තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

I Vote for

  • MR

    Votes: 53 18.1%
  • My3

    Votes: 240 81.9%

  • Total voters
    293
  • Poll closed .

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...
    Mervin%20Silva%20Bike%20Ride%202012%20Kiribathgoda%20Junction%20KTYN.jpg

    ඊරිසියාවට නෙවේ මේවා ලියන්නේ අවදානය පිණිස , අපිත් කැමති කොල්ලෝ ආතල් එකේ ජිවත් වෙනවට නමුත් අහිංසක ජනතාවගේ සම්පත් ධනය හුරගෙන කාලා ආතල් ගන්න එක අනුමත කරන්න බැ ...

    නාමල් රාජපක්ෂ ,

    උපත 1986 හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී 2010 තාරුණ්‍යට හෙටක් සභාපති වන ඔහුගේ පාවිච්චියට සදහා වාහන 22ක් පවතී . වංචාකාරී ලෙස නිතිවිභාගය සමත්විමටත් ජපුර විශ්ව විද්‍යාලයේ සුදුසු කම් කිසිවක් නොමැතිව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටද එතුමා සමත් විය සිටින බවට චෝදනා එල්ලවී තිබේ ,ජනාධිපතිවරයාගේ විධායක බලතල ආරෝපණය කරෙගෙන ඇමති මණ්ඩලය පවා හසුරවන්න මොහු කටයුතු කර තිබේ .
    තවද රටේ ක්‍රීඩා ක්ෂේතයට හා තරුණ කටයුතු දේශපාලනීය කිරීමටත් කෙලවිමටත් වග කිය යුත්තෙකි
    .
    නිලියන් ඇසුරට තදටම ප්‍රියකරන්නෙක් එය ඔබ අප සැම දන්නා රහසකි ...

    යෝෂිත රාජපක්ෂ ,

    a_015.jpg

    කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු , නිල නොලත් නා--- හමුදාපති , ඇස්ටන් මාර්ටින් වර්ගයේ සුපිරි රේසින් මෝටර් රථයක් ඇතුළුව රේසින් මොරට රථ 6ක් සහ ඔහුගේ පාවිච්චියට සදහා වාහන 20ක් පවතී , ඔහුගේ පෙම්වතිය වූ යසාරා මේවන විට ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ ඉහල තනතුරකට පත් කොට ඇත,

    පෙම්වතියේ කලින් පෙම්වතා වූ රගර් ක්‍රීඩකයෙකුගේ ඝාතනයක් සම්බන්දවද මොහු ගේ නම ඈදි ඇත ( කලින් පෙම්වතා විසින් ඇයගේ අවල් තැන උපන්ලපයක් ඇති බව මොහුට පවසා ඇත.)

    රෝහිත රාජපක්ෂ ,

    hqdefault.jpg

    ඔහු පාවිච්චි කරන සපත්තු දෙක රුපියල් 150,000 බවද මාධ්‍යට පවසා ඇත ,
    ඇස්ටන් මාටින් ලෑම්බෝගිනි වැනි සුපිරි රේසින් මෝටර් රථ 19ක් හිමි බව කියයි , එහි වටිනාකම කෝටි 90ක් පමණවේ ,

    මෙම රාජපක්ශ පුතුන් විසින් එංගලන්තයේ රැජිනගේ මාලිගාවේ සුදු අශ්වයෙක් කෝටි ගණනක මුදලකට ගෙනා ආ බව ද දැන් හෙළි වී තිබේ , මෙම අශ්වයා දැනට නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සිටි .

    පුතෝ සල්ලි සාධාරණ විදිහට උපයලා මෙහෙම විගඩම් නැතුවාට කමක් නැ නමුත් ,රට බංකොලොත් කරලා ආතල් ගන්න එක හරි වැඩක් නෙවේ ...

    රටකට ඕනේ අපමණ අගයක්හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    මාරාගේ එකාදිපති වියරුව

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...:yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අපි.....
    ඒ කියන්නේ මහජනතාව.......:dull::dull::dull:
    ධනාත්මකව සිතන්න.
    අරගලයෙන් තොර දිනීමක් නැත.

    ‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
    මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
    නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
    - එලී වීසල්
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපි.....
    ඒ කියන්නේ මහජනතාව.......:dull::dull::dull:

    :rolleyes:

    මාරා දිනුවොත් අපි තව සදආනාත වෙනවා එක හරි එත් පොදුඅපෙක්ෂකයා දිනුවොත් අපිට බලාපොරොත්තුවක් හරි තියාගන්න පුළුවන් රටේ වෙනසක් ආර්ථික පිබිදීමක් යහපාලනයක් , ඒකාධිපති ක්‍රමයට ඇදලා දාන විදායක ක්‍රමයේ වෙනසක් ඇති වේ, ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් , ආණ්ඩුවක් ,ස්වාදීන නීතියක් රටේ ඇති වේ කියලා මචං.

    නමුත් අපි මාරා අත්වින්ද නිසා අපි දන්නවා මාරා හොරා ,ඒකාධිපතියා , කොමිස් කාරයා කියලා ,මාරාගේ ආණ්ඩුව අදික කොමිස් ගහන ආණ්ඩුවක් කියලා අපි අත්වින්දා ඒවගේම මාරාගේ ආර්ථිකය ප්‍රතිපත්ති අදටත් අපි අත්විදිනවා , ඒ නිසා බන් මටනම් ඕන මාරා නැතුව වෙන මොකෙක් ආවාත් කමක් නැ ,, මොකද මචං 2වතාවකත වඩා බලයේ ඉන්න උස්සහා කරන්නේ රටට තියෙන ආදරයට නෙවේ එක පැහැදිලි ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බැරි වෙලාවක් උන් රට බෙදීමක් කලොත්..? උතුර දෙමළට, නැගෙනහිර තම්බියට වගේ.. මොකද තම්බියා, දෙමළා ඔය පැත්තට ලොකු බලාපොරොත්තුවක් ඇතිව.. මරා කවදාවත් තම්බියට, දෙමළට ඕන ඕන විදියට නටන්න දුන්නෙ නැහැ.. හැබැයි බං රනිල්, චන්ද්‍රිකාගෙ අතීතෙ ගත්තම කොටි හුරතල් කරපු හැටි පේනවනේ.. මට මේක සෑහෙන ප්‍රශ්නයක් උනා මෑතක හිටන්.. පැහැදිලි කරපං පුළුවන් නම්..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    යෙප්....
    අන්න ඒ නිසා තමා මම කියන්නේ මොකා බලයට ආවත් ගේම ඊළග පාර්ලිමේන්තු මැතිවරණය කියලා.....
    අපි යහපාලනය සහ යහ ආර්ථික පාලනය ගේන්න නම් බුද්ධිමත් සහ ප්‍රාමාණික විද්වතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
    මම මරාට නම් දෙන්නේ නැත, නමුත් තවම මෛත්‍රීපාල සිරිසේන මහත්මාට ඡන්දය දීමට සිටින්නේ වැට උඩය. (බොරු අවශ්‍ය නැත, මේ මාගේ වර්තමාන තත්ත්වයයි) හේතුව, අංක1- චන්ද්‍රිකා නම් කුජීත චරිතයයි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම රට කෑවාය.2-හකීම් සහ රාජවරෝතියම් නිකං ම යහපාලනය සදහා මෛත්‍රීට හේත්තු වූ බවට කරන ප්‍රකාශය ඔවුන් ගේ දේශපාලන ඉතිහාසය හොදින් ම අද්‍යයනය කර ඇති මට පිළිගත නොහැකි වීමයි. 3-පචබාහු, මනෝගනේෂන්, අසාත් සාලි වැනි සිවලුන් පෙනි සිටින්නේ කුමක් සදහා ද යන්න පැහැදිලිව ම පෙනෙන්නට තිබෙන නිසාය 4- මේ සියලු ම ඉතිහාසයේ මේ රටට කෙළවන්නට බලං සිටි බලවේග පාලනය කරගන්නට මෛත්‍රීපාල මහත්මාටත්, වික්‍රමසිංහයන් ප්‍රමුඛ එජාපයට සහ ගෞරවාර්හ රතන හිමියන් සහ චම්පික වැනි අයට පුළුවන් වේ දැයි මට ඇති අවිශ්වාසයයි. ඔවුන් ගේ ගොඩ වැඩිය, මේ අය ගේ ගොඩ තාම අඩුය.........:(
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බැරි වෙලාවක් උන් රට බෙදීමක් කලොත්..? උතුර දෙමළට, නැගෙනහිර තම්බියට වගේ.. මොකද තම්බියා, දෙමළා ඔය පැත්තට ලොකු බලාපොරොත්තුවක් ඇතිව.. මරා කවදාවත් තම්බියට, දෙමළට ඕන ඕන විදියට නටන්න දුන්නෙ නැහැ.. හැබැයි බං රනිල්, චන්ද්‍රිකාගෙ අතීතෙ ගත්තම කොටි හුරතල් කරපු හැටි පේනවනේ.. මට මේක සෑහෙන ප්‍රශ්නයක් උනා මෑතක හිටන්.. පැහැදිලි කරපං පුළුවන් නම්..:yes:

    ඊයෙ හිරු එකේ බලය වැඩසටහනට එක්කෙනෙක් කෝල් කරල මරු ප්‍රශ්ණයක් ඇහුව ... "දැන් ඔබ තුමාල කියනව මයිත්‍රිපාල සිරිසේන මහත්තය බලයට පත් උනාම කොටි සංවිධානය යළි හිස ඔසවනව කියල ... මම දැනගන්න කැමතියි එතකොට කොටි සංවිධානයෙ නායකත්වය ගන්නෙ කවුද කියල" :lol:

    ඕකට පුළුවන්නම් උත්තරයක් දෙන්න.

    ධනාත්මකව සිතන්න.
    අරගලයෙන් තොර දිනීමක් නැත.

    ‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
    මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
    නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
    - එලී වීසල්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ධනාත්මකව සිතන්න.
    අරගලයෙන් තොර දිනීමක් නැත.

    ‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
    මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
    නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
    - එලී වීසල්
    ඇත්තය....
    අරගල කළ යුතුය.....
    ඒ ගැන විවාදයක් නැත....
    මට ඇති ප්‍රශ්නය අරගලය ගැන නොවේ....
    අරගලයට මග පෙන්වන සෙටාර් එකය............
    මෛත්‍රී නොවේ, රනිල් නොවේ, රතන හිමියන් හෝ චම්පික ද නොවේ.....
    අනිත් උන්ය...........:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තය....
    අරගල කළ යුතුය.....
    ඒ ගැන විවාදයක් නැත....
    මට ඇති ප්‍රශ්නය අරගලය ගැන නොවේ....
    අරගලයට මග පෙන්වන සෙටාර් එකය............
    මෛත්‍රී නොවේ, රනිල් නොවේ, රතන හිමියන් හෝ චම්පික ද නොවේ.....
    අනිත් උන්ය...........:dull:
    :yes:
    මටත් තියෙන්නෙ ඕං ඔය ප්‍රශ්නෙ තමා..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යෙප්....
    අන්න ඒ නිසා තමා මම කියන්නේ මොකා බලයට ආවත් ගේම ඊළග පාර්ලිමේන්තු මැතිවරණය කියලා.....
    අපි යහපාලනය සහ යහ ආර්ථික පාලනය ගේන්න නම් බුද්ධිමත් සහ ප්‍රාමාණික විද්වතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
    මම මරාට නම් දෙන්නේ නැත, නමුත් තවම මෛත්‍රීපාල සිරිසේන මහත්මාට ඡන්දය දීමට සිටින්නේ වැට උඩය. (බොරු අවශ්‍ය නැත, මේ මාගේ වර්තමාන තත්ත්වයයි) හේතුව, අංක1- චන්ද්‍රිකා නම් කුජීත චරිතයයි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම රට කෑවාය.2-හකීම් සහ රාජවරෝතියම් නිකං ම යහපාලනය සදහා මෛත්‍රීට හේත්තු වූ බවට කරන ප්‍රකාශය ඔවුන් ගේ දේශපාලන ඉතිහාසය හොදින් ම අද්‍යයනය කර ඇති මට පිළිගත නොහැකි වීමයි. 3-පචබාහු, මනෝගනේෂන්, අසාත් සාලි වැනි සිවලුන් පෙනි සිටින්නේ කුමක් සදහා ද යන්න පැහැදිලිව ම පෙනෙන්නට තිබෙන නිසාය 4- මේ සියලු ම ඉතිහාසයේ මේ රටට කෙළවන්නට බලං සිටි බලවේග පාලනය කරගන්නට මෛත්‍රීපාල මහත්මාටත්, වික්‍රමසිංහයන් ප්‍රමුඛ එජාපයට සහ ගෞරවාර්හ රතන හිමියන් සහ චම්පික වැනි අයට පුළුවන් වේ දැයි මට ඇති අවිශ්වාසයයි. ඔවුන් ගේ ගොඩ වැඩිය, මේ අය ගේ ගොඩ තාම අඩුය.........:(

    ආර්ථික පාලනය ගේන්න නම් බුද්ධිමත් සහ ප්‍රාමාණික විද්වතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

    ඔව් මම එක පිලිගන්නවා මචං !!

    2-හකීම් සහ රාජවරෝතියම් නිකං ,

    මෙතන ඇත්ත කතාව තමයි මුස්ලිම් කොන්ගස් එක කියන්නේ පට්ට කපටි රැලක් උන් අනිතම වෙනකන් තීරණය දුන්නේ නැනේ උන් බැලුවා මෙතන දිනන සයිස් එකක් තියෙන්නේ කාටද , ඊට පස්සේ පැන්නා එහෙම නැතුව මචං මුස්ලිම් උන්ට වෙනම කැල්ලක් ,දෙමළ උන්ට වෙනම කැල්ලක් දෙන්නේ නැ එක පුහුබයක් විතරයි මේ අවස්ථාවේ ජන්ද වැඩි කරගන්න ඕන නිසා ඔය එන එන කට්ටිය එකතු කරගත්තා එහෙම නැතුව බන් කැලි දෙන්න බැනේ . එවා මචං තාර්තික නැනේ , පොදුඅපෙක්ෂකයා එක්ක එකතුවෙලා ඉන්නවා හෙළ උරුමය , අපේ සොබිත ස්වාමින්වහන්සේ , රතන හාමුදුරුවෝ ,UNP එක ඉතින් බන් මෙතන පුර්ණ විශ්වාසයක් තියෙනවා රට ආදරේ කරන බහුතරක් මේක ඇතුලේ ඉන්නවා තව ඔය දෙමල පක්‍ෂ එකතු කරගෙන තියෙන්නේ බන් ජන්ද පදනම වැඩි කරගන්න මිසක් රටේ කැලි දෙන්න නෙවේ . මම හිතනවා මචං මෙතන තනි තීරණයට වැඩ කරන්න බැරි නිසා ඒකමතික තීරණ වලට වැඩ කරන්න සිදුවන නිසා රටට යහපතක් වේ කියලා ...
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඇත්තය....
    අරගල කළ යුතුය.....
    ඒ ගැන විවාදයක් නැත....
    මට ඇති ප්‍රශ්නය අරගලය ගැන නොවේ....
    අරගලයට මග පෙන්වන සෙටාර් එකය............
    මෛත්‍රී නොවේ, රනිල් නොවේ, රතන හිමියන් හෝ චම්පික ද නොවේ.....
    අනිත් උන්ය...........:dull:

    කොරහේ කිඹුල්ලු නොදැක, මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි. :yes:
    නැතහොත් තවත් වසර 8ක් අපේක්ෂා භංගත්වය රජයනු ඇත.
    වෙනසකට මුල පිරීමද යම් ආකාරයක සාධනීය වෙනසකි.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    චන්ද්‍රිකාගෙ අතීතෙ ගත්තම කොටි හුරතල් කරපු හැටි පේනවනේ.. මට මේක සෑහෙන ප්‍රශ්නයක් උනා මෑතක හිටන්.. පැහැදිලි කරපං පුළුවන් නම්..:yes:

    මෙහෙමයි මචං මහින්ද තමයි අද කොටි හුරතල් බලන්නේ ,
    1) වත්මන් කොටි නායක KP ඉන්නේ මාරා එක්ක ,
    2)කරුණා අම්මාන් ඉන්නේ මාරා එක්ක ,
    3)පිල්ලේ යාන් ඉන්නේ මාරා එක්ක ,

    අරන්තාලාවේ ස්වාමින් වහන්සේලා 30ක් අමු අමුවේ ඝාතනය කරපු ,දළාදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා අම්මාන්ට පිල්ලේ යාන්නට වෙනස් වෙන්න පුළුවන් උනා නම් රටේ රටේ ජනතාවගෙන් සමාව ලැබුනා නම් ලැබිලා නේ ඉතින් එකනේ උන් රජ සැප විදින්නේ .
    ඇයි චන්දිකාට වෙනස් වෙන්න බැරි චන්දිකාත් කොටින්ගෙන් බැට කපු ගැහැනියක් අපි හැමෝටම වඩා චන්දිකාට ලොකු තරක් කේන්තියක් කොටින් එක්ක තියෙනවා, චන්දිකා කොටි හුරතල් කරා කියන එක වැරදි මචං , චන්දිකා අසමත් උනා මිසක් හුරතල් කලේ නැ.

    අනිත් එක මචං එදාට වඩා අද රට ගොඩක් වෙනස් එදාට වඩා අද ජනතාව නියෝජනය කරන අලුත් නායකයන් රටේ ඉන්නවා , එදා තිබුන කොටි අද නැ ඉන්නවා නම් එකෙක් දෙන්නෙක් ඉන්නේ මහින්ද ලග , ඊළාම් කියන කතාව ලැබෙන්නෙත් නැ දෙන්නෙත් නැ එක ගැන කතා දෙකක් නැ කවදාවත් සිංහල නායකයෙක් ඊළාම් දෙන්නේ නැ.
    දෙමල ජනතාවට තියෙන එකම ප්‍රශනය ඊලම් නෙවේ බන් එමිනිස්සුන්ටත් අපිට වගේම බඩට ,ඇගට දැනෙන ප්‍රශ්න තියෙනවා , ආර්ථික ප්‍රශ්න තියෙනවා රැකියා පිළිබද ප්‍රශ්න තියෙනවා එමිනිස්සුත් ශ්‍රී ලාංකිකයෝ අපි හැමෝටම පොදු ප්ර්ශනයක් තමයි ඒකාධිපති මහින්ද ගෙනියන මේ දුෂිත ,කොමිස් ගහන ,තම වත්කම් පමණක් තර කරගන්න ,රට බංකොලොත් කරන ,නය බරෙන් පිඩිත , එකප්‍රද්ගල වියදම ආදායමට වඩා සිය දහස් ගුණයකින් වැඩිවෙලා තියෙන , ආර්ථික ප්‍රතිපත්ති නැති පවුල් ආණ්ඩුව පලවා හරින එක ඒකතමයි
    මචං අංක එක
     
    Dec 28, 2014
    763
    95
    0
    ඇත්තය....
    අරගල කළ යුතුය.....
    ඒ ගැන විවාදයක් නැත....
    මට ඇති ප්‍රශ්නය අරගලය ගැන නොවේ....
    අරගලයට මග පෙන්වන සෙටාර් එකය............
    මෛත්‍රී නොවේ, රනිල් නොවේ, රතන හිමියන් හෝ චම්පික ද නොවේ.....
    අනිත් උන්ය...........:dull:

    අනේ බන් උබට මොලයක් නැද්ද? පොඩ්ඩක් බලපන් මහින්ද ඉන්නෙ කාත් එක්කද කියලා කුඩු කාරයො. එතනොල් කාරයො, නූගත් ඇමති මණ්ඩලය, මහ කොටින්ට සැප දෙනව මේකද ආස්චර්‍ය???:angry::angry: