තවත් පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මැද මහනුවර ඉන්ධන පිරවුම්හල අසලදී පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලීසිය සඳහන් කළේ අද (26) 2.30ට පමණ කළ හදිසි පරික්ෂාවකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි.

    අදාළ ලොරි රථයේ තිබී ඩෙටනේටර් 05 ක්, අඩි 18 ක දිගකින් යුත් සේවා නූල් 05 ක්, කළු වෙඩි බෙහෙත් ග්රෑම් 450 ක්, ඇමෝනියා ග්රෑම් 335 ක්,ඩයිනා කරල් 03 ක්,ගිලට් මැෂින් 01 ක් හා චේන් බ්ලොක් එකක් සොයාගෙන තිබෙනවා.

    ලොරි රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා චන්දෙට කලින් බොම්බ ගහන එක

    ඇත්තටම බයත් හිතෙනව. චන්දෙට මාස කීපයක් තියල කෙලල අරියිද දන්නෙ නෑ

    පොඩි එකකට වෙන්න ඉඩ අරී. ලොකු එක අල්ලාවී. එහෙම නැත්නම් ලොකුම එකක් වෙන්න ඔන්න මෙන්න තියලා අල්ලාවි. ඊට පස්සෙ කියයි මගෙන් ඉල්ලුවෙ එකයි. මම ජාටික ආරස්සාව ටහවුරු කොරා කියලා. බයියොන්ගෙ මයිල් කෙලින් වෙලා බිම පෙරලි පෙරලි ඡන්දපොලට යාවී.

    ඕ යේස් බේබි
    විශාල ශබ්දයක් ඇහෙයි ලගදිම
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මහනුවර නම් ඉතිං දන්නවනේ ටාගට් එක...
    සේපාල කසකාරයා වෙන්න බැරි නෑ
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    හැමදාම එකම දේ කරන්න හොඳ නෑ බං. පොඩ්ඩක් වෙනස් විදියට ඇප්‍රෝච් කරොත් නම් මීට වඩා තාත්විකව දේවල් කරගන්න පුලුවන්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    හ්ම්ම්... ආයෙත් බය වෙන්න එපැයි දැන්....

    අප්පච්චි අප්පච්චි.... අපිව බේරගනින්...
    මෙන්න නැගිටිනවෝ.. අප්පච්චියේ....


    view
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර ජැක් හා කොටියාගේ සීන් එක වෙලානේ....ඇත්තටම දෙයක් වුනත් අපිට විශ්වාස කරන්න බැරි වෙලා...මේක නම් මේ ගල්කොරියකට හෝ නිධානයකට ගෙනාපු ඒවා වෙන්න පුලුවන්