සුනාමියෙන් විනාශ වූ ඉපැරණි දහම් පාසල් ගොඩ නැගිල්ල ඉදිකරන්න ඉඩ නොදෙන්නේ කාගෙ උවමනාවටද? ත්‍රිකුණාමලය ඇත්ත මේකයි...
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දී ආරම්භ වූ ප්‍රථම දහම් පාසල වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි වර්ධන දහම් පාසල නැවත ආරම්භ කිරීම සඳහා මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම 2025.11.16 වන ඉරු දින පෙරවරු 09.09 ට යෙදුණු සුභ මොහොතින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදුකරන ලදි.
වර්ෂ 1951 දී ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයේ නිර්මාතෘ අපවත් වී වදාල බලපිටියේ ශාන්ත නාහිමියෝ ය.
ඉන්දීය හමුදා ආක්‍රමණයෙන් පසු අකර්මණ්‍ය වු මෙම විහාරස්ථානය හා දහම් පාසල 1996 දී ත්‍රිකුණාමලය පෙඩ්රික් බලකොටුව අසල බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථාන භූමියට ගෙනයන ලදි.
වර්ෂ 2001 වන විට දරුවන් 200 කට අධිකව අධ්‍යාපනය ලැබූ ත්‍රිකුණාමලයේ කීර්තිමත්ම දහම් පාසලක් වූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල ( 53/15/දහ/ලි/6345) සුනාමි ව්‍යවසනයෙන් පසු වැසී ගියේය.
2004 දෙසැම්බර් සුනාමි ව්‍යසනයෙන් සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැරණී ගොඩනැගිල්ල ද සම්පූරණයෙන්ම විනාශ විය.
යුධ ගැටුම් හා විවිධ ගැටළු හේතුවෙන් සම්බුද්ධ ජයන්ති විහාරය හා දහම් පාසල නැවත ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු අතර අද දින එකී සත්ක්‍රියාව දායකයන්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරිණි.
වර්තමානයෙහි ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංසතිස්ස හිමියන් මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරනු ලබයි.
Dulara Gunathilake