තව ගැසට් එකක් රිවස් වන ලකුණු

wca

Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113


    පාම් තෙල් ගැටළුවට තානාපතිවරු දෙකක් අගමැති හමුවන්න සූදානමක්​






    image_6ffabb49b4.jpg

    (යොහාන් භාසුර)
    පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැලේසියා සහ ඉන්දුනීසියා තානාපතිවරු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
    මැලේසියානු මහකොමසාරිස් යැන්ග් තායි ටාන් සහ ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ති නුරාග් ආදියාසා යන මහත්වරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ අද (03) වෙළෙඳ අමාත්‍යංශයේදී මේ පිළිබඳව සාකච්ඡා කළහ.
    මැලේසියාව සහ ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවට පාම් තෙල් සපයන ප්‍රධානම රටවල් දෙක වේ.​