තවත්_තරුණියක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාන්තා අයිතීන්: සෞදි අරාබියෙන් පළා ගොස් කැනඩාවේ රැකවරණ ලැබූ තවත් තරුණියක්



_105313086__105135348_whatsappimage2019-01-09at15.54.57-3.png
.


24 හැවිරිදි සල්වා සහ ඇයගේ 19 හැවිරිදි සොහොයුරිය මින් අට මසකට පෙර සෞදි අරාබියෙන් පළා ආහ

සෞදි අරාබියේ දිවි ගෙවන කාන්තාවන්ට තහනම් බොහෝ දේ ගැන මේ දිනවල නැවත අවධානය යොමු වී තිබේ. සිය පවුලේ සාමාජිකයන්ගෙන් එල්ලවන පීඩාවන් දරාගත නොහැකිව පළා ගිය දහඅට හැවිදිරි රහෆ් මොහොමඩ් පිළිබඳ පසුගිය සතියේ සමස්ත ලෝකයේම අවධානය යොමු විය. සෞදි අරාබියේ සිට තායිලන්තයට පළා ගිය ඇය නැවත සිය රටට යෑම ප්‍රතික්ෂේප කළ අතර, මේ වන විට කැනඩාවේ රැකවරණ ලබා සිටී. මේ සඳහා ඇයට සමාජ මාධ්‍ය ජාල හරහා විශාල සහයෝගයක් ලැබිණ. සෞදි අරාබියේ කාන්තා අයිතීන් ගැන විවාද සිදුවෙද්දී, එරටින් පළා ගොස් කැනඩාවේ වාසය කරන තවත් තරුණියක් ඇයගේ කතාව බීබීසී සේවයට හෙළි කර සිටියාය. වර්තමානයේ මොන්ට්‍රියල් ප්‍රදේශයේ වෙසෙන 24 හැවිරිදි සල්වා සහ ඇයගේ 19 හැවිරිදි සොහොයුරිය මින් අට මසකට පෙර සෞදි අරාබියෙන් පළා ගියහ.

මේ සල්වාගේ කතාවයි.

සූදානම් වීම

වසර හයක සිට අප දෙදෙනා සෞදි අරාබියෙන් පළා යාමට සැලසුම් කළ නමුත්, ඒ සඳහා ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් අවශ්‍ය විය. මෙම ලිපි ලේඛන ලබා ගැනීමට නම් ඔවුන්ගේ භාරකරුගේ කැමැත්ත ලබා ගැනීමට අවශ්‍ය වේ. (සෞදි කාන්තාවන්ට අවශ්‍ය බොහෝ දේ සිදු කිරීමට ඥාති පුරුෂයෙකුගෙන් අවසර ලබා ගත යුතුය) වාසනාවට මා සතුව ජාතික හැඳුනුම්පත තිබිණි. පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත ඇතුව එය මට ලබා දී තිබුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුළය.



වසර දෙකකට පෙර මා මුහුණ දුන් ඉංග්‍රීසි භාෂා විභාගයක් වෙනුවෙන් සැකසූ ගමන් බලපත්‍රය ද මා සතු විය. නමුත් පවුලේ අය එය මගෙන් ලබා ගත් අතර, කෙසේ හෝ එය ඔවුන්ගෙන් නැවත ගැනීමට මම අදිටන් කරගත්තෙමි. සහෝදරයාගේ නිවසේ යතුරු සොරකම් කර ගත් මම ඒවා පිටපත් කර ගැනීම සඳහා යතුරු කපන ස්ථානයකට ගියෙමි. පවුලේ අයගේ අවසරය නොමැතිව පිටතට යෑම තහනම් වූ නිසා, ඔවුන් නිදා සිටි වේලාවක හොර රහසේ මම නිවසින් පිටත් වුණෙමි.
එය ඉතා අවදානම් ක්‍රියාවක් වන අතර, එදින මා ඔවුන්ට අසු වූයේ නම් නොයෙක් හිරිහැරවලට මුහුණ පෑමට ඉඩ තිබිණි.

යතුරු ලැබුණු සැණින් මාගේ සහ සොහොයුරියගේ ගමන් බලපත්‍ර ලබා ගත් මම, පියා නිදා සිටි අවස්ථාවක් බලා ඔහුගේ ජංගම දුරකතනය ද මා සන්තකයට ගත්තෙමි. එය භාවිත කර අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස පියාගේ නමට ලියාපදිංචි වී තිබූ දුරකතන අංකය වෙනස් කර එයට මගේ අංකය ඇතුළත් කළෙමි. එමෙන් ම, ඔහුගේ ජංගම දුරකතනය හරහා අදාළ වෙබ් අඩවියේ ඔහුගේ නමට තිබූ ගිණුමෙන් අප දෙදෙනාට ම රටින් පිට වීමට අවශ්‍ය අවසර ලබා ගැනීමට ද මම කටයුතු කළෙමි.

