තව දුරටත් නොරැවටෙමු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තව දුරටත් නොරැවටෙමු

    34063330_10156374851714184_7901844534412181504_n.jpg
    අපි 9 වසරෙ ඉන්න කොට දවසක් අපේ ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තිබුනා. ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් ගහද්දි පංතියට ගිහිල්ල ඉගෙන ගන්න තරං සුදුසු මානසිකත්වයක් ඒ කාලෙ අපිට තිබුනෙ නෑ. ඉතිං මමයි තව යාළුවො ඩබලකුයි සෙට් වෙලා පීරියඩ් 8ම කට් එක දාල මැච් එක බැලුවා. 8 වෙනි පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි පහළවක් විස්සක් තියල අපි පංතියට ගියා බෑග් ටික අරගෙන ගෙදර යන්න, නමුත් අවාසනාවකට අපේ බෑග් පංතියේ තිබුනෙ නෑ. අපි පීරියඩ් 8ම පංතියෙ හිටපු නැති නිසා අංශ බාර සර් අපේ බෑග් ටික අරගෙන ගිහිං. අපි ඒ පාර ගියා සර්ව හමුවෙන්න,

    අපි (තුන් දෙනාම ඔලුව කසමින් ඉතාමත් යටහත් පහත්ව) - සර්
    අංශ බාර සර් - ඇයි?
    අපි (තුනට හතරට නැමිල) - සර්... අපේ බෑග්
    සර් - ආආආආඅ උඹල තුන් දෙනාද පීරියඩ් 8ම පංතියෙ හිටියෙ නැත්තෙ? වරෙව් මෙහෙට. තොපි මොකද මෙච්චර වෙලා කලේ, මැච් බැලුවද?
    මම (කොහෙන් මොන කරුමෙකට එහෙම ගජ බින්නයක් ඔළුවට ආවද මන්ද) - නෑ සර්, අපි අර ඉස්කෝලෙ පිටිපස්සෙ තියන ගඩොල් ගොඩ පොඩ්ඩක් එහාට ඇද්ද (ඇත්තට එහෙම ගඩොල් ගොඩක් නෑ).
    සර් - මොකක්, තොපි මොකටද යකෝව් ගඩොල් ඇද්දෙ, අනික කොහෙද ඔය ගඩොල් ගොඩ තියෙන්නෙ?
    ඩයස් - එහා කොනේ සර්, ටොයිලට්ස් වලට පොඩ්ඩක් එහායින්, බොරුනං මේ බලන්න සර් අත් (අතේ එහෙමකට කියල දූවිලි පොදක් නෑ)
    සර් - වරෙල්ල යන්න බලන්න උඹල ඔය ඇද්ද කියන ගඩොල් ගොඩ, දැන් කව්ද උඹලට ඕක අදින්න කිව්වෙ.
    කාශ්මික - කව්ද සර් කෙනෙක් කිව්වෙ සර්, හරියට නම දන්නෙ නෑ අපි.
    සර් - නම දන්නෙ නෑ.... යකෝ තොපි හිතුවද මම හාව කියල, වරෙන් යන්න ස්ටාෆ් රූම් එකට. දැන් ඔක්කොම සර්ල ටික ඇති එතන. පෙන්නපන් කව්ද ඔය සර් කියල.

    මෙතනට එනකං කියපු සර්ට බොරු ඔක්කොම අපි අන්‍යොන්‍ය අවබෝධයෙන් ගලපගෙන කියපු බොරු. එහෙම බොරුවක් කියමු කියල අපි කතාවෙලා ආව නෑ. නමුත් එකෙක්වත් ඇරියෙ නෑ. දිගටම ඇදගෙන ගියා. නමුත් අපි හිරවුනේ "අපිට ගඩොල් අදින්න කිව්ව සර් කව්ද" කියන ප්‍රශ්නෙදි.

    සර් - වරෙන් යන්න තුන් දෙනාම.
    ඩයස් (මගේ දිහා හෙන ** බැල්මක් දාල) - සර්, අපි ගඩොල් ඇද්දෙ නෑ සර්, අපි බොරුවක් කිව්වෙ. අපි මැච් එක බැලුව. මේ කාශ්මික තමයි එනගමන් කතා වුනෙ සර්ට බොරු කියමු කියල.
    මම (එක හෙලාම සර්වාංගයෙන්ම ඒක අනුමත කරමින්) - ඔව් සර්, අපි ඒත් කිව්ව බෑ කියල, මෙයා කිව්ව සර් මැන්ටලේ සර්ට ඕක අහුවෙන්නෙ නෑ කියල.
    කාශ්මික - සර්, මේ දෙන්න කියන්නෙ බොරු, ඕකෙ අනිත් පැත්ත තමයි සර් ඇත්ත කතාව. මම මේ දෙන්නටම කිව්ව ඇත්ත කියල ගුටි කමු කියල. මේ දෙන්න කිව්ව "බෑ, උඹ ඇත්ත කිව්වොත් උඹට ඉස්කෝලෙ ඇරිල යද්දි ගහනව කියල".

