තලතා මැඩම් වෙත

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    තලතා මැඩම් වෙත

    කොරියන් රැකියා ලබා ගත්තේ මහින්ද රාජපක්ස මහතා කම්කරැ අැමතිව සිටි කාලයේදිය එ්ත් ඔබලා බලයට පැමිනි පසු ලැබෙන රැකියා කෝටාව වත් වැඩි කර ගැනිමට නොහැකි වුවා පමනක් නොව කොටාව ඉතා විහාල ලෙස අඩු විය ශි ලංකාවේ කර්මාන්ත වල වැඩ කිරිමට ශමිකයන් නැති බව කොරියාවට ගොස් පැවසුවේ ඔබය



    ඔව් ලක්ෂ දෙකහ මාරක් විතර පඩියක් ගන්න පුලුවන් .......ඉන්න කාමරේ දෙනවා කන්න බොන්න දෙනවා .... ෆ්‍රී වයි ෆයි දෙනවා ...ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන් රටක් 😁😁😁😁 සේරටම අමාරුව කොරියා ඉන්න අපි ගැන ....

    ඔව් එහෙම හිතන්න පුලුවන් උඹ උඩින් දකින්නෙ ඒක විතරයි ...පොඩ්ඩක් කොරියාවට ඇවිල්ලා බලපන් ඇස් ඇරලා අපේ කොල්ලො කී දෙනෙක් මැෂින් එක්ක හැප්පෙනවද කියලා ....කොල්ලො කීයක් මැරෙනවද කීයක් අත පය නැති වෙනවද ඒ ආශාවට නෙමෙයි නැති බැරිකම නිසා....

    කොරියාවට ආපූ සීයට අනූවක් දුප්පත් දෙමාපියන්ගේ පුත්තු .කොටින්ම කීවොත් දුක විදින්න පුලුවන් දුප්පත් කොල්ලො ...කෝම හරි ක්ලාස් එකක් සෙට් කරගන්නවා ක්ලාස් එකේ සල්ලි ගෙවන්න කුළී වැඩක් කරගෙන එකම කලිසම ඇදගෙන යන්නේ හීන කෝටියක් හිතේ තියාගෙන ...සර්ලගේ ඉදලා කොරියාවට එනකම් ගැරිල්ලමයි සේරම දුප්පත් අපෙන් ගන්නේ දාස් ගණන් හැමදේම විසදෙන්නේ දාස් ගණන් වලින් ...

    කෝම හරි ඇඩ්මිෂන් එක අරගෙන විභාගේ ලියලා කොරියාවට යන්න ආවා ..අනිවා කොල්ලො කරන්නේ අම්මගේ හරි ගෙදර වෙන කාගේ හෝ රත්තරන් ටික බැංකුවට තියලා සල්ලි ගන්නවා නැත්නම් අනිවාරෙන් ගමේ පොළී කරන එකාගෙන් සීයට දහයේ පොළියට සල්ලි ගන්නේ වැදලා වැදලා ඒ නැති බැරිකම දුප්පත් නිසා....

    පස්සේ ගේම විදේශ සේවා එක කිසිම සහනයක් නෑ ගන්නෙම දාස් ගණන් .අපේ කොල්ලො ඉල්ලන ගානක් දෙන්නේ හීනය සැබෑ කරගන්න ...කෝම හරි දැන් කොරියාවට යන්න ආවා ...

    ගෙදරින් එළියට බහින්න කලින් අම්මා තාත්තා සහෝදරයෝ බිරිද ළමයි බදාගෙන අඩන්නේ යන්නම ඕන නිසා මොකද දුප්පත් අපේ හීන වලට පණ දෙන්න පුලුවන් එකම රට නිසා....

    ප්ලේන් එකේ නැගලා දුර රටකට යන්නේ අපි හිතකින් නෙමේ අපේ දුප්පත් කම නිසා ගෙයක් හදාගන්න අම්ම තාත්තට සලකන්න හොදින් ඉන්න ඕන නිසා ...

    අපේ රට ඇරුණම අනිත් හැම ආසියා රටකින්ම එනවා කොල්ලො.උන්ට රජයෙන් මොනතරම් සලකනවද කියනවනම් උන්ගේ රටවල් වල නම් ගහලා ෂර්ට් වල ...ඇහුවම උන්ට ඒ රටෙන් දීපුවා එද්දි .නමුත් අපිට අපේ සල්ලි වලින් ගත්ත සුදු ෂර්ට් එක.(විභාගේ ලියපු දවසේ ඉදලා අපිට කුඩම්මගේ සැලකිලි ...දේශපාලනය කොරියාව දඩමීමා කරගෙන අපෙන් කඩාගත්ත දේ අපමණයි)
    ....
    ගිය මුල් දවස් ටිකේ අමු කට්ට මොකද කන්නේ නුහුරු කෑම මිනිස්සු අමුතුයි ... මැෂින් එක්ක පොර බදාගෙන කොරියෝ එක්ක උගුර ලේ රහ වෙනකම් කෑ ගහගෙන කෝම හරි ලක්ෂ දෙකක මාසයකට හොයන්නේ මැරීගෙන...
    ශීතල කාලෙට රශ්නේ කාලෙට මැරීගෙන එකම ගානට වැඩ කරන්නේ අපට විතරක් නෙමේ රටට අවශය විනිමය සපයන මූලිකම රට කොරියාව කරමින් ...

    දහසක් ප්‍රශ්න එක්ක අපි වැඩ කරද්දි කොරියාවේ වැඩ කරන ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකෙන් කදුළක් යනවමයි ..ඒ මේ රටේ විදින දුකට .... ඔන්න ඕකයි තත්වේ

    කාලයෙන් කාලයට දේශපාලකයන් පත්වූවත් සේරම කරන්නේ අපි මරාගෙන කන්න හදන එක ....දැන් අලුත්ම එක ...තලතා ....🤡🤡🤡🤡🤡

    නෝනා පොඩ්ඩක් හිතපන් උඹලා වගේ අපි සැප විදින්නේ නෑ පුටුවේ ඉදන් සල්ලි හොයන්නේ නෑ ...පවු පොඩි කොල්ලො ගැන හිතන්න මොකද උන් ශාප කරයි. ලක්ෂ පහක් දෙන්න එකෙක් නෑ උන්ට ....උන්ට උන්ගේ හීනය සැබෑ කරගන්න සප් එකක් දෙන්න ...දුප්පත් කොල්ලො මේ රටට එන්නේ .පුලුවන්නම් අපේ උන්ගේ තව රක්ෂාව වැඩි කරලා දෙන්න .රට ගැන හිතන්න.කොල්ලො එවන්න නීති ලිහිල් කරලා...ඔයාට පින් සිද්ද වෙයි ... නමුත් මේක ඉදිරියටම ක්‍රියාත්මක උනොත් කොරියාවේ ඉන්න 27000ක් නැගී සිටින්න පුලුවන් ඒක නිසා හිතන්න රට ගැන හිතන්න....
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තලතාවතී නෝනේ.....
    අපි සිතුවා නුඹ අයියාගේම නංගිවත්දෝ කියාලා....
    තුං නොදකින්.... අහලකින් ගෑවිලාවත් නෑ.....

    උඹේ විදේශ රැකියා මගුලක් නටන
    අර ගුවන් තොටුපලේ ඉන්න
    ඉරිසියාව පුරෝගත්තු අම්මන්ඩිලා ටික ගැනත්
    කියන්ඩ මේක අවස්ථාවක් කරගන්නම්.....
    එතන ඉන්න පිරිමි ටික නම් පංකාදු පහයි....
    උන් දන්නවා දුර ඉදලම මිනිහා නොමිනිහා කවුද කියලා...
    තමන්ගේ වාහේගේ නංගිලා හොරෙන් පැනලා යනවා කියලා
    හිතාගෙන තමයි එතන ඉන්න බාගෙට නාකි ගෑනු ටික දගලන්නේම....
    උන්ගේ ඉරිසියාව රුසියාවටත් ඉහළයි......
    ගෑනියෙක් ඇහට කනට පේන්න අදින්න බැහැ......
    අවිහිංසක ගැමි ලදකගේ රූපලාවන්‍ය ඉතාමත් නිර්දය විදිහට
    පහත් කොට සලකනවා... හිරිහැරයට ලක් කරනවා.....
    හැමෝම හොර රස්සාවලට යනවා.....
    හැමෝම ළදරැවන් දාලා යනවා.....
    හැමෝම මිනිහාට හොරෙන් පැනලා යනවා.....
    එහෙමම තමයි ඒ අම්මන්ඩිලා ටික එතනින් ඇතුළට යන උන් දිහා බලලා සලකන්නේ.....
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    UNP බල්ලෝ බැල්ලියෝ ඇයි බං මේ තරම් මිනිස්සුත් එක්ක තරහා.ඕකුන් මිනිස්සු කීයක් හරි වැඩියෙන් හම්බ කරනවට ඉරිසියයි.වාහනයක් අරන් ගෙයක් දොරක් හදන් ඉන්නවටත් ඉරිසියයි.රටේ කරුමෙට ජාතක උන වේසම හැත්තක් ඕයි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නළුවෙක් නොව මොළයක්.:yes:

    18221737_2300575380167690_4469029057890836513_n.jpg
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අද එක එක්කෙනා වෙත ලියන thread ගොඩායි... :D


    1. මනමාලිය වෙත
    2. ඇඩ්මින් වෙත
    3. තලතා මැඩම් වෙත
     

    waligamaya

    Well-known member
  • යකෝ පිටරට ඉන්න ලංකාවේ මිනිස්සු විදේශ මුදල් එව්වේ නැතම් මේ කාලකන්නි දේශපාලුවෝ උන්ගේ බෙන්ස් වලට ගහන්න වෙන්නේ පොල් තෙල් තමයි