තව දවස් කීයද?

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේක බිලොග් එකක තිබ්බේ හොද හින්දා දැම්මා
    එහෙනං ඒකත් ඉවරය. ලෝකෙ විනාස වෙයි. විනාස වෙලා ඉවරයක්ම වුනෝතින් හොදය. නැත්තං බාගෙට විනාස වුනොතින් එහෙම ඊලඟට තව කාගෙ හරි කැලැන්ඩරයක් ඉවර වෙලා ලෝක විනාසෙ වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නය වෙන්නෙ.

    ආශ්චර්යය බලන බලන පැත්තෙන් පේන මේ කාලෙ මේ ලෝක විනාසෙ මොන වගේ ආශ්චර්යමත් විදියකට වේවිද කියල හිතාගන්නත් බෑ. මොනා උනත් ඒක අපිට පේන අන්තිම ආශ්චර්යය වෙනවට මං කැමතිය. මොකෝ දැන් ආශ්චර්ය දැකල දැකල ඇති වෙලා තියෙන්නෙ. සමහර විට මේ පේන ආශ්චර්ය වල හැටියට ලෝක විනාසෙ මහ කජ්ජක් වෙන එකක් නෑ.

    එහෙමයි කියල මං නං ලෝක විනාසෙ සුළුවට ගන් නෑ. මං ටෙලිවිසොන් ඇන්ටනාව කරකෝලා කරකෝල සිරසයි, පවුලේ නාලිකාවයි හොදට පේන්න හදාගෙනයි ඉන්නෙ. එච්චර ගැම්මක නැතුව ලෝක විනාසෙ වේගෙන ආවොත් සිරස දාගන්නව. දෙයියො බුදුන් සිහි වෙන්න ඒකේ දෙනවනේ ඕන එකක්. වැඩේ බලං ඉන්න බැරි තරං භයානක වේගෙන ආවොත් පවුලේ නාලිකාව දාගන්නව. ඒකේ ගොරකත් පැණි රහට දෙනවනේ.

    ආයෙ දෙකක් නෑ මේ දවස් ටිකේ වත් සොමියක් දාගෙන ඉන්න ඕනා. තව මාසයක් වත් ලෝකෙ තිබ්බනං ලැම්බොගිනියක් වත් ගන්න තිබ්බ. මට දුක සැටලයිටෙන් රවුමක් යා ගන්න බැරි වෙච්ච එක ගැන. ආයෙ 20 20 මැච් එකක් බලන්න වෙන එකකුත් නෑ. දුක තමා. ඒත් ඉතින් අපේ එවුන්ට තව කපේකට වත් කප් එක ගන්න වෙන් නැති හින්ද අවුලකුත් නෑ. මොකෝ ආණ්ඩුව මාරු වෙන්නෙත් නෑ නෙ.

    බලං ගියාම ලෝකෙ විනාස උනයි කියල මහ ලොකු අවුලකුත් නෑ. අපිට ලැබෙන්න තියෙන හැමදේම ලැබිල නේ තියෙන්නෙ. ආයෙ හිටියයි කියල මොනව අළුතෙන් ගන්නද, මීට වඩා පඩි ලැබේවිද, මීට වඩා අඩුවට බඩු මිල තියේවිද, මීට වඩා අඩුවෙන් බදු ගහයි ද, නෑ නේ! ඒක හින්ද අවුලක් නෑ. මෙච්චර කල් හිටිය වගේ ඇහැ කන පියාගෙන ඔක්කොම හොඳටයි කියල හිටියම හරි.

    කෝමත් ලෝක විනාසෙත් සතියක් යද්දි අමතක වෙලා යයි.

    පූර්ණ අයිතිය කතෘ සතුයි. තිබ්බේ මෙතන.
    http://hulanga.blogspot.com/2012/12/13.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+hulanga+%28%E0%B7%84%E0%B7%94%E0%B7%85%E0%B6%9F%29
     
    • Like
    Reactions: supun_sg and Minion

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    laugh8kb.gif
    laugh8kb.gif
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එහෙමයි කියල මං නං ලෝක විනාසෙ සුළුවට ගන් නෑ. මං ටෙලිවිසොන් ඇන්ටනාව කරකෝලා කරකෝල සිරසයි, පවුලේ නාලිකාවයි හොදට පේන්න හදාගෙනයි ඉන්නෙ. එච්චර ගැම්මක නැතුව ලෝක විනාසෙ වේගෙන ආවොත් සිරස දාගන්නව. දෙයියො බුදුන් සිහි වෙන්න ඒකේ දෙනවනේ ඕන එකක්. වැඩේ බලං ඉන්න බැරි තරං භයානක වේගෙන ආවොත් පවුලේ නාලිකාව දාගන්නව. ඒකේ ගොරකත් පැණි රහට දෙනවනේ.
    :lol::lol::rofl::rofl:
     
    ඇත්තනේ බං