    සර් ගත්ත පොල්ලක්, දන ගැස්සුව තුන් දෙනාම ගැහුව පොල්ල කැඩෙනකන්. ගහල තුන් දෙනාම එක්කගෙන ගියා ආපහු සර්ගෙ කාමරේට. දැන් ගනිව් තොපේ බෑග්.

    බොරු කියල අහුවෙලා අම්බානක කාල හිටපු අපි නැට්ට පස්සෙ ගහගත්ත බලු කුක්කො වගේ බෑග් ටිකත් අරගෙන එලියට ආව. සර් ආයෙම අපිව නැවැත්තුව. නවත්තල සර් කිව්ව බොහොම වැදගත් කතාවක්.

    උඹල මහ ලැජ්ජ නැති සක්කිලි කාලකන්ණි යකෝ. තොපි පීරියඩ් 8 කට් කරපු එකත් හරි, මැච් බලපු එකත් හරි. බොරු කියපු එකත් හරි. ඒත් තොපිට ලැජ්ජාවක් කියල නාමයක් නැද්ද තොපි තුන් දෙනාම එකතු වෙලා ඔක්කොම බලු වැඩ කරල අහු වුනාම ලැජ්ජ නැතුව එක එකාව පාව දී ගන්න.

    අපිට අද සිරිසේනට කියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි. අවුරුදු තුන හමාරකට කලින් එකට සෙට් වෙලා, බොරු කියලා මිනිස්සු රවට්ටලා චන්ද දිනලා, රටේ පොදු දේපල විකුණලා කරන්න තියන ඔක්කොම බලු වැඩ ටික කරලා කෙලවේගෙන එනකොට, ඊළඟ චන්දෙ ලං වෙනකොට නිකං බොරුවට බබා වෙලා අනිත් උන්ව පාව දෙන්න හැදුවට එයා වගේම ඔයා කව්ද කියලත් අපි දන්නව. නිකං ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තව දුරටත් ඕවට රැවටෙන්න මිනිස්සු මේ රටේ නෑ

    උපුට ගනීම​ අන්තර්ජාලයෙන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිට අද සිරිසේනට කියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි. අවුරුදු තුන හමාරකට කලින් එකට සෙට් වෙලා, බොරු කියලා මිනිස්සු රවට්ටලා චන්ද දිනලා, රටේ පොදු දේපල විකුණලා කරන්න තියන ඔක්කොම බලු වැඩ ටික කරලා කෙලවේගෙන එනකොට, ඊළඟ චන්දෙ ලං වෙනකොට නිකං බොරුවට බබා වෙලා අනිත් උන්ව පාව දෙන්න හැදුවට එයා වගේම ඔයා කව්ද කියලත් අපි දන්නව. නිකං ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තව දුරටත් ඕවට රැවටෙන්න මිනිස්සු මේ රටේ නෑ

    එහෙමමත් නැ තාමත් හරක් ටිකක් ඉන්නවා උම්බෑ කියකිය තණකොළ බුදින :sorry::sorry:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    good example

    True 100%
     
    • Like
    Reactions: chathuranirmal

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මරුසිරා;23263895 said:
    අපිට අද සිරිසේනට කියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි. අවුරුදු තුන හමාරකට කලින් එකට සෙට් වෙලා, බොරු කියලා මිනිස්සු රවට්ටලා චන්ද දිනලා, රටේ පොදු දේපල විකුණලා කරන්න තියන ඔක්කොම බලු වැඩ ටික කරලා කෙලවේගෙන එනකොට, ඊළඟ චන්දෙ ලං වෙනකොට නිකං බොරුවට බබා වෙලා අනිත් උන්ව පාව දෙන්න හැදුවට එයා වගේම ඔයා කව්ද කියලත් අපි දන්නව. නිකං ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තව දුරටත් ඕවට රැවටෙන්න මිනිස්සු මේ රටේ නෑ

    එහෙමමත් නැ තාමත් හරක් ටිකක් ඉන්නවා උම්බෑ කියකිය තණකොළ බුදින :sorry::sorry:

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන තව කාලෙකින් කියනව ඌ රටේ ජනාධිපතිවෙලා උන්නද කියලත් දැනන් උන්න නැ කියල..