"ත්‍රාඩ ස්ටාර්" තරඟය ...
වාස් ගුණවර්ධන විසින් බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ඝාතනය කිරීමේදී ඝාතකයන් සමග වාස් ගේ වැඩිමහල් පුත් රවිඳු ගුණවර්ධන නමැත්තාද එම වාහනයටම නැගී ගිය බව අධිකරණයට වාර්තා කර තිබියදී මෙතෙක් රවිඳු අත් අඩංගුවට ගත්තේ නැත. කිසිදු ව්‍යාපාරයක් හෝ රැකියාවක් නොකරන වාස්ගේ වැඩිමහල් පුතාගේ මෙරට ගිණුමක රුපියල් ලක්ෂ 50 ක් තිඛෙන්නේ කෙලෙසදැයි මෙතෙක් සොයා නැත. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන පරිදි රවිඳු ගුණවර්ධන සතුව ජයික් හිල්ටන් හි සුපිරි නිවසක්ද තිබේ. රජයේ රැකියාවක් කරන පියෙකුගේ රැකියා විරහිත, ව්‍යාපාරයක්ද නොකරන පුත්‍රයෙක් සතුව එවැනි දේපොලක් තිබිය හැකිද? කිසිසේත්ම නැත. මේ වස්තුව ඒකාන්තයෙන්ම පියා සහ පුතුන් එක්ව මිනීමරා සොරකම් කර ගත් ධනය යි. වාස් අත් අඩංගුවට ගත්තද අනෙකුත් අපරාධකරුවන් තවමත් නිදැල්ලේ ය.
මෙහි පළමු සේයාරුවෙන් දැක්වෙන්නේ වාස් ගුණවර්ධනයේ බාල පුත් හසිඳු ගුණවර්ධන විසින් මිනි ඌෂි ගිනි අවියක් මානන අයුරුයි. මෙම මිනි ඌෂි ගිනි අවිය විශේෂ කාර්ය බලකාය වෙත නිකුත් කර ඇති ගිනි අවියකි. මෙවැනි භයානක ගිනි අවි පොලිස් කාරයන්ගේ පුතුන් අත කෙළි බඩු වී ඇති සැටි මෙයින් තහවුරු වේ. මොවුන්ට මිනීමැරීම සෙල්ලමක් වී ඇත්තේ මෙලෙසය
දෙවන සේයාරුවෙන් දැක්වෙන්නේ වාස්ගේ බාල පුතා හසිඳු ගුණවර්ධන සතු අති නවීන මොටර් රථ වලින් එකකි. නවසීලන්තයේ සුපිරි ධනපතියෙකු මෙන් වෙසෙන වාස්ගේ පුතුන්ට එම මුදල් ලැබුනේ කෙසේද? නවසීලන්තයේ කිසිදු රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන පුංචි කොල්ලෙකුට මේ ධනය ලැබුනේ කෙසේද? මේවා පියා සහ පුතුන් එක්ව මිනීමරා ගොඩ ගසා ගත් ධනය නොවේද? මේවා ගැන පරීකෂණ පැවැත්වීමට බාධා කරන ආරක්ෂක ලේකම් මේ අපරාධයන්ට හවුල් කරුවෙක් නොවේද?
තෙවන සේයාරුවෙන් දැක්වෙන්නේ වාස් ගුණවර්ධන මිනීමරු පවුලට ආරක්ෂාව ලැඛෙන්නේ කොතැනින්ද යන්න සනාථ කරන සේයාරුවකි. මුළු රටම එකම පාතාලයක් ලෙස සිතා මිනීමරුවන්ට ආරක්ෂාව සලසන මැදමූලන මරා සමග මිනීමරු පවුල එක්ව ගත් සේයාරුවක් අවසානයේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක් අද පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා කීය. රටේ අපරාධ ගැන කිසිදු තැකීමක් නැති නිසා රණවිරු ස්ටාර්, ලිටිල් ස්ටාර්, සුපර්ස් ස්ටාර්, මෙගා ස්ටාර් වැනි තරග අතරට රටේ අපරාධ පිළිබඳ "ත්‍රාඩ ස්ටාර්" තරඟයක්ද පැවැත්විය යුතු යැයි ඔහු උපහාසයෙන් කීය.
එවන් "ත්‍රාඩ ස්ටාර්" තරඟයක් පැවැත්වුවහොත් ගුණවර්ධන පුතුන් සමග මර්වින්ගේ පුත් මාලක සිල්වාද රගර් විනිසුරුට පහර දුන් මරා පුත් රොකට් රෝහිතද අවසන් වටයට තේරෙනවා නොඅනුමානය.