ත්‍රිරෝද රථ පැදවීමට වයස

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    ත්‍රිරෝද රථ පැදවීමට වයස

    වයස අවුරුදු 25 ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට බලපත්‍ර ලබා නොදෙන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති කේ. ඩී. අල්විස්‌ මහතා ඉල්ලා සිටියේය.

    වයස 25 සම්පූර්ණ වූ පසු ත්‍රිරෝද රථ රියෑදුරන්ට මගී ප්‍රවාහනය සඳහා වසර 03 ක පරිවාස කාලයක්‌ ලබාදීමෙන් පසු මගී ප්‍රවාහනයට අවසර ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

    මේ වන විට අපේ රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ත්‍රිරෝද රථ පැමිණ ඇති බවත්, 2020 පමණ වන විට මේ රට ත්‍රීවීල් කොළනියක්‌ විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

    මේ වන විට බස්‌නාහිර පළාත් සභාව මගින් බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවත්, එය යහපත් බවත් හෙතෙම කීය. මෙම ලියාපදිංචිය නිසා බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ හිමියන්ට, පළාත තුළ මගී ප්‍රවාහනයට අවස්‌ථාව හිමිවන බැවින් වෙනත් පළාත්වලින් කොළඹට පැමිණ මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථවලට එම අවස්‌ථාව අහිමිවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේකනම් ඈත්තටම හොදයී. අපේ කොල්ලන්ට වෑරදුන තෑන. ඉගෙන ගන්නෑ O/L, A/L ඉවර උන ගමන් 3වීල් එකක් අරන් පාරේ. :angry::angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ත්‍රී වීල් එලවන්න 30 වත් වයස වෙනකම් තියන්න ඕනි.... නැත්නම් මුන් මෙලෝ රහක් නැතුව ඔහේ ත්‍රී වීල් රස්සාවට බැහැලා හරි කරදරයක්.... !!
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ත්‍රීරෝද පදවන අයට මීට වඩා තද නීති ගේන්නෙ ඕනෙ

    වයස විතරක් නෙවෙයි අධ්‍යාපන සුදුසුකම් පවා

    පොඩ්ඩක් හිතපන් උඹලගේ ගමේ ඉන්න මන්ද මානසික ඩයල් ඉන්නවනේ අර අවුරුදු කාලෙට බයිසිකල් රේස් වලදි පොරවල් වෙලා පාරෙ යන වාහන වලට සද්දෙ දදා යන ඩයල්

    ඒ වගේ උන් ත්‍රීවීල් පදිනකොට කොහොමද ආතල් එක කියලා​
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    :rofl::rofl::rofl:
    කලින් ඔය ගැන ත්‍රෙඩ් එකක් දැම්මා කොහෙහරි දැක්ක පොස්ට් එකක් කොපි කරල. බොහොම වටිනා අදහස් එකතු කරල තිබ්බා සමහරක් අය.:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1752103
    මේකටත් ඉතා වටිනා පිලිතුරු බලන්න පුලුවන් :P
     

    SamSeen

    Member
    Oct 4, 2016
    88
    7
    0
    මේකනම් ඈත්තටම හොදයී. අපේ කොල්ලන්ට වෑරදුන තෑන. ඉගෙන ගන්නෑ O/L, A/L ඉවර උන ගමන් 3වීල් එකක් අරන් පාරේ. :angry::angry::angry:

    jayawewa
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    25 කන්නද? ඕක උන් ගේ ට්‍රික් එකක් . උන්ම 25 යෝජනා කලාම ඊට වැඩි වටස් සීමාවක් සෙට් වෙන එක නවතිනව නේ. මම නම් කියන්නේ ඕක 45ක් වත් කරන්න ඕන
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ත්‍රී වීල් එලවන්න 30 වත් වයස වෙනකම් තියන්න ඕනි.... නැත්නම් මුන් මෙලෝ රහක් නැතුව ඔහේ ත්‍රී වීල් රස්සාවට බැහැලා හරි කරදරයක්.... !!

    ත්‍රී වීල් විතරක් නෙමේ බස් කාරයොත් රටටම කරදරයක් ලේලන්ඩ් එකක් ගන්නවා කොහෙන් හරි කොල්ලෙක් කුරුට්ටෙක් හොයාගන්නවා රූට් එකක් අල්ල ගන්නවා දුවනවා ප්‍රයිවට් බස් තහනම් කරන්න ඕන :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    හොදයි හොදයි මේකද යහපාලනේ....:angry::angry::angry:

    මොකක් ද මචන් මේකේ තියන අවුල??
    හෑම දේටම මොඩයෙක් වගේ දේශපලනේ..
    කියවලා comment කරපන්..


    වයස අවුරුදු 25 ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට බලපත්‍ර ලබා නොදෙන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති කේ. ඩී. අල්විස්‌ මහතා ඉල්ලා සිටියේය.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මොකක් ද මචන් මේකේ තියන අවුල??
    හෑම දේටම මොඩයෙක් වගේ දේශපලනේ..
    කියවලා comment කරපන්..

    :rofl: :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උන්ට හරි විදියට ඩ්‍රයිවින් කරන හැටි ආයෙත් උගන්නන්න ඕනෙ. පොඩි කාලෙ ඉඳන් වාහන හොරෙන් පැදල ලයිෂන් එක ගන්න දවසට විතරක් පාරෙ හරියට ගියාට වැඩක් නෑ ආයෙත් පාරට දාපු ගමන් පොඩිකාලෙ ආතල් මහපාරෙ ගන්න එක තමයි ඔය වැඩි හරියක් කරන්නෙ. සිරාවට එහෙම උන් නම් රටටම කරදරයක් මචන්. උන්ව පාරෙන් අයින් කරන්න ඕනෙ අනිත් මිනිස්සුන්ට බයක් නැතුව පාරෙ යන්න පුලුවන් වෙන්න.

