තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ ක&

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ ක&

    තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ කලේද ?



    p1-1.jpg

    සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ වෛද්‍යවරයෙකු පිලිබඳව දිවයින පුවත් පත වාර්තා කරයි. මේ පුවත සත්‍යද ? මෙය සිදු විය හැකිද ?

    සීසර් ශල්‍යකර්ම 723 ආසන්න ප්‍රමාණයක්ද එල්.ආර්.ටී ඔපරේශන් සිය ගනනක් කොට තිබෙන හිටපු නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ලෙස මම මගේ අදහස් ස්වෛරීව කියමි.

    සීසර් ශල්‍යකර්මයක් කිරීමේදී හෙදියක් සහ සහායක වෛද්‍යවරයෙකු ගේ සහභාගීත්වය තිබේ. අදාල මව එල්.ආර්.ටී කිරීමට අත්සන් කොට තිබේ නම් එය මතක් කරන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ හෙදියක විසිනි. සමහර විට සහායක ඉන්ටර්න් වෛද්‍යවරයාද එය මතක් කරයි.

    සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල මසන විට එය සහායක වෛද්‍යවරයාගේ සහ හෙදියගේ අවධානයට නිතැතින්ම ලක් වෙති. සීසර් ශල්‍යකර්මය වේලාවේදී පැලෝපීය නාල ගැට ගැසුවේ නම් ගැටය කැපිය යුත්තේ හෙදිය හෝ සහායක වෛද්‍යවරයාය. එය ඔවුන් ගේ ඇස් වසා කිරීම අපහසුය.

    සීසර් ශල්‍යකර්මයක් තුලදී එල්. ආර්.ටී සඳහා අනුමැතිය දී නොමැති මවක සීසර් ශල්‍යකර්මය තුලදී ඇයගේ පැලෝපීය නාල මැසීම නීති විරෝධී ක්‍රියාවකි. එම නිසා තම වෘත්තිය අණතුරට හෙලා වෛද්‍යවරයෙකු සීසර් ශල්‍යකර්මය තුලදී පැලෝපීය නාල මැසීම කලා යැයි කීම පිලිගැනීමට අමාරුය​. හෙදිය හෝ සහායක වෛද්‍යවරයාට නොපෙනෙන ලෙස පැලෝපීය නාල ගැට ගැසීම ඉතා අපහසු ක්‍රියාවකි.

    පැලෝපීය නාල ගැට නොගසා ක්ලෑම්ප් කිරීම හෙවත් පැලෝපීය නාල අඞුවකින් තද කිරීම මගින් වඳ කල හැකි බව වෛද්‍ය චන්න ජය සුමන ප්‍රකාශ කරයි. වෛද්‍ය චන්න ජයසුමන කියන පරිදි ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීමද ලේසි පහසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව ශල්‍ය අඞුව ඉල්ලිය යුත්තේ හෙදිය ගෙනි . හෙදිය දෙන අඞුව පිලිබඳව සවිඥානකය. ශල්‍යකර්මයේදී භාවිතා කල අඞු ඇය යලි ගනන් කල යුතුය. තවද බොහෝ ශල්‍ය හෙදියෝ සීසර් ශල්‍යකර්මය කරන පියවරවල් දනිති. එසේම ඒ ඒ පියවර සඳහා අවශ්‍ය කෙරෙන අඞු , කතුරු සහ ශල්‍ය සැත් ගැන ඇයට දැනුවත් කමක් තිබේ. ඒ නිසා ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කිරීම සහායක වෛද්‍යවරයා හෝ හෙදිය ගේ ඇස් වසා කිරීම පහසු ක්‍රියාවක් නොවේ. මේ හැර ශල්‍යකර්ම 4000 ක දී නිරන්තරයෙන්ම ශල්‍ය අඞු වලින් පැලෝපීය නාල තද කලේ නම් එය හෙදියට හෝ සහාය වෛද්‍යවරයාට නොපෙනෙන හෝ නොදැනෙන සේ කිරීම අසීරුය.
    මෙසේ ජාතිවාදී අදහසකින් සිංහල මව්වරු වඳ කලේ නම් ශල්‍යකර්මය කල වෛද්‍යවරයා , සහායකයා මෙන්ම හෙදියද ඒ සඳහා සහාය දිය යුතුය. එහෙත් ශල්‍යාගාරයක මෙසේ රහසින් ආචාර සම්පන්න නොවන වෘත්තීය ක්‍රියා කිරීම ලේසි නොමැත.

    සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් අගතිගාමීව ක්‍රියා කරන බව මම පිලිගනිමි.මා ලංකාවේ සේවය කල කාලයේදී සමහර වෛද්‍යවරු ජාතිවාදී අදහස් වලින් සිදු කල ක්‍රියා කිහිපයක්ද මට මතක් වේ. වරක් මාතලේ මූලික රෝහලේදී මුස්ලිම් ජාතික නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු ළමුන් අට දෙනෙකු ප්‍රසූත කොට තිබූ මුස්ලිම් මාතාවකට එල්. ආර්.ටී නොකර සීසර් ශල්‍යකර්මය අවසන් කලේය. සාමාන්‍යයෙන් ළමුන් හතර පස් දෙනා සිටින මවු වරුන්ට එල්. ආර්.ටී කර ගැනීමට උපදෙස් දෙන ඔහු මෙහිදී නිහඞව සිටියේ මන්ද කියා කුකුසක් මා තුල ඇති විය. තවද වරක් මුස්ලිම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු උදේ හතරට ළමයා ප්‍රසූත කොට සිටි සිංහල මාතාවගේ එපිස් එක හෙවත් ප්‍රසූතය පහසු කරන උදෙසා කරන කැපුම නොමසා උදේ හතට ප්‍රසූතිය කල මුස්ලිම් මාතාවගේ එපිස් එක මුලින්ම මැසීම මාගේ අවධානයට ලක් විය.

    ශ්‍රී ලංකාවේ රෝහල් වල සමහර වෛද්‍යවරු ජාතිවාදීව ක්‍රියා කල සහ තවමත් ක්‍රියා කරන බව නොරහසකි. එහෙත් සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් සීසර් ශල්‍යකර්ම තුලදී වඳ භාවයට පත් කලා යන්න ප්‍රායෝගිකව පිලි ගැනීමට අපහසු කතාවකි. සිංහල සහ මුස්ලිම් වාර්ගික ගැටුම් උණුසුම මධ්‍යයේ මෙවැනි තාර්කික නොවන ප්‍රබන්ධ ප්‍රචාරය කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ. මෙම ප්‍රචාරය සම කල හැක්කේ ආහාර පාන වලට වඳ පෙති දමා මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කලා කීම වැනි අතාර්කික කතාවකටය.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග


    source http://transyl2014.blogspot.com/2019/05/4000.html
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?
    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.
    -මහාචාර්‍යය චන්න ජයසුමන

    aa

    as prof. Channa Jayasumana correctly pointed out, when the peritoneum is opened for C-sec, by crimping the Fallopian tubes, you can do a damage to them. As a result the patient may sub-fertile or non-fertile.
    when you crimp a soft tissue tube in the body, they tend to heal by fibrose tissues.that fibrosis may cause shrinkage of the inner hollow or the patancy of the tube.

    PS

    http://www.elakiri.com/forum/showthread.php?t=1900560

    in this context, Dr. Ruwan M. Jayathunga saying it's impossible without the knowledge of the assisting crew to do a such a thing again & again.

    but who knows if this VOG's assisting crew also involved in this....

    OR

    may be his/her assisting crew keep quiet as they know this VOG is having a connection with politico's which can put them in to trouble...

    Dr. Ruwan M. Jayathunga was a gentleman doctor we had, but I can't understand why he can'r understand or memories that this is Sri Lanka & each & everything is political here......
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,589
    3,455
    113
    Dr. Nawas da මාවනැල්ලේ කලින් හිටපු VOG දැන් ගම්පොල ඉන්නේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    උඹ හම්බයෙක් නේහ්..:P

    නෑ මම සිංහල
    මට ඕන උනේ මේ නිවුස් එක ප්‍රැක්ටිකල් නෑ කියන්න විතරයි

    අනික මේකේ ගියේ දිවයින පත්තරේ එක ලංකාවේ වර්තාතියපු පත්තරයක්
    අගහරු ලෝකේ ගඩොල් වගේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,011
    113
    ආශ්චර්යමත් රටක

    නෑ මම සිංහල
    මට ඕන උනේ මේ නිවුස් එක ප්‍රැක්ටිකල් නෑ කියන්න විතරයි

    අනික මේකේ ගියේ දිවයින පත්තරේ එක ලංකාවේ වර්තාතියපු පත්තරයක්
    අගහරු ලෝකේ ගඩොල් වගේ

    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
     

    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo

    නෑ මම සිංහල
    මට ඕන උනේ මේ නිවුස් එක ප්‍රැක්ටිකල් නෑ කියන්න විතරයි

    Practical නැහැ කියපු කොච්චර දේවල් practically වුණාද. මුස්ලිම් අන්තවාදය නැහැ කිව්වා. හය තැනක බෝම්බ පුපුරලා practically ඒක ඔප්පු කරා. MNewspaper එකක මේ වගේ news එකක් ප්‍රධාන පිටුවක දාන්න තරම් උන්ට පිස්සු නැහැනේ. අපි බලමු gmoa එක ඕක ගැන හොයනව කිව්වනෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    ඔව් මේක 400 ක් වගේ කියල තිබ්බනම් පිළිගන්න තිබ්බා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,901
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම FPA එකට කීප වතාවක් ගිහින් තියෙනවා. එතනට වැඩිපුරම ඇවිත් හිටියේ කලු ලෝගු ඇඳන් හිටපු මුස්ලිම් ගෑනු. ඒ ගෑනු මිනිහට හොරෙන් වඳ සැත්කම්/ තාවකාලික වඳකරගැනීම් වගේ ඒව කරගන්නවා.:dull:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම FPA එකට කීප වතාවක් ගිහින් තියෙනවා. එතනට වැඩිපුරම ඇවිත් හිටියේ කලු ලෝගු ඇඳන් හිටපු මුස්ලිම් ගෑනු. ඒ ගෑනු මිනිහට හොරෙන් වඳ සැත්කම්/ තාවකාලික වඳකරගැනීම් වගේ ඒව කරගන්නවා.:dull:

    උඹ කාත් එක්කද කීපවතාවක් ගියේ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    Practical නැහැ කියපු කොච්චර දේවල් practically වුණාද. මුස්ලිම් අන්තවාදය නැහැ කිව්වා. හය තැනක බෝම්බ පුපුරලා practically ඒක ඔප්පු කරා. MNewspaper එකක මේ වගේ news එකක් ප්‍රධාන පිටුවක දාන්න තරම් උන්ට පිස්සු නැහැනේ. අපි බලමු gmoa එක ඕක ගැන හොයනව කිව්වනෙ

    මේ පත්තරේ බේගල් ගුහාවක් මුන් හදන්නේ තැටිය රත් වුන වෙලේ රොටියක් පුච්ච ගන්න

    GOMA පෙරේතයෝ ගැන නම් කතා කරන්න එපා උන් සල්ලි ටිකක් විසිකරපු ගමන් සද්දේ වහනවා
    දැන් දැක්කනේ කිරිපිට්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    Ochchara loku news ekak headline dana Divaina paththareta,
    Oya dostharage nama danna bari une ei
    Oya dosthara weda karana hospital eka mokadda
    Oya dosthara inne mona palatheda

    මිනිස්සුන්ට විචාර බුද්ධිය නෑ
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8

    නෑ මම සිංහල
    මට ඕන උනේ මේ නිවුස් එක ප්‍රැක්ටිකල් නෑ කියන්න විතරයි

    අනික මේකේ ගියේ දිවයින පත්තරේ එක ලංකාවේ වර්තාතියපු පත්තරයක්
    අගහරු ලෝකේ ගඩොල් වගේ

    kalinuth oya wage lontha talk ki denek dunnada un jathiwadi na ehema na kiya kiya mathakada idapu sanhidiyakarayo.awasaneta minissu 300k marenakamma meke kata gahanna dunne na ekekwath.masayak giye na dan ayeth patan eran hadenne na bn sihalu.mekatath ithin e tikama thama talk denna puluwan ona ekekuta kes palena tharka genna puluwan ona ekekuta eth ekekwath eththa danne na keyboard wirayo witharai inne :no::no::no::no:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    මුන්ට කියල තේරුමක් නෑ....දිවයින ට ගහන්න ඕන උනාම සහජීවනේ ඔද ගලාගෙන යනවා ...

    පොඩි එවුන්ට බෝම්බ තියල මරපු උන් එක්ක තව සහජීවනේ....මේකේ ඇත්ත නැත්ත හොයාගන්නකන් විමසිලිමත් වෙන එක කරන්න ඕන කමකුත් නෑ.....මුන්ව කොටියම කාපිය
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23) මාධ්‍ය වාර්තා කළ පුවතට අදාළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය ඒකකයේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.
    රිෂාඩි බදුයුදීන් ඇමතිවරයාගේ හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයයකට ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ඇති බවද වාර්තාවේ.
    සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතා සූක්ශම ආකාරයට සැත්කම කරණ අතරතුර ලේ නැවත්වීම සන්දහා භාවිතා කරන ශල්‍ය අඩු මගින් පැලෝපීය නාලය තදකොට තැබීමෙන් ඇතිකරවන සන්කූලතාවය මගින් මෙම මව්වරුන් වඳ භාවයට පත්කිරීමට ලක්කොට ඇතිබවට මේ දිනවල සමාජ මාද්‍ය තුල හා මේ පිළිබද වාර්තාකරන පුවත්වල සදහන් විය.
    වඳ භාවයට පත් කළ මවුවරුන් 4000ක් බව මාධ්‍ය වාර්තා කර ඇතත් එම පිරිස 400ක් පමණ විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍යවරු පවසති.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,011
    113
    ආශ්චර්යමත් රටක
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්





    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry: