මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.