ත්‍රිපිටකය සම්පූර්ණ ද?

MBoX

Member
Feb 5, 2011
366
18
0
නිවන කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. අවබෝධය අපිට කාගෙන්වත් ගන්නත්, කාටවත් දෙන්නත් බෑ. පුලුවන් වෙන්නේ ඒකට උදව්වක් සපයන්න විතරයි. නිවන අවබෝධ කරගන්න නම් ලෝකෙ යථා ස්වභාවය දකින්න ඕනෙ. ඒකට ත්‍රිපිටකයෙ තියෙන ධර්මය ඉහටත් උඩින් ප්‍රමානවත්. මහායාන සූත්‍ර ඕන වෙන්නේ ලෞකික සැප සම්පත් හොයන අයට. ඒහි පස්සිකෝ කියල කියන්නේ 'එව බලව' කියන එකයි. බලන්න කියන්නේ බුදුරජණන් වහන්සේ දිහා නොවෙයි. ධර්මය දිහා. ධර්මය අවබෝධ කරගන්න කියන එකයි තේරුම.

ඔන්න ඕකනේ මිත්‍රයා අපේ ඇත්තෝ කරන්නෙම නැත්තේ...කට කැඩෙනකං කිව්වත් 'එව බලව' කියලා, බලන්නෙම හෝ බලන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජණන් වහන්සේ දිහා. (හාමුදුරුවරු පවා)​
 
XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
ඔව් උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා.... බුදු රදුන් දේශණා කල සියලුම ධර්ම කරුණු ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ.....

නමුත් ත්‍රිපිටකයෙ දැනට තියෙන කරුණු සියල්ලක්ම බුදුරදුන් දේශනා කරපුවා විතරයි..... :yes::yes::yes::yes::yes:

ඒ වගේම තමයි ත්‍රිපිටක කරුණු වලින් අපිට යන්න ඕනේ මාර්ගයට යන්න (අවශ්‍යතාවයක් තියෙනවනම් ) යන්න පුලුවන්.... අනිත් එක තමයි බුදුන්ගේ අවසාන වචනයට අනුව චතුරාර්‍ය සත්‍යය සහ ආර්යශ්ඨාංගික මාර්ගය යම් දහම ඉගැන්වේ නම් එය නිවරදි දහමයි යන්න සහ ප්‍රමාද වෙන්න එපා කියන එක......
 
ඔව් මිත්‍රයා, බුදුන්ගේ එක වචනයක් ඇති නිවන් දකින්න. ඒත් ඒ වචනේ එල්ලෙන්නේ නැතිව එහි අර්ථය බලනව නම් තමයි. ඒ බලන එකත් තමා තුළින් බලනව නම් තමයි. ඒත් බලන්නෙම බාහිරේ නොවැ.

ඔය බුදුන් කියපු ප්‍රමාදය අපි හිතන කාලය නිසා ඇතිවන ප්‍රමාදය නෙවෙයි මටනං හිතෙන්නේ... කාලය කියන්නේ ඇතිකරගන්ත සංකල්පයක් විතරයි. ඒවැනි නිර්මාණය කරගත්ත සංකල්පයක් සත්‍ය ලෙස ගෙන කටයුතු කිරිමම ප්‍රමාදයට හේතුවන බවයි මමනම් දකින්නේ...
 
Last edited: