තවත් එක් සත්‍ය කතාවක්.. The Raven

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තවත් එක් සත්‍ය කතාවක්.. The Raven

    1721455847898d98c69f02d7aee2af45771f57b5.jpg

    172145850a949fd305d9282cbcd48502836f0ee5.jpg


    මේකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවූ චිත්‍රපටයක්.. එඩ්ගර් ඇලන් පෝ කියන සුප්‍රසිද්ධ ලේඛකයාගේ ජීවිත කතාව තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ.. මේ සිද්ධිය 1849 වසරේ සිදු වූවක්.. අපි කතාවට බහිමුකො.. ඇලන් පෝ කියන්නෙ පුවත්පත් වලට කවි, නිසදැස්, රහස්පරීක්ෂක කතා ලියන කෙනෙක්.. එයා පුවත්පත් ලේඛකයෙක්.. ඇලනුත් හරියට ශ්‍රීමත් ආතර් කොකන් ඩොයිල් වගේ චරිතයක්.. මොහු ලියන්නෙත් මිණීමැරුම් සම්බන්ධ කතා.. ඒත් ටිකක් වෙනස් ආකාරයකට.. ඔවුන් ඝාතනය කරන ආකාරය, ඝාතනය කල මිනීමරුවා පැණ යන ආකාරය.. වගේ දේවලුත් ඔහු ඒ කතා වලට එකතු කරනවා.. ඔහු ලියන පුවත්පත් සමත් සමාගමේ හිමිකරුටත් අවශ්‍ය ලේ කුපිත කරවන කතා.. මොකද වැඩියෙන් පුවත්පත ජනප්‍රිය කරගන්න උවමනා නිසා.. ගොඩක් මිනිස්සු ඇලන්ට ඇල්මක් දැක්වූවත් සමහර අය ඔහුට ඇල්මක් දක්වන්නෙ නෑ.. ඒ කොහොම වුණත් ඇලන් කියන්නෙ නම් බොහොම ප්‍රසිද්ධ චරිතයක්.. හැබැයි එයා මොන තරම් ප්‍රසිද්ධ චරිතයක් උනත් මුදල් අතින් නම් ඉන්නෙ ගොඩක් පහත් තැනක.. ඇලන්ගෙ පෙම්වතියගෙ නම එමිලි හැමිල්ටන්.. එයා නම් බොහොම ධනවතෙක්ගෙ දියණියක්.. ඇලන් දුප්පත් කෙනෙක් නිසා එමිලිගෙ පියා එයාට පුංචි හෝ කැමැත්තක් දක්වන්නෙ නෑ.. ඇලන්ව නිතරම ප්‍රතික්ෂේප කරනවා.. ඒත් මේ දෙන්නගෙ ආදරය නම් පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ..

    ඒත් මේ කතාව ඇතුලෙ හිතාගන්නවත් බැරි අමුතුම දෙයක් වෙනවා.. මේ නගරයේ දින කිහිපයක් තුල එකදිගටම මිණී මැරුම් කිහිපයක්ම සිදුවෙනවා.. මුලින්ම ඝාතනය වන්නෙ අවුරුදු 35ක් වයසැති මවක් සහ අවුරුදු 12ක් වයසැති ඇයගේ දියණිය.. ඊට දින කිහිපයකට පසුව Baltimore Patriot පුවත්පතට කවි, නිසදැස් රචනා කරන ග්රිස්වෝඩ් කියන ලේඛකයත් අමානුෂික ලෙස ඝාතනයට ලක්වෙනවා.. ඒත් මේ දේවල් වලට වැරදිකරු විදියට පොලීසිය සැක කරන්නෙ ඇලන්ව.. මොකද ඇලන්ගෙ රහස්පරීක්ෂක කතාවල සිද්ධින් වලට අනුකූලව තමයි මේ වෙච්ච සියලු මිණීමැරුම් සිද්ධ වෙන්න පටන් ගන්නෙ.. නමුත් ඔහු පසුව නිර්දෝෂි වෙනවා..

