තහනම් උත්තේජන : චෝදනාව පිළිගත් ක්‍රීඩකයෝ &#350

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
තහනම් උත්තේජන : චෝදනාව පිළිගත් ක්‍රීඩකයෝ &#350

රගර් ක්‍රීඩකයන් තිදෙනාට තහනම් උත්තේජන ලබාදුන් පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකාවේදී නිමාවූ ආසියානු රටවල් පහේ රගර් තරගාවලියට පෙර ප්‍රෝටීන් ආදේශක ලබාගැනීමෙන් තහනම් උත්තේජන ශරීරගතවන්නට ඇතැයි ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයන් තිදෙනා ඊයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ පැවැති පරීක්ෂණයේදී පිළිගත්හ. ඒ අනුව තහනම් ශරීර උත්තේජන චෝදනාවට අදාල ‘බී’ මුත්‍රා සාම්පල පරීක්ෂාව සිදු නොවනු ඇත. ශ්‍රී ලංකා රගර් පිලේ එරංග ස්වර්ණතිලක, කීත් ගුරුසිංහ හා සාලිය කුමාර තහනම් උත්තේජන චෝදනාවට ලක්වූ අතර ඔවුන් එම අතිරේක ශක්තිජනක ප්‍රෝටීන් ආදේශකය ලබා ඇත්තේ පුහුණුකරු කළමනාකරු හෝ කණ්ඩායමේ වෛද්‍යවරයාගේ අනුදැනුමකින් තොරව බවද පවසා ඇත.

ක්‍රීඩකයන් තිදෙනාට අතිරේක ශක්තිජනක ප්‍රෝටීන් ආදේශක ලබා දුන් පුද්ගලයන්ගේ නම් ඊයේ පැවැති පරීක්ෂණයේදී හෙළිකර ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රි පුද්ගල පරීක්ෂණ කමිටුව තීරණය කර ඇත. තහනම් උත්තේජන අඩංගු අතිරේක ශක්තිජනක ප්‍රෝටීන් ආදේශක ලබාදුන් පුද්ගලයන් ලබන සඳුදා ක්‍රීඩා වෛද්‍ය ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වේ. තහනම් උත්තේජන චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තරගවලට සහභාගීවීමෙන් අනතුරුව ලබා ගත් මුත්‍රා සාම්පලවල ‘මීතයිල් හෙක්සානේමයින්’ (Methyl Hexanemine) තහනම් ඖෂධ සංඝටක අඩංගු බවට වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී තිබුණි.

ආසියානු රටවල් පහේ තරගාවලියේ කොළඹදී පැවැති තරග තුනකට ශ්‍රී ලංකාව සහභාගී වූ අතර එයින් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවූ අතර තරග 2ක් පරාජයට පත් විය. තහනම් උත්තේජන චෝදනාව පිළිබඳ පරීක්ෂණය විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා යන මහත්වරු හා මහාචාර්ය රෝහිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහෙයවනු ලැබීය. ජාතික තහනම් උත්තේජන කමිටු සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පැවැසුවේ මේ පරීක්ෂණය ඉතා ඉක්මනින් අවසන් කිරීමට ත්‍රි පුද්ගල කමිටුව උපදෙස් දී ඇති බවය.

Read more: http://www.cricturf.com/sinhla/53-snews/718-2011-06-15-05-33-50.html#ixzz1PJujiCh6