ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද?

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද?

    ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද? (1)

    අප ගෞතම බුදුරජානන් වහන්සේ වැඩ සිටි, මීට අවුරුදු 2561 කට ඉහත දී , එදා ජම්බුද්වීපය ලෙස හැඳින්වූ ඉන්දියාව මුළුල්ලේම ඉතා ස්වල්පයේ සිට අසදෘෂ මහා දාන දක්වා දානයත්, ධර්ම අවබෝදයට ක්ෂන සම්පත්තිය අැති උපාසක උපාසිකාවන් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් යන මාර්ග හෝ ඵල අවබෝදකරන්නටත්, තවත් අය, ධර්ම අවබෝදය ඉක්මන් කිරීමට භික්ෂු භික්ෂුණී බවට පත්වන්නටත් වුනා. එ් සියළු දෙනාට බුදුරජානන්වහන්සේගෙන් සෘජුවම ධර්මය ශ්‍රවනය කර දහම් අවබෝදයට පින මෝරා තිබුණා.

    එසේ බැලූ බැලූ තැන මිනිසුන් මහනවෙනවා දුටු පියෙක් සහ පුතුන් දෙදෙනෙක් ගෞතම බුදු සසුනේ පැවිදි බව ලැබුවා. පැවිදි වීමට පෙර ඔවුන් තිදෙනා කරණවෑමි රැකියාව කළා.

    පැවිදි වී කර්ම කර්මඵල ගැන දේශනා ශ්‍රවනය කරන විට , තමන්ගේ පෙර පින ඉතාමත් සුළු බව එම භික්ෂූන් වහන්සේලා තුන් නමට සිතෙන්නට අැත. එමනිසා, ජීවමාන බුදුරජානන්වහන්සේට දානයක් දී (දක්ඛින විභංග දේශනාව උන්වහන්සේලා ශ්‍රවනය නොකර තියෙන්නට අැත) මහත්වූ පිනක් රැස් කර ගැනීමට උන්වහන්සේලා තීරණය කළ සේක.

    මීළඟ ගැටළුව වූයේ දානය දීමට අවශ්‍ය කළමනා මිලදී ගැනීමට අවැසි මුදල් සොයාගැනීමයි. එහිදී නැවතත් තමන්ට පුරුදු රැකියාව කර මුදල් ටිකක් උපයා ගැනීමට තීරණය විය. දැන් භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගමින් ගමට කොන්ඩා කපමින් දානයකට කියමින් මුදල් රැස්කරති.

    කෙසේ හෝ අවසානයේ රැස් කර ගත් මුදලින් කැඳ දානයක් සකස් කර එම භික්ෂූන් වහන්සේලා තුන් නම බුදුරජානන් වහන්සේලාට පිළිගැන්වූ සේක.

    දානය සකස් කර ගත් අාකාරය විමසූ බුදුරජානන්වහන්සේ, භික්ෂූන්වහන්සේලාට එවැනි ක්‍රියා අකැප බවට උපදෙස් දී දානය ප්‍රතික්ෂේප කරන ලදි. ධර්ම අවබෝදයට මුහුකුරා ගිය අංග නොමැති ඔවුන් බුදුරජානන්වහන්සේ ගැන අමනාාප සිතක් අැතිකර ගත්තා.

    මීට හරියටම අවුරුදු 2561 කට පෙර යෙදුනු වෙසක් පෝය දිනයේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනේ, අකාලයේ මලින් පිරී ගිය සල් ගස් දෙකක් අතර සෑදුනු පිරිනිවන් මංචකයේ අප මහා ගෞතම බුදුරජානන් වහන්සේ වැඩ සිටියා. (එහි සම්පූර්ණ විස්තරය දැනගැනීමට මහා පරිනිර්වාන සූත්‍රය කියවන්න)

    එදා වන විට ධර්ම අවබෝදය ලබා සිටි බොහෝ මිනිසුන් සහ දෙවිවරුන් සම්බුද්ධ පරිනිර්වානය අවස්ථාවේ නිහඬව අනිත්‍යය මෙනෙහි කරමින් සිටියත්, එ් වන විට ධර්ම අවබෝදයක් අැති කර ගැනීමට නොහැකි වූ බොහෝ දෙවියන්, උපාසකයින්, උපාසිකාවන්, භික්ෂූන් අාදීන් හඬන්නට ශෝක කරන්නට වුනා.