    ඇලන්ගෙ පෙම්වතිය වන එමිලිගේ නිවසේ පැවති උත්සවයකදී හිතුවෙවත් නැති විදියට එමිලිව කවුරුන් හෝ විසින් පැහරගනු ලබනවා.. ඒ පැහැරගැනීමත් සිද්ධ වෙන්නෙ ඇලන්ගෙ රහස්පරීක්ෂක කතාවල ඇති සමහර සිද්ධින්ට අනුකූලව.. සමහර වෙලාවට ඒ මිණීමරුවා ඇලන්ට යම් යම් ඉඟි ලබාදෙනවා.. ඔහු ලියපු කවි, නිසදැස්, රහස්පරීක්ෂක කතා ඇසුරින්.. ඇලන් ඇයගේ පෙම්වතිය සොයාගැනීමට ඒ ඉඟින් පසුපස යන්න ගන්නවා.. ඔහුට පොලීසියෙනුත්, එමිලිගෙ පියාගෙනුත් අනගි සහයක් ලැබෙනවා.. ඉතිං ඔවුන්ට එමිලිව සොයාගන්න පුළුවන් වෙයිද..? බැරිවෙයිද..? ඔවුන්ට මේ ගමනෙදි මුහුණපාන්න වෙන ගැටලු මොනවද..? විශේෂයෙන්ම ඇලන්ට.. ඔහු අවසානයේ ජීවත් වෙයිද..? මිණීමරු ඝාතකයා පොලීසියට කොටුවෙයිද..? මහා ප්‍රශ්න පත්තරයක්.. ඔය හැම එකටම උත්තරේ මේ චිත්‍රපටය අවසානයේ තියෙනවා.. කුතුහලය උපරිමයෙන් තියෙන චිත්‍රපටයක්..

    මට නම් කතාවෙ සමහර තැන් තේරුම් ගන්න පොඩ්ඩක් වගේ අපහසු වුණා.. කඩුව පොඩ්ඩක් මොට්ට නිසා.. :(


    පහලින් ඉන්නෙ ඇත්තම ඇලන් පෝ.. මෙයාගෙ ජීවිත කතාව තමා යන්නෙ.. මං කලින් කිව්වනේ මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපද වූ චිත්‍රපටයක් කියලා.. ;) ඉස්සර මුතුහර සඟරාවක මෙයා ගැන ලිපියක් තිබුණා.. :yes: ඒ කතාව කිව්වොත් ෆිල්ම් එක බලන්න එපා වෙයි.. සමහර අය මෙයාගෙ ජීවිත කතාව දන්නවත් ඇති.. ඒ වගේම ගොඩ දෙනෙක් මේ චිත්‍රපටය බලලත් ඇති..


    220px-Edgar_Allan_Poe_portrait_B.jpg






    The.Raven.2012.BDRip.XviD
    Code:
    http://thepiratebay.se/torrent/7441535/The.Raven.2012.BDRip.XviD-SCREAM%5BExtraTorrent%5D

    The Raven (2012) 720p BrRip x264

    Code:
    http://thepiratebay.se/torrent/7444501/The_Raven_%282012%29_720p_BrRip_x264_-_700MB_-_YIFY
    fdgdg.gif

     
    • Like
    Reactions: mjayanatha

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොලුවෝ.............////////////////////
    උම්ම්ම්ම්ම්ම්ම්මා :love:
    බලන්න ඕන..
    ඊට ඉස්සෙල්ල උබ දීපු list එක බලල ඉන්න ඕන :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොලුවෝ.............////////////////////
    උම්ම්ම්ම්ම්ම්ම්මා :love:
    බලන්න ඕන..
    ඊට ඉස්සෙල්ල උබ දීපු list එක බලල ඉන්න ඕන :cool:
    එල එල.. ඒ ටික බලලා මේකත් බලපං.. පට්ට ෆිල්ම් එක බං.. :love:

    නියමයි බඩියෝ:cool:.ෆට්ට අහ්:yes:
    උඹ බැලුවද එඩියා ෆිල්ම් එක..

    Patta movie eaka ban,
    Thanx for sharing !!!!
    අනිවා මචං.. :yes:

    ela movie eka
    අනිවා මචං.. :yes:

    :love::love:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට තේරුණු විදිහට මේක සත්‍ය සිදුවීමක් නෙවෙයි.

    පෝ මහතා අවසාන දිනවල සිහි විකල්ලෙන් සිටීම පදනම් කර ගෙතූ කතාවක්. ඔහු තදින් මත්පැන් වලට ගිජු අයෙක්.

    "The Ravan" යනු ඔහුගේ ප්‍රකට කවි පන්තියක්.

    About His last days - http://www.guardian.co.uk/world/2007/oct/21/books.booksnews
     
    Last edited: