හොඳ හුස්මක් අරං මෙන්න මේකට උත්තර දීපං මගේ මිත්‍රයා.
1. පේපර් මාකින් හෙවත් උත්තරපත්‍ර පරීක්ෂාව කියන්නෙ ගුරුවරුන්ගෙ සේවයෙ කොටසක් (හෙවත් job role එකේ කොටසක්) නොවන බව උඹ දන්නව ද?
2. පේපර් මාකින් කරනවට වෙනම ඇප්ලිකේෂන් කෝල් කරන බව උඹ දන්නව ද?
3. ඒ ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට පඩි ගෙවන්න ඕන බව උඹ දන්නව ද?
4. ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ පේපර් මාකින් වලට දෙන්න පොරොන්දු වුණ ගාණ දුන්නෙ නෑ කැපුවා කියල දන්නව ද?
5. ගිය අවුරුද්දෙ මේ කාලෙ කරපු පේපර් මාකින් වලට අවුරුද්දකුත් ගිහිල්ල තාම ගෙවල නෑ කියල උඹ දන්නව ද?
6. මේ අවුරුද්දෙ පේපර් මාකින් වලට ගෙවන ගාණ කීය ද කියල ගැසට් කරල නෑ කියල උඹ දන්නව ද?
7. ගැසට් කරල නැතිවා පමණක් නෙමෙයි, ආණ්ඩුව අපේක්ෂා කරන්නෙ ගුරුවරුන්ට පඩි නොගෙවා නිකං පේපර්ස් බලවගන්න කියල උඹ දන්නව ද?
8. මනුස්සයෙකුගෙ වැඩකරන වෙලාවෙන් පරිබාහිර වෙලාවක ඒ මනුස්සයගෙ රාජකාරියට පිටින් තියෙන අමතර වැඩ කරවගන්නවට පඩි ගෙවන්න ඕන සහ ඒක මූලික කම්කරු අයිතියක් බව උඹ දන්නව ද?
9. ගිය අවුරුද්දෙ පේපර්ස් බලපුවටත් ගෙවල නැතුව මේ අවුරුද්දෙත් නිකං වැඩ ගත්තම ගුරුවරුන්ට කන්න බොන්න හාල්පොල් දෙන්නෙ පොලිසියෙන් ද?
10. ගුරුවරුන්ට ගෙවන්න සල්ලි නැති රජයට අලුතෙන් කිරිටොයියා කඳුළුගෑස් වෙනුවෙන් මිලියන 17ක් ගෙවන්න සල්ලි තියෙන බව උඹ දන්නව ද?
බෝනස් ප්‍රශ්නය.
උඹට කවුරුහරි කිව්වොත් දවසෙ පැය අටත් වැඩ කරලා තව පැය හයක් පඩි නැතුව වැඩ කරන්න කියල, උඹ කරයි ද?
බොටම් ලයින්:
මං ආයෙම උඹෙන් අහන්නෙ. දැන් ගුරුවරුන්ට පඩි නොගෙවා වහල්සේවයක වගේ අතින් කයිට් කාල පේපර්ස් බලවන්න හදන ආණ්ඩුව ද වැරදි, නැත්නම් රාජකාරියට අමතරව කරන දෙවැනි පාර්ට්ටයිම් ජොබ් එකට ගෙවීමක් ඉල්ලන ගුරුවරු ද වැරදි?
උපුටා ගැනීමකි