    මේ අවස්ථාවේ එක් භික්ෂුවක් අනෙකුත් අය අමතා, "ශෝක නොකරව්, මෙය කැපය, මෙය අකැපය කියමින් අපට නීති පැනවූ කෙනා තවදුරටත් නැත, නොහඬවු, නදහසේ රිසි සේ වාසය කරව්" ලෙස පැවසීය.

    එ් අන් කිසිවෙක් නොව, කරණ වෑමී රැකියාව කරමින් සිට වයසට ගොස් පැවිදි වූ සුභද්‍ර නම් භික්ෂුවයි. සුභද්‍රගේ වචන අභද්‍ර වූයේ එසේයි෴
     
    • Like
    Reactions: Ne@

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද? (2)

    සුභදු භික්ෂුවගේ වචන එම සථානයේ වැඩ සිටි මහා කාශ්‍යප මහ රහතන්වහන්සේට අැසුනා. සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු දින 7ක් එම ස්ථානයේම බුද්ධශරීරය තබා දෙව් මිනිසුන් පූජාපැවැත්වූවා. සියළු කටයුතු මල්ල රජදරුවන් සංවිධානය කළා.

    7වෙනි දිනයේදී නගරයේ නැගෙනහිරට පිහිටා තිබූ මකුටබන්දන නම් මංගල ශාලාවේදී බුදු සිරුර අාදාහනය වුනා. අාදාහනයෙන් පසු සර්වඥ්ඥ ධාතූන්වහනසේලාට තවත් දින 7ක් පූජා පැවැත්වූවා. සර්වඥ්ඥධාතූන්වහන්සේලා ලබාගැනීමට පැමිනි,

    මගධාදිපති වේදේහිපුත්‍ර අජාසත් රජු,
    විසාලා මහනුවර වාසී ලිච්චවි රජ දරුවෝ,
    කිඹුල්වත්පුර වාසී ශාඛ්‍ය රජ දරුවෝ,
    අල්ලකප්ප නුවර වාසී බුලය රජ දරුවෝ,
    රාම ග්‍රාමයේ කෝලිය රජු,
    වෙඨදීප නුවර වාසී බ්‍රාහ්මණ,
    පාවා නුවර වාසී මල්ල රජ දරුවෝ,
    කුසිනාරා නුවර වාසී මල්ල රජ දරුවෝ,

    යන අට පිරිස සඳහා ද්‍රෝන නම් බ්‍රාහ්මණ විසින් සර්වඥ්ඥධාතූන්වහන්සේලා සම කොටස් අටකට බෙදා දුන්නා.

    එසේ බෙදීමට යොදාගත් නැලිය ද්‍රෝන බ්‍රාහ්මණ තෙමේ ගෙන ගොස් තැන්පත් කර චෛත්‍යයක් සාදා පූජා සත්කාර පැවැත්වූවා.

    පසුව පැමිණි පිප්ඵලිවනිය නම් මෞර්‍ය රජු, සියල්ල අවසන් බැවින් අාදාහන ස්ථානයේ අඟුරු ගෙන ගොස් පිප්ඵලි නගරයේ අංගාර චෛත්‍යය කරවූවා

    එ් අාකාරයෙන් සම්බුද්ධ පරිනිර්වානයෙන් පසු තෙවන සතිය ගත වූවා.

    (සම්පූර්ණ විස්තරය සඳහා, මහා පරිනිර්වාන සූත්‍රය කියවන්න)

    සම්බුද්ධ පරිනිර්වානයෙන් දෙවන සතියෙන් පසු පැමිණියේ වර්ෂා කාලය බැවින් භික්ෂූ, භික්ෂුණීන් වහන්සේලා වස් සමාදන් විය යුතු වුණා.

    රැස්වසිටි භික්ෂූන්වහන්සේලා අැමතූ අනුරුද්ධ, උපාලි, මහා කාශ්‍යප අාදී මහ රහතන් වහන්සේලා, එළඹෙන වස්කාලයේ, තෝරාගත් භික්ෂූන්වහන්සේලා 500නමක් හැර ඉතිරි සියළු භික්ෂූන් වහන්සේලා රජගහනුවරින් පිටවී ගොස් වෙනත් ප්‍රදේශ වල වස් වසන ලෙස දන්වා සිටියා.

    වස් සමාදන් වූ පළමු මාසයේ අජාසත් රජුට දන්වා රජගහ නුවර සියළු සෙනසුන් පිළිසකර කරවූවා.

    මීළඟට, වර්ෂා කාලයේ දෙවෙනි මාසයේ, අජාසත්ත රජතුමාගේ පූර්ණ රාජ්‍යය අනුග්‍රහය යටතේ රජගහ නුවර, වේභාර පර්වතයේ සප්තපර්නී නම් ගුහාව අභියස රහතන් වහන්සේලා 499 දෙනෙක් රඩු විසින් කරවූ අලංකාර මණ්ඩප අාදියේ පැනවූ අාසන වල වැඩසිටියා.

    එතෙක් අර්හතඵලය සාක්ශාත් කරගැනීමට වෙරදැරූ අප මහ ධර්ම භාණ්ඩාගාරික අානන්ද ස්වාමින් වහන්සේ අප්‍රතිහතව අප්‍රමාදව කටයුතු කළ බැවින් ධර්ම සංගායනාව අාරම්භවීමට පෙර දින අර්හත් ඵලය සාක්ෂාත් කර ගත්තා.

    තමන්වහන්සේ අර්හත්භාවය ලැබූ බව, අභිඤ්ඤා නොලැබ අර්හත්ඵලය සාක්ෂාත් කළ රහතන්වහන්සේලාට දැන ගත නොහැකිනිසා එ් ගැන නොදන්වා ධර්ම සංගායනාවට වැඩම කළ හොත් සැකයක් ඉපදිය හැකි බැවින්, අර්හත්බව සළකුණු කිරීමට මෙන් අප අානන්ද මහ රහතන්වහන්සේ වැඩසිටි තැනින් පොලව තුලට කිමිදී ධර්ම සංගායනාවට භික්ෂූන් වහන්සේලා වැඩසිටි වේහාර පර්වතයේ සප්තපර්නී ගුහාව ඉදිරිපිට තැනූ මණ්ඩපයේ තමන්වහන්සේට තැනූ අාසනයෙන් මතුවී වැඩසිටියා.

    පළමු ධර්ම සංගායනාව එලෙස අාරම්භ විය෴
    continued.....
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ත්‍රිපිටකය අපිට ලැබුනේ කෙසේද? (3)

    අප මහා ගෞතම බුදුරජානන්වහන්සේ විසින් ලෝ වැසි දෙව් මිනිසුන් සසර දුකින් එතෙර කරවීමට දේශනා කළ නවාංග සමන්නාගත ශස්තෘ සාසනයෙහි අැති අංග නවයකි.

    එනම්,

    සුත්ත (සූත්‍ර)
    ගෙය්‍ය
    වෙය්‍යාකරණ
    ගාථා
    උදාන
    ඉතිවුත්තක
    ජාතක
    අබ්භූතධම්ම
    වේදල්ල

    ලෙස දේශනා කළ සියළු දහම් කරුණු ශ්‍රවනය කර මතකයේ රඳවාගෙන සිටි මහ රහතන්වහන්සේලා 500නමක් එදා පළමු ධර්ම සංගායනාවට වේහාර පර්වතයේ සප්තපර්නී ගුහා අභිමුවේ අජාසත් මහ රජුන් විසින් තනා තිබූ මණ්ඩපයට වැඩම කළසේක. එ් මීට හරියටම වසර 2561කට පෙර, එම අවුරුද්දේ දෙවන වස් මස වූ නිකිණි මස පුන් පොහෝ දිනය පසුවී දෙවෙනි දවසයි.

    උපාලි මහ රහතන්වහන්සේ විනය සඳහා ප්‍රධානත්වයට පත්කරගත්තා.

    අානන්ද මහ රහතන්වහන්සේ අනෙකුත් සියළු ධර්මයන්ගේ ප්‍රධානත්වයට පත් කර ගත්තා.

    විනය, ශික්ෂාපද, නිධාන කතා අාදිය විමසීම පිනිස කාෂ්‍යප මහ රහතන්වහන්සේ පත්වුනුසේක.