පළා යෑම



_105313088__105135351_gettyimages-893984626.jpg



රියාද් නගරයේ පිහිටි 'කිංග් කලිද්' ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඔවුන් දෙදෙනා ජර්මනිය බලා පිටත් වී තිබේ


සියල්ලන් රාත්‍රී නින්දට ගොස් සිටින විට, අපි රහසේ නිවසින් පිටත් වුණෙමු. එය ඉතා අවදානම් මෙන් ම, විශාල මානසික පීඩාවක් ගෙන දුන් අවස්ථාවක් විය. රිය පැදවීමට නොහැකි නිසා අපි කුලී රථයකට ඇමතුවෙමු. වාසනාවට සෞදි අරාබියේ සිටින සියලු ම කුලී රියැදුරන් පාහේ විදේශිකයන් වන අතර, අප දෙදෙනා තනිව ගමන් කිරීම ඔවුන්ට අමුත්තක් නොවීය. අපි දෙදෙනා රියාද් නගරයේ පිහිටි 'කිංග් කලිද්' ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පිටත් වුණෙමු. කිසිවෙකුට මෙම ක්‍රියාව ගැන ඉඟියක් ලැබුණේ නම්, අප දෙදෙනා ඝාතනය කිරීමට ද ඉඩ තිබිණි.

අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු මම පසුහිය වසර පුරා රෝහලක සේවය කර ඉතිරි කර ගත් මුදලින් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර සහ ජර්මනිය හරහා යෑමට අවශ්‍ය වීසා බලපත්‍ර ලබා ගතිමි. එමෙන් ම, රැකියා විරහිතව සිටින කාලය අතරතුර රජයෙන් ලැබුණු මුදල් දීමනා ද ඉතිරි කළෙමි.
සොහොයුරිය ද සමග මම ගුවන් යානයට ඇතුළු වුණෙමි. ජීවිතයේ පළමු වතාවට ගුවන් යානයකට නැගුණු මා හට එය ඉතා අපූරු ස්ථානයක් බව හැඟිණ. සතුට, බිය මෙන් ම තව බොහෝ දේවලින් මගේ මනස පිරී ගොස් තිබිණි.

අප දෙදෙනා නිවසේ නොමැති බව දැනගත් පියා ඒ බව පොලිසියට දන්වා තිබූ නමුත්, ඒ වන විට ඔහු ප්‍රමාද වැඩිය. ඔහුගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ගිණුමේ සඳහන් ජංගම දුරකතන අංකය වෙනස් කළ නිසා, එම නිලධාරීන් ඔහු යැයි සිතා මගේ අංකයට ඇමතුම් ලබා දුන්හ.
ගුවන් යානයෙන් ගොඩ බැස්ස පසු එම නිලධාරීන් පියාට එවූ කෙටි පණිවිඩයක් පවා මගේ ජංගම දුරකතනයට ලැබිණි.



ගොඩබැසීම

සෞදි අරාබියේ සිටියදී මගේ දිවියේ කිසිදු විශේෂ දෙයක් සිදු නොවිණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු නැවත නිවසට පැමිණි මම දවස පුරා කිසිදු වැදගත් රාජකාරියක් නොකළෙමි.
ඔවුහු මට හිරිහැර කළ අතර, පුරුෂාධිපත්‍යය ඇතුළු වෙනත් නුසුදුසු දේ ගැන නිතර පැවසූහ. ආගමික වතාවත්වල යෙදීමට සහ රාමදාන් කාලය තුළ උපවාසයෙහි යෙදීමට ද ඔවුහු බල කළහ.

