්නා විට එය අපගේ සූර්යයා මෙන් විසි ගුණයකින් විශාල එකක් විය. එහෙත් වසර ගෙවෙද්දී එය ක්‍රමයෙන් කුඩා වෙමින් පවතී. ​ෙමම තරුව පුපුරා යෑම අවට ඇති අනෙක් තාරකාවලට ද බලපෑම් අති කරවන බව පර්යේෂකයින් සඳහන් කරයි.

    තරුව පුපුරා යන විට එහි ඇතුළත ඇති ගෑස් විශාල තෙරපුමක් සමඟින් පිටතට විසි වී යන නිසා විශාල එළියක් නිකුත් වෙන බව ද පවසයි. බූසෝ දැක ඡායාරූපගත කර ඇත්තේ මේ ආලෝකයයි.

    “වෘත්තීමය තාරකා විද්‍යාඥයින් මේ වගේ සිදුවීමක් දැක ගන්න ගොඩ කාලෙක ඉඳන් පර්යේෂන කළා..”

    ෆිලිප්පෙන්කෝ පවසයි. “තරුවක් පුපුරලා යන විදිය පළමු වතාවට දැක ගන්න ඒ දේ සිද්ද වෙනකම්ම බලන් ඉන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ.. කොයි තරුව කොයි මොහොතේ පුපුරයි ද කියලා අපි දන්නේ නෑ. බුසෝගේ වාසනාවට එයාට ඒ දේ දකැ ගන්න ලැබුණා..”

    මෙම අධ්‍යයන වාර්තාව තාරකා භෞතික විද්‍යා ආයතනයේ ‘ලා ප්ලාටා ඔන්ලයින් සඟරාවේ ප්‍රකාශනය කර තිබිණි.

    පවනි උමයංගනා

    sn2016gkg.jpg

    http://www.keckobservatory.org/recent/entry/shock_breakout
     
    Last edited:
    • Like
    Reactions: lpwicrama and saja

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුරුදු මිලියන අසූවකට කලින් වෙච්චි දෙයක්.දැන් එතනම තව තව අලුත් තරු හැදිලා, ඒවත් බර ගානක් පුපුරලා ඉවර ඇති. :baffled::baffled:

    :no:
    මිලියන අසූව ඕකුන්ට මහ කාලයක් නෙමේ බං.
     
    waligamaya

    Well-known member
  • "විද්‍යාඥයින් එය නම් කළේ සුපර් නෝවා යනුවෙනි"

    පොදුවේ කියන්නේ සුපර් නොවා කියල තමයි මේකට දීපු විශේශ්නමක් නෙවෙයි.

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අවුරුදු මිලියන අසූවකට කලින් වෙච්චි දෙයක්.දැන් එතනම තව තව අලුත් තරු හැදිලා, ඒවත් බර ගානක් පුපුරලා ඉවර ඇති. :baffled::baffled:
    එහෙම වෙන්ඩ විදියක් නෑනේ. අන්තිමට පුපුරපු තරුව පුපුරනවා පේනවා මිස ඒක නොපෙනී ඊට කලින් තිබ්බ තරුවක් පිපිරෙන එක පේන්ඩ විදියක් නෑනේ...

    You must spread some Reputation around before giving it to araki again.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙම වෙන්ඩ විදියක් නෑනේ. අන්තිමට පුපුරපු තරුව පුපුරනවා පේනවා මිස ඒක නොපෙනී ඊට කලින් තිබ්බ තරුවක් පිපිරෙන එක පේන්ඩ විදියක් නෑනේ...

    You must spread some Reputation around before giving it to araki again.

    Machan oya penne 80M years walata kalin wechchi deyak.
    Me welawe wenne monawada kiyala daba ganna thawa 80M years yanawa.

    Namuth mama ahala thiyana widihata aluth tharu hadenna oya kalaya madi.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Machan oya penne 80M years walata kalin wechchi deyak.
    Me welawe wenne monawada kiyala daba ganna thawa 80M years yanawa.

    Namuth mama ahala thiyana widihata aluth tharu hadenna oya kalaya madi.
    ඒකම තමයි මමත් කියන්නේ. මම quote කරලා තියෙන එකයි, මගේ comment එකයි ආපහු බලන්ඩ.
    blue_in_rio ගේ comment එක මම වරදවා වටහාගැනීමක් වෙලා තියෙන්නේ.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    අවුරුදු මිලියන අසූවකට කලින් වෙච්චි දෙයක්.දැන් එතනම තව තව අලුත් තරු හැදිලා, ඒවත් බර ගානක් පුපුරලා ඉවර ඇති. :baffled::baffled:

    ඔය තරු බලාගෙන ජෝතිෂ්‍යකාරයෝ හදහන් හදන්නේ.උබ කිව්වා වගේ තරු කීයක්නම් විනාශවෙලා ඇත්ද.ජෝතිෂ්‍ය අනාවැකි බොරු වෙන්නේ ඒකයි.කොහොම නමුත් ජෝතිෂ්‍ය කියන්නේ අමුම අමු බොරුවක්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    අවුරුදු මිලියන අසූවකට කලින් වෙච්චි දෙයක්.දැන් එතනම තව තව අලුත් තරු හැදිලා, ඒවත් බර ගානක් පුපුරලා ඉවර ඇති. :baffled::baffled:

    525dd434335649.56cdf19c4a0f4.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔය තරු බලාගෙන ජෝතිෂ්‍යකාරයෝ හදහන් හදන්නේ.උබ කිව්වා වගේ තරු කීයක්නම් විනාශවෙලා ඇත්ද.ජෝතිෂ්‍ය අනාවැකි බොරු වෙන්නේ ඒකයි.කොහොම නමුත් ජෝතිෂ්‍ය කියන්නේ අමුම අමු බොරුවක්.

    :yes: minissunge thiyena weakness ekak exploit karanna hadapu system ekak oka. gambling kiyanneth e wagema scene ekak.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය තරු බලාගෙන ජෝතිෂ්‍යකාරයෝ හදහන් හදන්නේ.උබ කිව්වා වගේ තරු කීයක්නම් විනාශවෙලා ඇත්ද.ජෝතිෂ්‍ය අනාවැකි බොරු වෙන්නේ ඒකයි.කොහොම නමුත් ජෝතිෂ්‍ය කියන්නේ අමුම අමු බොරුවක්.

    :lol::lol::lol:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔය තරු බලාගෙන ජෝතිෂ්‍යකාරයෝ හදහන් හදන්නේ.උබ කිව්වා වගේ තරු කීයක්නම් විනාශවෙලා ඇත්ද.ජෝතිෂ්‍ය අනාවැකි බොරු වෙන්නේ ඒකයි.කොහොම නමුත් ජෝතිෂ්‍ය කියන්නේ අමුම අමු බොරුවක්.

    saptha suryodgamana sutta budu hamuduruwo oya dema kiwwa ජෝතිෂ්‍ය wishwasa karana hamuduru kenekta