    ත්‍රී වීල් විතරක් නෙමේ බස් කාරයොත් රටටම කරදරයක් ලේලන්ඩ් එකක් ගන්නවා කොහෙන් හරි කොල්ලෙක් කුරුට්ටෙක් හොයාගන්නවා රූට් එකක් අල්ල ගන්නවා දුවනවා ප්‍රයිවට් බස් තහනම් කරන්න ඕන :yes:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ


    මේකනම් ඈත්තටම හොදයී. අපේ කොල්ලන්ට වෑරදුන තෑන. ඉගෙන ගන්නෑ O/L, A/L ඉවර උන ගමන් 3වීල් එකක් අරන් පාරේ. :angry::angry::angry:

    Uba A/L walata Bio neda kale? :confused:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වයස සීමා කිරීමෙන් ඕක හරියයිද ? මටනම් පෙන්නේ මේක අතිසාරේට අමුඩ අන්දනවා වගේ කියල ..

    හේතුව .

    ට්‍රීවීල් මෙරටේ වැඩි වෙන්න හේතුව ?

    1.ස්වයන් රැකියාවකට ලේසිම ක්‍රමයක්
    2.පහසු නඩත්තුව සහ ඉන්දන වියදම අඩුම වීම සහ ලබය
    3 මගී ප්‍රවාහනය හෝ පුද්ගලික අවශ්‍යතා සදහා සාමාන්‍ය මිනිසෙකුට දැරිය හැකි මිලකට ගත හැකි එකම වාහනය (දැන් ගණන් හිලව අදාළ නැත )
    4.අප මාර්ග පද්දතිය අන්රටවලට සාපේක්ෂව කුඩා සහ නිසි නඩත්තු නොඅමැති පාරවලට සුදුසු වීම
    ETC


    එතකොට ට්‍රී රෝද රථ කරදරයක් ලෙස මිනිසුන් දක්කින්න හේතු ?
    1.කිසිම විනයක් නොමැතිව පාරේ ගමන් කිරීම සහ අනතුරු බහුල අනාරක්ෂිත වාහනයක් වීම
    2.ට්‍රී රෝද රට යොදාගෙන සමාජ අපචාර ක්‍රියා බහුලව සිදු කිරීම
    3 මෙමෙ බහුතර රියදුරන් කිසිම ප්‍රමිතියක් හෝ රියදුරු වුර්තිය හෝ මගී ප්‍රවාහනය පිළිබද විර්තිමය විනයක් හෝ සුදුසුකම් නොමැති වීම
    ...ETC

    ඔය මන් දැක්ක දේවල් ටිකක් .

    ඉතින් දැන් මේ යට අපි වයස් සීමාවක් පනවුවට පාස්සේ වැඩේ හරියයිද ?:rolleyes::P

    උත්තරේ ඔව් නම් එකියන්නේ අවුරුදු 25 හෝ යම් සම්මත කල වයස් සීමාවකදී මේ අය සංවර සදාචාර සම්පන්න විනය ගරුක රියදුරන් වෙනවා කියන එක ?:baffled::P:rofl:


    නැ එක නෙමේ ප්‍රශ්නේ .මේ වාහනේ එලවන පුද්ගලයා සංවර කරන්න ඕන .ඔහුව හෝ අයව රියදුරු වුර්තිය මගී ප්‍රවාහනේ ගැන විර්තියමය දැනුවත් කිරීමක් කරන්න ඕන .ඔවුනට මේ ය තවත් සේවයක් / වුර්තියක් ලෙස කටයුතු කරන්න කියල දෙන්න ඕන .එසේ කිරීමෙන් වුර්තියමය ගෞරවයක් සමාජයෙන් ලැබෙන බව පෙන්වන්න ඕන .රජය විසින් මොවුන්ව යම් වුර්තියමය පුහුණුවකට ලක් කල යුතුයි

    හොදම උදා හරනේ ඉස්සර ලoගම රියදුරන් පිලිබදව සමාජයේ තිබ්බ ගරුත්වය .එක අදටත් නැති වෙලා නැහැ .අදටත් අපි ctb බස් එකක් දිහා බලන්නේ ප්‍රයිවට් බස් එකකට වඩා වෙනස් විදිහට .අද පුද්ගලික බස් රියදුරන් කොන්දොස්තරවරුන් දෙස සමාජය බලන්නේ කෙලෙසද කියා සදහන් කරන්න ඕන නැහැ :baffled:

    අනිත් දේ නම් ත්‍රී රෝද රථ අඩු කරන්න ඒවායේ බදු සහ ගණන් වැඩි කිරීමෙන්
    රටට බරක් නොවී ස්වයන් රැකියාවක් කරමින් ජීවත් වෙන්නන්ව අසරණ වීමත්
    වක්‍රාකාරව මගීන්ටද වැඩි මුදලක් වයවීමත් සිදු වීම සහ ධාවනයට නුසුදුසු වාහන යලිත් පාරට එක වීමෙන් ප්‍රශ්නය දෙගුණ තෙගුණ වීමත් ය .

    පාරෙන් ට්‍රීරෝද රථ ඉවත් කිරීම හෝ අඩු කිරීම කල හැක්කේ ඊට විකල්පයක් දීමෙන් පමණි .
    ට්‍රිරෝද රථයට වඩා ආරක්‍ෂිත වහනයක් සහන මිලට හදුන්වා දීම හෝ මේ සේවයේ යෙදී සිටින අයවලුන්ට වුර්තිමය රැකියාවක් ලබාදීම හෝ යොමු කිරීම යි .