හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවයි.
පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් තොගයේ බර ග්‍රෑම් 156.07ක් වන බවත්, අදාළ වෙඩි බෙහෙත් තොගය ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියා සිටියා.
පොලීසිය සඳහන් කළේ, මෙම වෙඩි බෙහෙත් තොගය අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවයි.
සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුපුරණ ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කළ බවයි.
ඒ අනුව වෙඩි බෙහෙත් තොගය එම ප්‍රදේශයට රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න හබරණ පොලීසිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
සැකකරු සහ එම ලොරි රථය අද දින බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.