    මේ අාකාරයට ධර්ම සංගායනාව නිම කිරීමට මාස හතක කාලයක් ගත විය. එ් මාස හතක කාලය තුල තමන් වහන්සේලා බුදුරජානන්වහන්සේගෙන් අැසූ ධර්මය, එය දේශනා කළ ස්ථානය, එහි අන්තර්ගත ධර්ම කරුණු, එය දේශනා කළේ කා හටද, එයින් ලැබූ ප්‍රථිඵල මොනවාද අාදී සියළු දේ අැතුලත් වුනා. එම නිසා සූත්‍ර අරම්භය, එ්වං මේ සුතං එ්කං සමයං භගවා ------------ විහරති, අාදීලෙස වෙයි. එනම්, බුදුරජානන් වහන්සේ අසවල් ස්ථානයේ වැඩ සිටියදී මා විසින් මේ ධර්මය ශ්‍රවනය කරන ලදි, ලෙසයි.

    ධර්ම සංගායනාව අවසන් වන විට මහා පෘථිවිය හය වරක් කම්පා විය.

    වැඩසිටි භික්ෂූන් වහන්සේලා එම බුද්ධ උපදේශ අන්තර්ගත සූත්‍ර දේශනා සියල්ල කටපාඩම්කරගෙන, තමන් පිළිපදින අතර නවක භික්ෂූ, භික්ෂුණීන් වහන්සේලාට කට පාඩම් කරවමින් ඉදිරි පරම්පරා සඳහා පිරිසිදු බුද්ධවචනය අාරක්ශා කර තැබුවා.

    එ් අාකාරයාන් ප්‍රථම ධර්ම සංගායනාව නිමාවට පත් විය෴
    continued........
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ත්‍රිපිටකය අපිට ලැබුනේ කෙසේද? (4)

    පළමුවන ධර්ම සංගායනාව කරන විට ඉන්දියාව්‍ේ රජකළේ බිම්බිසාර රජතුමාගේ පුත් වූ අජාසත් රජතුමායි. දේවදත්ත නැමැති අසත්පුරුෂ පාපී මිත්‍රයා අාශ්‍රය කිරීම නිසා අජාසත්, තම පියාගේ දිවි තොරකර අානන්තරීය පාප කර්මය කරගෙන තිබුණා. පසුව රජතුමා එ් ගැන ඉතාමත් පස්තැවිලි වුනා. ජීවක වෛද්‍යවරයාගේ මගපෙන්වීම යටතේ බුදුරජානන්වහන්සේ හමුවීමට ගියා(සාමඤ්ඤඵල සූත්‍රය කියවන්න).
    එතැන් සිට දිවිහිමියෙන් ශාසන සේවාව කළා. බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ පනිවිඩය කියන විට සිහිසුන්ව අැදවැටුනා. එසේ තුන්වරක් සිහිසඅුන් වුනා. හතරවෙනි වර පනිවිඩය කිව්වේ බෙහෙත් ඔරුවක බස්සවා. නමුත් ඔහු මරනින් මතු නිරයේ ඉපදුණා.

    අජාසත් රජතුමාගේ පුතා උදායිභද්‍ර නම් වේ. තම පියා වූ අජාසත් රජු ඝාතනය කළ ඔහු 16වසරක් රජකම් කළා.

    උදායිභද්‍ර රජුගේ පුත් අනුරුද්ධයි. ඔහු තම පියා වූ උදායිභද්‍ර මරවා රජකම ගත්තා.

    අනුරුද්ධ රජුගේ පුතා මුණ්ඩ නම් වුණා. ඔහු තම පියා වූ අනුරුද්ධ රජු මරවා රජකම ගත්තා.

    අනුරුද්ධ සහ මුණ්ඩ යන රජවරුන් දෙදෙනා වසර අටක් රජකම් කළා.

    මුණ්ඩ රජතුමාගේ පුතා නාගදාසක යි. ඔහු තම පියා වන මුණ්ඩ රජු මරවා වසර 24ක් රජකම් කළා.

    එ් මගධයේ බිම්බිසාර රජ පරපුරේ අවසානයයි.

    රට වැසියන් නාගදාසක රජු කෙරෙහි කිපුණා.

    පියවරුන් මරමින් රජ වන මොවුන්, පීතෘඝාතක රාජවංසයක් ලෙස නම් කරමින්, නාගදාසක රජු එලවා දැමුවා.

    රාජස්‍ේවයේ යෙදී සුසුනාග නමින් ප්‍රඤ්ඤාවන්ත , සැමදෙනා සමග හිතවත්, යහපත් අැමතිවරයෙක් හිටියා.

    සියළුදෙනා එකතු වී සුසුනාග , මගධාධිපති ලෙස අභිෂේක කළා.

    සුසුනාග රජතුමා වසර 18ක් මගධ රාජ්‍යයේ රජකම් කළා.

    සුසුනාග රජතුමාග්‍ේ පුතා කාලාශෝක යි.

    පියාගෙන් පසු ඔහුට රජකම ලැබුණා.

    කාලාශෝක රජතුමා වසර 28ක් මගධාධිපති ලෙස රජකම් කළා.

    රජවරුන් පියා මරා රජකම ගැනීමට උත්සාහ කළ කාලයත් , රජකම් කළ කාලයත් එතකු කළ විට, කාලාශෝක රජු අභිෂේක ලැබ 10වෙනි වසර වන විට අප තථාගත ගෞතම සම්මා සම්බුදුරජානන්වහනසේ පිරිනිවන් පා අවුරුදු 100ක් ගතවී තිබුණා෴
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ත්‍රිපිටකය අපිට ලැබුනේ කෙසේද? (5)

    කාලාශෝක රජතුමා මගධයේ රාජ්‍ය කරන සමයේ, විසාලා මහනුවර වජ්ජි දේශයෙන් පැමිණ පැවිදිවූ භික්ෂූන් වහන්සේලා සිටියා.

    වජ්ජීදේශ වැසියන්ගේ පුතුන් පැවිදි වූ බැවින්, එම භික්ෂූන් වහන්සේලා , වජ්ජි පුත්තක භික්ෂූන් යන නමින්ද හැඳින්වූවා.

    ඔවුන් කරුණු දහයක් , භික්ෂූන්වහන්සේලාට කැපයි, අනුගමනය කළාට වරදක් නැතැයි, සම්මත කර ගත්තා.

    එම කරුණු 10 නම්,

    සිංගිලෝනං ද්වංගුලං ච
    තථා ගාමන්තරංපි ච
    අාවාසානුමතාචිණ්ණං
    අමථිතං ජලෝගි ච
    නිසීදනං අදසකං
    ජාතරූපාදිකං

    1.ගමනක් යන විට අඟක ලුණු දමාගෙන රැගෙන යාම කැපය.

    2.ඉර අවරට ගොස් අඟල් දෙකක් යනතුරු දානය වැළඳීම කැපය.

    3.ගමනක් යන විට , කළින් වළඳා ඉතිරි වූ දෙය රැගෙන ගොස් අතරමගදී වැළඳීම කැපය.

    4.විශාල සීමාවක් තුල වෙන් වෙන්ව පොහොය කිරීම කැපය

    5.සංඝයාගේ කැමැත්ත නොගෙන විනය කර්මයක් කර පසුව පවසා කැමැත්ත ගැනීම කැපය.

    6.අාචාර්‍යයන්ගෙන් පැවතෙන දේ එසේම කිරීම කැපය.

    7.දානය වැළඳීමෙන් පසු වෙනත් අසුනක වාඩි වී කිරි (දියර) වැළඳීම කැපය.

    8.සුරා බවට පත් වූ තෙලිජ්ජ, මීරා අාදිය පානය කිරීම කැපය.

    9.වාටිය නොමැසූ වාඩිවීමට ගන්නා නිසීදනය පරිහරනයට සුදුසුය.

    10.රන් රිදී මිල මුදල් පිළිගෙන පරිහරනය සුදුසුය.

    මෙසේ එම වජ්ජිපුත්තක භික්ෂූන් දස අකැපවස්තූන්, කැප යයි සම්මත කරගෙන අනුගමනය කළා . එ් තථාගත පරිනිර්වානයෙන් අවුරුදු 100ක් ගතවූ කාලාශෝක රජ සමයේයි෴
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද? (6)


    සම්බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 100 ක් ගතවූ කාලාශෝක රජ සමයේ වජ්ජිපුත්තක ඵික්ෂූන් දස අකැප වස්තූන් සම්මත කරගෙන පිළිපදින්නට වුනා.

    කාකණ්ඩ නම් බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ, ෂඩ් අභිඥ්ඥා ලාභී යස නම් තෙරුන් වහන්සේට මේ ගැන අසන්නට ලැබුනා. එමනිසා උන්වහන්සේ වජ්ජි ජනපදයන්හි චාරිකාවේ යෙදුනා.

    උන්වහන්සේ විසාලා මහනුවර මහ වනයේ කූටාගාර විහාරයට වැඩම කළා.

