තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ ක&
තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ කලේද ?
![]()
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ වෛද්‍යවරයෙකු පිලිබඳව දිවයින පුවත් පත වාර්තා කරයි. මේ පුවත සත්‍යද ? මෙය සිදු විය හැකිද ?
සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක්ද එල්.ආර්.ටී ඔපරේශන් සිය ගනනක් කොට තිබෙන හිටපු නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ලෙස මම මගේ අදහස් ස්වෛරීව කියමි.
සීසර් ශල්‍යකර්මයක් කිරීමේදී හෙදියක් සහ සහායක වෛද්‍යවරයෙකු ගේ සහභාගීත්වය තිබේ. අදාල මව එල්.ආර්.ටී කිරීමට අත්සන් කොට තිබේ නම් එය මතක් කරන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ හෙදියක විසිනි. සමහර විට සහායක ඉන්ටර්න් වෛද්‍යවරයාද එය මතක් කරයි.
සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල මසන විට එය සහායක වෛද්‍යවරයාගේ සහ හෙදියගේ අවධානයට නිතැතින්ම ලක් වෙති. සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල ගැට ගැසුවේ නම් ගැටය කැපිය යුත්තේ හෙදිය හෝ සහායක වෛද්‍යවරයාය. එය ඔවුන් ගේ ඇස් වසා කිරීම අපහසුය.
සීසර් ශල්‍යකර්මයක් තුලදී එල්. ආර්.ටී සඳහා අනුමැතිය දී නොමැති මවක සීසර් ශල්‍යකර්මය තුලදී ඇයගේ පැලෝපීය නාල මැසීම නීති විරෝධී ක්‍රියාවකි. එම නිසා තම වෘත්තිය අණතුරට හෙලා වෛද්‍යවරයෙකු සීසර් ශල්‍යකර්මය තුලදී පැලෝපීය නාල මැසීම කලා යැයි කීම පිලිගැනීමට අමාරුය. හෙදිය හෝ සහායක වෛද්‍යවරයාට නොපෙනෙන ලෙස පැලෝපීය නාල ගැට ගැසීම ඉතා අපහසු ක්‍රියාවකි.
පැලෝපීය නාල ගැට නොගසා ක්ලෑම්ප් කිරීම හෙවත් පැලෝපීය නාල අඞුවකින් තද කිරීම මගින් වඳ කල හැකි බව වෛද්‍ය චන්න ජය සුමන ප්‍රකාශ කරයි. වෛද්‍ය චන්න ජයසුමන කියන පරිදි ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීමද ලේසි පහසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව ශල්‍ය අඞුව ඉල්ලිය යුත්තේ හෙදිය ගෙනි . හෙදිය දෙන අඞුව පිලිබඳව සවිඥානකය. ශල්‍යකර්මයේදී භාවිතා කල අඞු ඇය යලි ගනන් කල යුතුය. තවද බොහෝ ශල්‍ය හෙදියෝ සීසර් ශල්‍යකර්මය කරන පියවරවල් දනිති. එසේම ඒ ඒ පියවර සඳහා අවශ්‍ය කෙරෙන අඞු , කතුරු සහ ශල්‍ය සැත් ගැන ඇයට දැනුවත් කමක් තිබේ. ඒ නිසා ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීම සහායක වෛද්‍යවරයා හෝ හෙදිය ගේ ඇස් වසා කිරීම පහසු ක්‍රියාවක් නොවේ. මේ හැර ශල්‍යකර්ම 4000 ක දී නිරන්තරයෙන්ම ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කලේ නම් එය හෙදියට හෝ සහාය වෛද්‍යවරයාට නොපෙනෙන හෝ නොදැනෙන සේ කිරීම අසීරුය.
මෙසේ ජාතිවාදී අදහසකින් සිංහල මව්වරු වඳ කලේ නම් ශල්‍යකර්මය කල වෛද්‍යවරයා , සහායකයා මෙන්ම හෙදියද ඒ සඳහා සහාය දිය යුතුය. එහෙත් ශල්‍යාගාරයක මෙසේ රහසින් ආචාර සම්පන්න නොවන වෘත්තීය ක්‍රියා කිරීම ලේසි නොමැත.
සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් අගතිගාමීව ක්‍රියා කරන බව මම පිලිගනිමි.මා ලංකාවේ සේවය කල කාලයේදී සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් සිදු කල ක්‍රියා කිහිපයක්ද මට මතක් වේ. වරක් මාතලේ මූලික රෝහලේදී මුස්ලිම් ජාතික නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ළමුන් අට දෙනෙකු ප්‍රසූත කොට තිබූ මුස්ලිම් මාතාවකට එල්. ආර්.ටී නොකර සීසර් ශල්‍යකර්මය අවසන් කලේය. සාමාන්‍යයෙන් ළමුන් හතර පස් දෙනා සිටින මවු වරුන්ට එල්. ආර්.ටී කර ගැනීමට උපදෙස් දෙන ඔහු මෙහිදී නිහඞව සිටියේ මන්ද කියා කුකුසක් මා තුල ඇති විය. තවද වරක් මුස්ලිම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු උදේ හතරට ළමයා ප්‍රසූත කොට සිටි සිංහල මාතාවගේ එපිස් එක හෙවත් ප්‍රසූතය පහසු කරන උදෙසා කරන කැපුම නොමසා උදේ හතට ප්‍රසූතිය කල මුස්ලිම් මාතාවගේ එපිස් එක මුලින්ම මැසීම මාගේ අවධානයට ලක් විය.
ශ්‍රී ලංකාවේ රෝහල් වල සමහර වෛද්‍යවරු ජාතිවාදීව ක්‍රියා කල සහ තවමත් ක්‍රියා කරන බව නොරහසකි. එහෙත් සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් සීසර් ශල්‍යකර්ම තුලදී වඳ භාවයට පත් කලා යන්න ප්‍රායෝගිකව පිලි ගැනීමට අපහසු කතාවකි. සිංහල සහ මුස්ලිම් වාර්ගික ගැටුම් උණුසුම මධ්‍යයේ මෙවැනි තාර්කික නොවන ප්‍රබන්ධ ප්‍රචාරය කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ. මෙම ප්‍රචාරය සම කල හැක්කේ ආහාර පාන වලට වඳ පෙති දමා මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කලා කීම වැනි අතාර්කික කතාවකටය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
source http://transyl2014.blogspot.com/2019/05/4000.html
ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම .නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න.
![]()
දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.![]()
ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම .නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න.
![]()
thats the reason i always tell that people like you are not suitable for australia. your racism sucks mate. sorry if that hurts. if you can believe such cock and bull stories then you might as well live in this shit hole
ඔව් බන්.
ඒකට නං අහු උණා. විශ්වාස කරෙත් නෑ නැත්තෙත් නෑ. මට ඒක තහවුරු කරගන්න ඕන උනේ.