තවත් කල් ගියොත් හමුදාව දාලා උත්තර පත්‍ර බලන්න

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මම නම් හිතන්නේ හමුදාව දාලා බලනවා කියන්නේ ළමයින්ට වෙන අසාධාරණයක්. මොකද පේපර් මාකින් යන්නේ හොඳ අත්දැකීම් තියෙන ගුරුවරු.. කලින් ඒවට සල්ලි ගෙවලා නැත්තම් ඒවා ගෙවන්න ඕනේ. අනික් එක ජීවන වියදම හැටියට ගාස්තු සංශෝධනය වෙන්න ඕනේ. මාකින් පටන් ගන්නවා නම් ලංකාවේ හැමතැනම එකට පටන් ගන්න ඕනේ. කොළඹ යාපනේ කියලා රටේ නීති දෙකක් තියෙන්න විදියක් නැහැනේ.
    මමත් අහලා තියෙනවා ඔය දෙමළ අයගේ පෙපර්වලට දෙමළ ගුරුවරු ලකුණු වැඩිපුර දානවා කියලා. ඉස්සරම එහෙම වෙන්න ඇති නමුත් දැන් යාපනේ බලන්නේ යාපනේ ළමයින්ගේ උත්තර පත්තර නෙවෙයිනේ. ඒක නිසා ඒ කතාව තේරුමක් නැහැ.
    දුර පළාත්වලට ගුරුවරු නැති උනාට සමහර පැතිවල විශේෂයෙන් කොළඹ ඉස්කෝලවල ගුරුවරු වැඩිපුරත් ඉන්නවලු.
    වුර්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න ඕනේ අසාධාරණ තැන් අනිවා තියෙනවා. ඒත් හැම රෙද්දටම පාරට බහින්න ගියොත් ඉතින් වැඩකරන්න කාලයක් කොහොමත් නැහැනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,836
    113
    Gampaha
    හොඳ හුස්මක් අරං මෙන්න මේකට උත්තර දීපං මගේ මිත්‍රයා.
    1. පේපර් මාකින් හෙවත් උත්තරපත්‍ර පරීක්ෂාව කියන්නෙ ගුරුවරුන්ගෙ සේවයෙ කොටසක් (හෙවත් job role එකේ කොටසක්) නොවන බව උඹ දන්නව ද?
    2. පේපර් මාකින් කරනවට වෙනම ඇප්ලිකේෂන් කෝල් කරන බව උඹ දන්නව ද?
    3. ඒ ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට පඩි ගෙවන්න ඕන බව උඹ දන්නව ද?
    4. ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ පේපර් මාකින් වලට දෙන්න පොරොන්දු වුණ ගාණ දුන්නෙ නෑ කැපුවා කියල දන්නව ද?
    5. ගිය අවුරුද්දෙ මේ කාලෙ කරපු පේපර් මාකින් වලට අවුරුද්දකුත් ගිහිල්ල තාම ගෙවල නෑ කියල උඹ දන්නව ද?
    6. මේ අවුරුද්දෙ පේපර් මාකින් වලට ගෙවන ගාණ කීය ද කියල ගැසට් කරල නෑ කියල උඹ දන්නව ද?
    7. ගැසට් කරල නැතිවා පමණක් නෙමෙයි, ආණ්ඩුව අපේක්ෂා කරන්නෙ ගුරුවරුන්ට පඩි නොගෙවා නිකං පේපර්ස් බලවගන්න කියල උඹ දන්නව ද?
    8. මනුස්සයෙකුගෙ වැඩකරන වෙලාවෙන් පරිබාහිර වෙලාවක ඒ මනුස්සයගෙ රාජකාරියට පිටින් තියෙන අමතර වැඩ කරවගන්නවට පඩි ගෙවන්න ඕන සහ ඒක මූලික කම්කරු අයිතියක් බව උඹ දන්නව ද?
    9. ගිය අවුරුද්දෙ පේපර්ස් බලපුවටත් ගෙවල නැතුව මේ අවුරුද්දෙත් නිකං වැඩ ගත්තම ගුරුවරුන්ට කන්න බොන්න හාල්පොල් දෙන්නෙ පොලිසියෙන් ද?
    10. ගුරුවරුන්ට ගෙවන්න සල්ලි නැති රජයට අලුතෙන් කිරිටොයියා කඳුළුගෑස් වෙනුවෙන් මිලියන 17ක් ගෙවන්න සල්ලි තියෙන බව උඹ දන්නව ද?
    බෝනස් ප්‍රශ්නය.
    උඹට කවුරුහරි කිව්වොත් දවසෙ පැය අටත් වැඩ කරලා තව පැය හයක් පඩි නැතුව වැඩ කරන්න කියල, උඹ කරයි ද?
    බොටම් ලයින්:
    මං ආයෙම උඹෙන් අහන්නෙ. දැන් ගුරුවරුන්ට පඩි නොගෙවා වහල්සේවයක වගේ අතින් කයිට් කාල පේපර්ස් බලවන්න හදන ආණ්ඩුව ද වැරදි, නැත්නම් රාජකාරියට අමතරව කරන දෙවැනි පාර්ට්ටයිම් ජොබ් එකට ගෙවීමක් ඉල්ලන ගුරුවරු ද වැරදි?

    උපුටා ගැනීමකි
    මේ ලිපිය කියෙවුවම, ස්ට්‍රයික් එක ගැන මගේ තිබුණ අදහස් වෙනස් වුනා...



    හැබැයි ඕක රාජකාරියෙම කොටසක් කරානං ඔය ප්‍රශ්න සෑහෙන්න අඩුවෙන්න තිබුණ.
    මොකද, පේපර් මාකිං කියන්නෙ අනිවාර්යය දෙයක්නෙ ඉතිං...
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    මේ ලිපිය කියෙවුවම, ස්ට්‍රයික් එක ගැන මගේ තිබුණ අදහස් වෙනස් වුනා...



    හැබැයි ඕක රාජකාරියෙම කොටසක් කරානං ඔය ප්‍රශ්න සෑහෙන්න අඩුවෙන්න තිබුණ.
    මොකද, පේපර් මාකිං කියන්නෙ අනිවාර්යය දෙයක්නෙ ඉතිං...
    එහෙම කරන්න බෑ මචන් මම අහලා තියෙන විදියට , විභාග ක්‍රියාවලිය තියෙන්නේ විභාග දෙපාර්තුමේන්තුවේ , ගුරුවරු ඉන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ , එක පුද්ගලයෙකුට දෙපාර්තුමේන්තු දෙකක වැඩ පවරන්න බෑ ඒකයි පේපර් මාකින් කරනවට ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට වෙනම පඩි ගෙවන්නේ , පේපර් මාකින් විෂය නිර්දේශය ගැන ප්‍රමාණික දැනුමක් තියෙන්න ඕන , mcq නම් පොඩි එකෙකුට කියලා උනත් බලන්න පුළුවන් ඒත් structured paper එක එහෙම බලන්න බෑ , ඒකයි පේපර් මාකින් කරන්න ඇප්ලයි කරාම පරණ ගුරුවරුන්ට ප්‍රමුකත්වය දෙන්නේ

    ඕවට අදාල විවස්තා අනපනත් ගොඩක් තියෙනවා , ඒවා වෙනස් කරොත් ලොකු පරිපාලන ගැටළු වෙනවා

    මීට සමාන ක්‍රියාවලියක් තමයි මැතිවරණයකදී ක්‍රියාත්මක වෙන්නේ