ජර්මනියට පැමිණි පසු නීති ආධාර ලබා දෙන ස්ථානයට ගොස් දේශපාලන රැකවරණ ඉල්ලුම් කිරීම සඳහා නීතිඥවරයෙකු සොයා ගැනීමට මට සිදුවිය. පත්‍රිකා කීපයක් පිරවූ පසු මගේ කතාව ඔවුන්ට පැවසීමි. මානව හිමිකම් සුරැකීම අතින් වැඩි ප්‍රසිද්ධියක් ලබා සිටින කැනඩාව මම නව නවාතැන ලෙස තෝරා ගත්තෙමි. සිරියානුවන්ට කැනඩාවේ සරණාගතභාවය ලබා දෙන ආකාරය ගැන හොඳින් දැනුවත් වී සිටි මම, එය ජීවත් වීමට හොඳ ම ස්ථානය බව තීරණය කළෙමි.
ඔවුහු මගේ ඉල්ලුම් පත්‍රය භාර ගත්හ. ටොරොන්ටෝ නගරයට ගොඩ බැසීමත් සමග කැනඩාවේ කොඩිය ලෙල දෙනු දුටු මට විශාල ජයග්‍රහණයක් ලැබුවා වැනි හැඟීමක් දැනිණි.


_105313089__105135353_gettyimages-955073674.jpg


සොහොයුරිය සමග මේ වන විට මා මොන්ට්‍රියෙල් ප්‍රදේශයේ ජීවත් වන අතර, අපට කිසිදු මානසික පීඩනයක් නොමැත. අපට බලපෑම් කිරීමට කිසිවෙකුත් මෙහි නැත. සෞදි අරාබියේදී පවුලේ අයට යහමින් මුදල් තිබුණත් , මෙහිදී මට අවශ්‍ය නිදහස තිබේ. ඕනෑ ම අවස්ථාවක මගේ නිවසින් පිටතට යෑමට සහ ඒමට හැකිය. එයට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැත. මේ ලැබුණු නිදහස නිසා මම ඉතා සතුටට පත් වී සිටින්නෙමි. මා නිදහස් තරුණියක ලෙස හැඟෙයි. කැමති ඇඳුමකින් සැරසී පිටතට යෑමට මට හැකිය.

සරත් කාලය තුළ මෙහි ගස් කොළවල පාට වෙනස් වීමට මෙන් ම, හිමවලට ද මම ඉතා ආශා කරන්නෙමි. මේ දිනවල ප්‍රංශ භාෂාව ප්‍රගුණ කරමින් සිටින නමුත් එය ඉතා අපහසු ක්‍රියාවකි!
බයිසිකල් පැදීම, පිහිනීම මෙන් ම හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාව ද මම ඉගෙන ගනිමින් සිටිමි. මට දැන් ජීවිතය ඇත්තෙන් ම විඳින බව හැඟෙයි. මගේ පවුලේ අය සමග කිසිදු සම්බන්ධතාවක් නොපවත්වමි. එයින් මට මෙන් ම ඔවුන්ට ද යහපතක් සිදු වේ යයි මම සිතන්නෙමි. කැනඩාව මගේ නව නිවහන ලෙස හැඟෙන අතර, මෙහි ජීවිතයට මම ප්‍රිය කරන්නෙමි.


(බීබීසී මාධ්‍යවේදී ගැරත් එවන්ස් සහ බීබීසී ඕඑස් වැඩසටහනට පැවසූ අදහස් ඇසුරෙනි)

BBC Sinhala
 
Last edited:
  • Like
Reactions: Bart_Allen

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    තමන්ගෙ වැඩේ කරගත්තට පස්සෙ හැම දේම වමාරන මේ වගේ ගොන් වැස්සියො නිසා තව කෙනෙකුට තියෙන අවස්ථාවක් නැති වෙනවා.

    හම්බයො දැන්,
    ටැක්සි කාරයොන්ට කියයි සැලකිලිමත්ව ඉන්න කියලා
    යතුරු කපන උන්ටත් කියයි පිරිමි නැත්නම් කපන්න එපා කියලා
    ටෙලිෆෝන් නම්බරේ වෙනස් කරන්නත් පිරිමියකුගෙ කැමැත්ත ගන්න ඕන වෙයි
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවෙන් ගියපු උන්ටත් කියනවලු ඒ කෙල්ලොන්ව ලංකාවට එක්කන් යන්න කියලා
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන්ගෙ වැඩේ කරගත්තට පස්සෙ හැම දේම වමාරන මේ වගේ ගොන් වැස්සියො නිසා තව කෙනෙකුට තියෙන අවස්ථාවක් නැති වෙනවා.

    හම්බයො දැන්,
    ටැක්සි කාරයොන්ට කියයි සැලකිලිමත්ව ඉන්න කියලා
    යතුරු කපන උන්ටත් කියයි පිරිමි නැත්නම් කපන්න එපා කියලා
    ටෙලිෆෝන් නම්බරේ වෙනස් කරන්නත් පිරිමියකුගෙ කැමැත්ත ගන්න ඕන වෙයි


    මිනිස්සු ආගමිකව කොච්චර හිර කලත් දවසක නිදහස සොයා යනවා.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දැන් රට පනින එක හරි ලේසි නේ :lol:
    තමන් මුස්ලිම් කියල ගෙවල් වලින් මරන්න හදනවා කිව්ව ගමන් ලොකු රටවල් පැනලා citizens දෙන්නේ :lol:
    එ විතරද සල්ලි, ප්‍රසිද්ධිය, ලෝකේ වීර කාන්තාවක් වෙන්න පුළුවන් ඔය ටික කියපු ගමන්.
     
    • Like
    Reactions: Pessimist

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් රට පනින එක හරි ලේසි නේ :lol:
    තමන් මුස්ලිම් කියල ගෙවල් වලින් මරන්න හදනවා කිව්ව ගමන් ලොකු රටවල් පැනලා citizens දෙන්නේ :lol:
    එ විතරද සල්ලි, ප්‍රසිද්ධිය, ලෝකේ වීර කාන්තාවක් වෙන්න පුළුවන් ඔය ටික කියපු ගමන්.




    එහෙම එකක් නැහැ මචන්. අනෙක මේ කලින් සිදු වෙච්ච සිද්දියක්. මිනිස්සු කවදත් නිදහස සොයා යනවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් රට පනින එක හරි ලේසි නේ :lol:
    තමන් මුස්ලිම් කියල ගෙවල් වලින් මරන්න හදනවා කිව්ව ගමන් ලොකු රටවල් පැනලා citizens දෙන්නේ :lol:
    එ විතරද සල්ලි, ප්‍රසිද්ධිය, ලෝකේ වීර කාන්තාවක් වෙන්න පුළුවන් ඔය ටික කියපු ගමන්.

    :lol: :lol:
    උන්ට තේරෙයි. හැබැයි කල් යයි :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    දැන් රට පනින එක හරි ලේසි නේ :lol:
    තමන් මුස්ලිම් කියල ගෙවල් වලින් මරන්න හදනවා කිව්ව ගමන් ලොකු රටවල් පැනලා citizens දෙන්නේ :lol:
    එ විතරද සල්ලි, ප්‍රසිද්ධිය, ලෝකේ වීර කාන්තාවක් වෙන්න පුළුවන් ඔය ටික කියපු ගමන්.

    :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    මිනිස්සු ආගමිකව කොච්චර හිර කලත් දවසක නිදහස සොයා යනවා.
    ඔව් ඇත්ත. ඒත් ඒ නිදහස හොයන අයගෙන් කීයෙන් කීදෙනෙක්ද තමන්ගෙ නිදහස හොයා ගන්නෙ? මේ කෙල්ල ගහපු ගේම් ගහගන්න බැරුව තව කීදෙනෙක් කොටු වෙලා ඉන්නව ඇත්ද? ගේම් ගහලා මගදි වැරදුන කී දෙනෙක් නම් ඇත්ද? වැරදිලා නිදහස තියා තමන්ගේ ජීවිතය වත් ඉතිරි නොවුන කී දෙනෙක් ඇත්ද? හැමෝම කතා කරන්නෙ ඇහැට පේන්න තියෙන දේ විතරයි. මාට්ටු වෙච්ච කෙල්ලොන්ට මොකෝ වෙන්නෙ? සවුදියෙ උසාවිත් ඔය වගේ කෙස් ලස්සනට යට ගහනවා.


    පිළිකුල් කරපන් ඔය තුච්ඡ ආගම
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    ඔව් ඇත්ත. ඒත් ඒ නිදහස හොයන අයගෙන් කීයෙන් කීදෙනෙක්ද තමන්ගෙ නිදහස හොයා ගන්නෙ? මේ කෙල්ල ගහපු ගේම් ගහගන්න බැරුව තව කීදෙනෙක් කොටු වෙලා ඉන්නව ඇත්ද? ගේම් ගහලා මගදි වැරදුන කී දෙනෙක් නම් ඇත්ද? වැරදිලා නිදහස තියා තමන්ගේ ජීවිතය වත් ඉතිරි නොවුන කී දෙනෙක් ඇත්ද? හැමෝම කතා කරන්නෙ ඇහැට පේන්න තියෙන දේ විතරයි. මාට්ටු වෙච්ච කෙල්ලොන්ට මොකෝ වෙන්නෙ? සවුදියෙ උසාවිත් ඔය වගේ කෙස් ලස්සනට යට ගහනවා.


    පිළිකුල් කරපන් ඔය තුච්ඡ ආගම
    sirawatama