තාත්තල_මෙහෙමයි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තාත්තල_මෙහෙමයි

    පියවරු මව්වරු සමරන්න අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසෙන් එක දිනයක් වෙන් කීරීම ගැන විවිධ පුද්ගලයින් විවිධ අදහස් දැරුවත්, ඒ තුන්සිය හැටපස් දවසෙම දෙමව්පියන් අමතක කරල දාල ඉන්න දරුවොත් මේ ලෝකෙ ඉන්න නිසා ඔය වගේ දවසක් වෙන් කලාට පව් නෑ. පියවරුන්ගේ දිනය ලෝකෙ එක එක රටවල් වල උදවිය විවිධ දිනවලදී සමරනවා. දවස මොකක් උනත් ඒකෙන් පලක් නෑ. වෙබ් පිටු අතරින් යද්දී හිතට වදින වීඩියෝ එකක් දැක්ක. කරදඬු උස් මහත් උනාම ගොඩක්ම කොල්ලො තාත්තගෙන් ඈත් උනාට, අපි පොඩි කාලෙ "තාත්තේ...." කියල තාත්තට කතා කරහම තාත්ත අපි ලඟට ආව.. හරියට මේ වගේ වෙන්න ඇති.....
    (Dove ආයතනය මගින් පියවරුන්ගේ දිනය වෙනුවෙන් නිර්මාණය කල විඩියෝවකි)


    tributetodads-1.jpg




    සබැඳි ලිපි:

    තාත්තාගේ_ආදරේ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කවුදෝ මන්ද ගොයියෙක් ඇනොනිමස් රෙප් දීල තිබුන. උන්දැටත් ස්තුතියි..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇස් වලට කඳුලු ආවා.:(..ඇත්තටම තාමත් කරදරයක් වුනාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ තාත්තව.බොහොම ස්තූතියි බෙදාගත්තට...:)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    දැන් කාලේ සමහර තාත්තලනම් ඉතින් දුවවත් දූෂණය කරනවනේ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇස් වලට කඳුලු ආවා.:(..ඇත්තටම තාමත් කරදරයක් වුනාම ඉස්සෙල්ලම මතක් වෙන්නේ තාත්තව.බොහොම ස්තූතියි බෙදාගත්තට...:)


    දැන් කාලේ සමහර තාත්තලනම් ඉතින් දුවවත් දූෂණය කරනවනේ..

    නැකැත් රාල;16774844 said:
    තාත්ත කෙනෙක් නිසාද මන්දා ගොඩක් දැනුනා විඩියෝ එක..
    :) +++

    :):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිදිනා
    අප්පච්චී...

    මෙහෙවරට ආවැයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සගවා
    අකම්පිත වත පා
    අප්පච්චී....
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    අම්මලාගේ ආදරේ වගේ නෙමේ තාත්තලාගේ ආදරේ හරි වෙනස්.එයාල වැඩිය ආදරේ පෙන්නන් නැ.එත් හිත ඇතුලේ පුදුම ආදරයක් තියෙන්නේ,

    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
    මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

    මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
    අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

    උබ හැමදාමත් කියන්නේ හිතට දැනෙන දෙයක්.ස්තුතියි බෙදාහදා ගත්තට .rep+:)
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    11.gif
    11.gif
    11.gif
    11.gif

    кσяη ησρє;16775371 said:
    ela machan
    තැන්ක්ස් මචෝ :):)
    සියක් උල්පත් මවා දී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චී....

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිදිනා
    අප්පච්චී...

    මෙහෙවරට ආවැයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සගවා
    අකම්පිත වත පා
    අප්පච්චී....
    ගොඩක් ලස්සනයි මචෝ :):)
    අම්මලාගේ ආදරේ වගේ නෙමේ තාත්තලාගේ ආදරේ හරි වෙනස්.එයාල වැඩිය ආදරේ පෙන්නන් නැ.එත් හිත ඇතුලේ පුදුම ආදරයක් තියෙන්නේ,

    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
    මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

    මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
    අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

    උබ හැමදාමත් කියන්නේ හිතට දැනෙන දෙයක්.ස්තුතියි බෙදාහදා ගත්තට .rep+:)
    මේවා හිතට දැනෙන, අම්මයි තාත්තයි ජිවිතේ පලවෙනි තැන තියන් ඉන්න උදවිය ගොඩක් මේ කිරියේ ඉන්න එක ගැනත් ගොඩක් සන්තෝසයි.:):)