    වජ්ජිපුත්තක භික්ෂූන් එම කූටාගාර විහාරයේ, පොහොය ගේ මැද, ජලය පිරවූ රන් පැහැ පාත්‍රයක් තබා තිබුණා.

    උපාසක උපාසිකාවෙනි, සංඝයාගේ ප්‍රයෝජනය පිනිස රන් කහවනු පූජාකරන්න යැයි ඔවුන් පැමිණෙන අයට පැවසුවා.

    මෙය අැසුණු ෂඩ් අභිඤ්ඤාලාභී කාකණ්ඩ බුාහ්මන පුත්‍ර යස තෙරුන් වහන්සේ මෙසේ පැවසුවා,

    උපාසක උපාසිකාවනි, රන් කහවනු අාදිය පූජා කරන්න එපා. භික්ෂූන්ට එවැනි දේ පිළිගැනීම අකැපයි.

    එම උපදේශයෙන් උපාසක උපාසිකාවන් රන් කහවනු පිදීම නතර වුනා. වජ්ජි පුත්තක භික්ෂූන් එ් ගැන අමනාප වුනා.

    භික්ෂූන්වහන්සේලාට පටිසාරණීය නම් විනය කර්මයක් අැත. එහිදී යම් භික්ෂුවකගෙන් ගිහියෙකුට වරදක් වූ විට, සංඝයාගේ අනුමැතියෙන්, එම වරද සිදුවූ ගිහියා හෝ ගිහියන් ළඟට ගොස් සමාව ගත යුතුය.

    රන් කහවනු පිදීම වැළැක්වීමෙන්, යස තෙරනුවන්ගෙන් ගිහියන්ට වරදක් සිදු වූ බව වජ්ජිපුත්තක භික්ෂූන් තීරණය කළා. වජිජිපුත්තක භික්ෂූන් පටිසාරණීය කර්මය යස තෙරුන්ට නියම කළා.

    විනය පිටකයේ සඳහන් පරිදි ගිහියන්ගෙන් සමාව ඉල්ලීමට යෑමේදී තවත් භික්ෂුවක් සමග යා යුතු නිසා අනුදූත භික්ෂුවක් ඉල්ලා ගත්තා.

    යස තෙරනුවන් අනුදූත ඵික්ෂුව සමඟ විසාලා මහනුවරරට වැඩම කොට, රන් කහවනු භික්ෂූන්ට පිළිගැනීමේ අකැප වන අාකාරය උපාසක උපාසිකාවන්ට පහදා දුන්නා. සියළුදෙනා පැහැදුනා.
    අනුදූත භික්ෂුවත් රන් කහවනු පිළිගැනීම අකැප බව අවබෝද කරගත්තා.

    අනුදූත භික්ෂුව සමග යස තෙරුන් විශාලා මහනුවර භික්ෂූන් වෙත වැඩම කර , මිල මුදල් පිළිගැනීම අධර්මයක් බවත් අකැප බවත්, නගරවැසියන් දැනුවත් කළ බව කියා සිටියා.

    එයින් ප්‍රකෝප වූ වජ්ජිපුත්තක භික්ෂූන්, විනය කර්මයක් තුලින්, යස තෙරුන් සංඝයාගෙන් නෙරපීමට තීරණය කොට යස තෙරුන්ගේ කුටිය වට කළා.

    යස තෙරුන්වහන්සේ අහසට පැන නැංගා. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයට වැඩම කළා.

    පාවා නුවර වාසය කරන භික්ෂූන්ට , මේ අර්බුදය සන්සිඳවීමට දන්වා දූත භික්ෂූන් වහන්සේලා පිටත් කළා.

    අවන්ති නුවර වාසී භික්ෂූන්ටත් දූත භික්ෂූන් පිටත් කළා.

    මේ අවස්ථාවේ සම්භූත මහ රහතන්වහන්සේ වැඩ සිටියේ, අහෝගංග නම් පර්වතයේ වූ සාන නම් වනාන්තරයේයි. යස තෙරුන් වහන්සේ, තමන් වහන්සේ විසින්ම මේ සියල්ල සම්භූත මහ රහතන්වහන්සේට පවසා සිටියා.

    මේ අවස්ථාවේ, පණිවිඩය ලැබී, පාවා නුවරින් තෙරුන්වහන්සේලා 60නමකුත්, අවන්ති වාසී තෙරුන්වහන්සේලා 80නමකුත්, ලෙස මහ රහතන්වහන්සේලා 140නමක් අහසින් අහෝගංග පර්වතයට වැඩම කළා.

    අහෝගංග පර්වතයේ සාකච්චා වලට රැස්වූ මූළු රහතන්වහන්සේලා ගනනින් අනූ දහසකි.

    මේ අවස්ථාව වන විට ධර්ම විනයේ බහුශෘත වූ රේවත මහ රහතන් වහන්සේ වැඩ සිටියේ සෝරෙය්‍ය ජනපදයේයි. එ් රහතන් වහන්සේලා රේවත රහතන්වහන්සේ හමුවීමට පිටත් වූණා.

    රේවත මහ රහතන් වහන්සේට මෙම විනය අර්බුදය දිව්‍ය වූ ශ්‍රවනයෙන් අසන්නට ලැබුනා. උන්වහන්සේ එවේලේම විසාලා මහනුවරට වැඩම කිරීමට සෝරෙය්‍ය ජනපදයෙන් පිටත් වුනා.

    අවසානයේ, සහජාතිය නම් ස්ථානයේදී අනෙක් රහතන් වහන්සේලාට රේවත රහතන්වහන්සේ මුණගැසුනා. ධර්ම කතා අවසානයේ, සම්භූත මහ රහතන් වහන්සේ යස තෙරනුවන් අමතා, විසාලා මහනුවර භික්ෂූන් අතර අැති අඑ්බුදය රේවත රහතන්වහන්සේට දන්වන ලෙස අවසර දුන්නා.

    එහිදී දස අකැප වස්තූන් අකැප ලෙසම ප්‍රතික්ෂේප කල රේවත මහ රහතන් වහන්සේ, අප විසින් නැවත මෙසේ වීම වලක්වමු යි පවසා. සිටියා.

    දහස් ගනන් මහ රහතන් වහන්සේලා එක් රැස් වී සාකච්චා කරන බව වජ්ජි පුත්තක භික්ෂූන්ට දැනගන්නට ලැබුනා. තමන්ගේ අදහසටද එකඟ වූ භික්ෂු පිරිසක් එකතුකර ගත යුතුයැයි ඔවුන් සිතුවා.

    බොහෝ පිරිකර අාදිය රැගෙන රේවත මහ රහතන්වහන්සේ හමු වීමට අාවා. ඔවුන් පැමිණියේත් සහජාත නම් ස්ථානයටයි.

    මේ සහජාත නම ප්‍රදේශයේ, පිරිනිවන් පා වදාල අප ධර්ම භාණ්ඩාගාරික අානන්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාල්හ මහ රහතන්වහන්සේ වැඩසිටි ප්‍රදේශයයි.

    මේ අර්බුදය විසඳන්නට මුල්වන පාවා නුවර භික්ෂූන් වහන්සේලා ධර්මකාමී පිරිසක් දැයි, සාල්හ රහතන් වහන්සේ සිත පිරිසිඳ බැලුවා. එ් අවස්ථාවේ මහා බ්‍රහ්මයා සාල්හ මහ රහතන් වහන්සේ ඉදිරියේ පෙනීසිට ධර්මයට පක්ෂව සිටින ලෙස ඉල්ලා සිටියා. රහතන් වහන්සේ නමක් වූ උන්වහන්සේ, තමන් නිරන්තරවම ධර්මපාර්ශවික බව වදාළා.

    රේවත මහ රහතන් වහන්සේ වජ්ජි පුත්තක භික්ෂූන් ගෙන අා පිරිකර ප්‍රතික්ෂේප කළා, තමන්ගේ ශිෂ්‍ය භික්ෂුවක්ද වැරදි භික්ෂූන්ට එක් වී අැති බව දුටු උන් වහන්සේ, නුඹත් අධර්මයේ පිහිටා, මටත් අාරාධනය කරනවාදැ යි පවසා වජ්ජි පුත්තක භික්ෂූන් නෙරපා දැම්මා.

    පක්ෂපාතී පිරිසක් එකතුකර ගන්නට නොහැකි වූ වජ්ජිපුත්තක භික්ෂූන්, පුෂ්පපුරය හෙවත් පාටලී පුත්‍රයට (අද ඉන්දියාවේ පැට්නා) ගොස් කාලාශෝක රජු හමුවුණා෴