මේකයි ගැටළුව. අපේ නෑදෑ කෙනෙක් ත්‍රීවීල් එකක් ගන්න හදනවා ලීසිං දාලා. ඉතින් එයාගේ නමට ගන්න බැරිලු, CRIB එකේ නම තියෙනවාලු, (කලින් යාළුවෙකුට අත්සන් කරලා ඒ කෙනා ගෙවන්නේ නැතිව). ඉතින් මට ඇවිත් කිව්වා මගේ නමට ත්‍රීවිල් එක අරන් දෙන්න කියලා, ඒ අය මූලික ගෙවීම හා ඉතිරි මාසික වාරික ගෙවාගෙන යනවා කියලා, මේක මට කොච්චර දුරට අවදානමක් තියෙනවා ද? එහෙම නැත්නම් කරලා දුන්නාට ගැටළුවක් නැති ද? මේ ගැන දන්නා යාළුවන් උපදෙස් දෙන්න.