ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද?
ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද? (1)
අප ගෞතම බුදුරජානන් වහන්සේ වැඩ සිටි, මීට අවුරුදු 2561 කට ඉහත දී , එදා ජම්බුද්වීපය ලෙස හැඳින්වූ ඉන්දියාව මුළුල්ලේම ඉතා ස්වල්පයේ සිට අසදෘෂ මහා දාන දක්වා දානයත්, ධර්ම අවබෝදයට ක්ෂන සම්පත්තිය අැති උපාසක උපාසිකාවන් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් යන මාර්ග හෝ ඵල අවබෝදකරන්නටත්, තවත් අය, ධර්ම අවබෝදය ඉක්මන් කිරීමට භික්ෂු භික්ෂුණී බවට පත්වන්නටත් වුනා. එ් සියළු දෙනාට බුදුරජානන්වහන්සේගෙන් සෘජුවම ධර්මය ශ්‍රවනය කර දහම් අවබෝදයට පින මෝරා තිබුණා.
එසේ බැලූ බැලූ තැන මිනිසුන් මහනවෙනවා දුටු පියෙක් සහ පුතුන් දෙදෙනෙක් ගෞතම බුදු සසුනේ පැවිදි බව ලැබුවා. පැවිදි වීමට පෙර ඔවුන් තිදෙනා කරණවෑමි රැකියාව කළා.
පැවිදි වී කර්ම කර්මඵල ගැන දේශනා ශ්‍රවනය කරන විට , තමන්ගේ පෙර පින ඉතාමත් සුළු බව එම භික්ෂූන් වහන්සේලා තුන් නමට සිතෙන්නට අැත. එමනිසා, ජීවමාන බුදුරජානන්වහන්සේට දානයක් දී (දක්ඛින විභංග දේශනාව උන්වහන්සේලා ශ්‍රවනය නොකර තියෙන්නට අැත) මහත්වූ පිනක් රැස් කර ගැනීමට උන්වහන්සේලා තීරණය කළ සේක.
මීළඟ ගැටළුව වූයේ දානය දීමට අවශ්‍ය කළමනා මිලදී ගැනීමට අවැසි මුදල් සොයාගැනීමයි. එහිදී නැවතත් තමන්ට පුරුදු රැකියාව කර මුදල් ටිකක් උපයා ගැනීමට තීරණය විය. දැන් භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගමින් ගමට කොන්ඩා කපමින් දානයකට කියමින් මුදල් රැස්කරති.
කෙසේ හෝ අවසානයේ රැස් කර ගත් මුදලින් කැඳ දානයක් සකස් කර එම භික්ෂූන් වහන්සේලා තුන් නම බුදුරජානන් වහන්සේලාට පිළිගැන්වූ සේක.
දානය සකස් කර ගත් අාකාරය විමසූ බුදුරජානන්වහන්සේ, භික්ෂූන්වහන්සේලාට එවැනි ක්‍රියා අකැප බවට උපදෙස් දී දානය ප්‍රතික්ෂේප කරන ලදි. ධර්ම අවබෝදයට මුහුකුරා ගිය අංග නොමැති ඔවුන් බුදුරජානන්වහන්සේ ගැන අමනාාප සිතක් අැතිකර ගත්තා.
මීට හරියටම අවුරුදු 2561 කට පෙර යෙදුනු වෙසක් පෝය දිනයේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනේ, අකාලයේ මලින් පිරී ගිය සල් ගස් දෙකක් අතර සෑදුනු පිරිනිවන් මංචකයේ අප මහා ගෞතම බුදුරජානන් වහන්සේ වැඩ සිටියා. (එහි සම්පූර්ණ විස්තරය දැනගැනීමට මහා පරිනිර්වාන සූත්‍රය කියවන්න)
එදා වන විට ධර්ම අවබෝදය ලබා සිටි බොහෝ මිනිසුන් සහ දෙවිවරුන් සම්බුද්ධ පරිනිර්වානය අවස්ථාවේ නිහඬව අනිත්‍යය මෙනෙහි කරමින් සිටියත්, එ් වන විට ධර්ම අවබෝදයක් අැති කර ගැනීමට නොහැකි වූ බොහෝ දෙවියන්, උපාසකයින්, උපාසිකාවන්, භික්ෂූන් අාදීන් හඬන්නට ශෝක කරන්නට වුනා.
මේ අවස්ථාවේ එක් භික්ෂුවක් අනෙකුත් අය අමතා, "ශෝක නොකරව්, මෙය කැපය, මෙය අකැපය කියමින් අපට නීති පැනවූ කෙනා තවදුරටත් නැත, නොහඬවු, නදහසේ රිසි සේ වාසය කරව්" ලෙස පැවසීය.
එ් අන් කිසිවෙක් නොව, කරණ වෑමී රැකියාව කරමින් සිට වයසට ගොස් පැවිදි වූ සුභද්‍ර නම් භික්ෂුවයි. සුභද්‍රගේ වචන අභද්‍ර වූයේ එසේයි෴