ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු &

ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු මතුවීම
උතුරු පළාත් සභාවේ 59 වැනි සැසිවාරයේ දී ඉරණමඩු බුදු පිළිමය ඉදිකිරීම නතර කළ යුතු යෑයි යනුවෙන් ගෙනා යෝජනාවක් සම්මත විය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන්නේ යෑයි පැහැදිලිව සඳහන්ව තිබියදී මෙවැනි යෝජනා සම්මත වීම පුදුම සහගතය. 2016 වසරේ අගෝස්‌තු මාසයේදී කිලිනොච්චියේ දෙමළ සංවිධානයක් විසින් පැවැත්වූ පෙළපාලියක් පිළිබඳව දකුණේ මාධ්‍යවලද අවධානය යොමුවිය. උතුරේ මහ ඇමැතිවරයාගේ පූර්ණ ආශිර්වාද ඇතිව පැවැත්වූ මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ කුමක්‌ද? උතුරේ බුදු පිළිමවලට එරෙහි වීමය.
මෙම පෙළපාලියේ ගමන්කළ දෙමළ කාන්තාවෝ පොල් ගසමින් විශ්වමඩු හි ඉදිකිරීමට යෝජිත බුදු පිළිමයට විරෝධය පළ කළහ. උතුරට බුදු පිළිම අරහංවීම දේශපාලනික කාරණයක්‌ද? කොටි සංවිධානය බලවත්ව පැවති සමයේ පවා මෙවැනි බුදු පිළිම විරෝධයක් පැවැතියේ නැත. කිලිනොච්චියේ බුදු පිළිම ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලිs කළේ ඉකුත් අගෝස්‌තු මාසයේදීය. මේ විරෝධයෙන් සති කිහිපයක් ඉක්‌ම යද්දී 2016 සැප්තැම්බර් මාසයේ දී වව්නියාව - යාපනය මහා මාර්ගයේ කනගරායන්කුලම්හි පිහිටි බුදු පිළිමය බෞද්ධ විරෝධී තලේබාන්වරු පිරිසක් විසින් කඩා බිඳ දමා තිබිණි. දින කිහිපයක් ඉක්‌ම යැමට මත්තෙන් දෑ හිතකාමී මහ සඟරුවන වැඩම කර එම ස්‌ථානයේම නව බුදු පිළිමයක් තබන්නට කටයුතු කිරීම පැසසිය යුතුය. එහෙත් මේ බුදු පිළිම කැඩීම ගැන නිසි පරීක්‍ෂණයක් සිදු වූයේ නැත. එය සැබවින්ම බෞද්ධයන්ට කළ නිග්‍රහයකි.
මේ බෞද්ධ විරෝධයේ තවත් ජවනිකාවක් ඉකුත් ඉරිදා පහන් වෙද්දී අපට දැන ගැනීමට හැකිවිය. ඒ කවරක්‌ද? ත්‍රිකුණාමලයේ පොලිස් වසම් හතරක බුදු පිළිම හතරක් කඩාදමා කළුතෙල් වත්කර ඇති පුවතය. ඉකුත් 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් එක් බුදු පිළිමයකට පහරදෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ. මොවුන් කවුද? ත්‍රිකුණාමලයෙන් බෞද්ධ විරෝධී තලේබාන්වරු මතුව තිබේද? කොටි සංවිධානය පවා බුදු පිළිමවලට පහරදීමට උනන්දු වූවේ නැත. එසේ නම් ත්‍රිකුණාමලයේ බුදු පිළිම කැඩීම පිටුපස ක්‍රියාත්මක වන සංවිධානය හෝ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු නොවේද? අද බුදු පිළිමවලට පහර දුන්නා නම් හෙට විහාරස්‌ථානවලට පහරදීමට මෙම බලවේග උත්සුක නොවන්නේ යෑයි කාට කිව හැකිද? නැගෙනහිර පළාතේ සෑම බෞද්ධ විහාරස්‌ථානයකයම හමුදා සාමාජිකයන් අනුයුක්‌ත කිරීමට පසුගිය රජය කටයුතු කර තිබිණි. එයින් එම විහාරස්‌ථානවල ආරක්‌ෂාව සහතිකවූ අතර පරිපාලන කටයුතුවලටත් මහත් පහසුවක් විය. නමුත් යහපාලන රජය යටතේ පසුගිය වසරේ අගෝස්‌තුවේ සිට නැගෙනහිර පළාතේ විහාරස්‌ථාන වෙත අනුයුක්‌ත කර තිබූ හමුදා භටයන් ඉවත් කෙරිණි.
කොටි සංවිධානයට නැවත ප්‍රාණ වායුව පිඹින්නන් මුලින්ම උතුරේ බෞද්ධ විරෝධය ඇති කරන බව පැහැදිලිය. එම විරෝධය අවසන් වන්නේ කොතැනින්ද? හමුදා කඳවුරු ඉදිරිපිටින් බව මේ රජය වටහාගත යුතුය. මෙවර අයවැයෙන් සංහිඳියා රූපවාහිනියක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් වෙන්කර තිබිණි. පසුගිය සතියේ ඒ සඳහා ගිවිසුම්ද අත්සන් කළ බවට ප්‍රවෘත්ති පළ විය. එහෙත් ත්‍රිකුණාමලයේ දී බුදු පිළිම කඩා දමද්දී ඒවා මතට කළුතෙල් වත් කරද්දී බෞද්ධයන්ට දැනෙන හැඟීම කවරේද? යහපාලන ආණ්‌ඩුව දකුණේ සිංහල බෞද්ධයන්ට සහජීවනය ගැන පාඩම් කියා දීමට විශාල උනන්දුවක් ගනී. සංහිඳියා සතියක්‌ද මේ වන විට ක්‍රියාත්මකය. සංහිඳියා සතිය ආරම්භ වෙද්දී බුදු පිළිමවල සිරස ගැලවිණි. එවිට සංහිඳියාව ක්‍රියාත්මක වන්නේද? සංහිඳියාව වෙනුවෙන් උතුරේ බුදු පිළිම ඉවත් කිරීමට අප සූදානම් විය යුතුද? සැමට මෙත්සිත පැතිරිය යුතු වුවත් බෞද්ධයන් නිවටයන් බවට පත්කළ යුතු නැත. බුදු පිළිම කැඩූ ත්‍රස්‌තයන් ගැන පොලිසිය පරීක්‍ෂණ නොකරන්නේ සංහිඳියාව බිඳී යා යෑයි බියෙන් සිටින නිසාද? නැගෙනහිර බුදු පිළිම කඩා දැමීම ගැන මහනායක හිමිවරු මෙතෙක් කිසිම ප්‍රකාශයක් කර නැත. නැගෙනහිර පළාතේ බුදු පිළිම ආරක්‌ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නැගෙනහිර ආණ්‌ඩුකාරතුමා උපදෙස් ලබාදී ඇත. එහෙත් මේ තර්ජනය සුළුකොට තැකිය යුතුද?
බහුතර බෞද්ධයන් පිරිසක් වාසය කරන දකුණේ නගරයකදී වෙනත් ආගමික ස්‌ථානයකට ගල් ප්‍රහාරයක් හෝ එල්ල වූවා නම් ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට යහපාලන ආණ්‌ඩුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ඇත. ඒ ප්‍රහාරය හෙළා දැකීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පමණක් නොව වොෂින්ටනයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා ඉදිරිපත් වනු ඇත. නමුත් බුදු පිළිම සිරස සිඳුණු විට කතා කරන කිසිවෙක් නම් නැත. අභාග්‍යයකි. එහෙත් බෞද්ධ උරුමය බෞද්ධ අයිතිය රැක ගැනීම වෙනුවෙන් රටේ බහුතරය පෙරට ආ යුතුය. එදා භාක්‌තියාර් ඛල්ජිගේ සේනාව නාලන්දාව විනාශ කිරීමට පැමිණි අවස්‌ථාවේ එහි සිටි භික්‍ෂූන් මරණානුස්‌සතිය වැඩූ බව සඳහන්ය. අවසානයේ සියලු භික්‍ෂුන්ගේ ගෙල සිඳ මරාදමන ලදී. නමුත් නැගෙනහිර බොදු උරුමය විනාශ කර දැමීමට වෑයම් කරන විට අපට නම් නිහඬව බලා සිටිනු නොහැක. බෞද්ධයන් යනු දෙවැනි පංතියේ පුරවැසියන් නොවන බව සියලු දෙනා තරයේ සිහි තබාගත යුතුව ඇත.

Divaina
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීලා තියෙන අභිමානවත් ඉතිහාසයක් තියෙන රජවරුන් බිහිඋනු රජරටෙන් බිහි වූ බෞද්ධ ජනාධිපතිකෙනෙක්ගෙන් පාලනය වෙන බහුතරයක් බෞද්ධ අමාත්‍යවරුන් බින්න බැහැගෙන ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක බුදු දහමට සහ බෞද්ධයාට සිද්ධ වෙන දේ ගැන හිතනකොට මහා කලකිරීමක් ඇති වෙනවා බන්. මොකා බලයට ආවත් තමන්ගේ රට ජාතිය ආගම ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්තක් ඉන්න රටක් වෙලා මේක. මුස්ලිම් රටක මේ වගේ දෙයක් මුස්ලිම් මිනිහාට කරොත් මොන තරම් දෙයක් වෙයිද කියලා හිතා ගන්න බෑ. ඒත් අපේ රට...