තාත්තාගේ රැකියාව.

s@dun193

Member
Jul 29, 2014
696
173
0
තාත්තාගේ රැකියාව.

තාත්තාගේ රැකියාව.


ගුරුතුමිය පන්තියේ සියලුම ළමයින් එකිනෙකා ඉදිරිපත් වී පළමුව තම තමන්ගේ තාත්තා කරන රැකියාව පවසා දෙවනුව එම වචනය සඳහා යෙදෙන අක්ෂර සඳහන් කළ යුතු බව කීවාය

පළමු වාරය පැමිණියේ පුංචි නිමලාටය. ඇය මෙසේ කීවාය. මගේ තාත්තා මුදලාලි කෙනෙක්. මු යන්න ද යන්න ලා යන්න ලි යන්න. ඔහු මෙතනට ආවා නම් ඕගොල්ලෝ හැමෝටම සීනි බෝලෙ ගාණෙ දෙනවා යැයි කීවාය.
දෙවනුව ඉදිරිපත් වුණේ සමන්ය. ඔහු මෙසේ කීවේය. මගේ තාත්තා බැංකු කරුවෙක්. බැ යන්න බිංදුව කු යන්න ක යන්න රු යන්න වෙ යන්න හල්කයන්න. ඔහු මෙතන හිටියානම් ඔයගොල්ලෝ හැමෝටම ශත 50 ගාණෙ දේවි.
ඊළගට පැමිණියේ කුඩා මිතුන්ගේ වාරයයි. මගේ තාත්තා රසායන විද්‍යාඥයෙක්. එසේ කී මුත් ඔහුට එම වචනය සදහා යෙදෙන අක්ෂර කීපවරක් උත්සාහ කළද නිවැරදිව කියා ගන්නට නොහැකි විය. අක්ෂර මතක් කර ගන්නා ලෙස පවසා ගුරුතුමිය ඔහුට වාඩි වීමට සැළැස්වූවාය.
ඊළග වාරය මයුරීගේය. මගේ තාත්තා බුකිකරුවෙක්. බු යන්න කි යන්න ක යන්න රු යන්න වෙ යන්න හල්කයන්න. ඔහු මෙතන හිටියා නම් නොවැරදීම මිතුන්ට කොහොමටවත් ඔය වචනයට යෙදෙන අකුරු කියන්න බැරි වෙනවාමයි කියලා ඔට්ටුවක් අල්ලනවා සහතිකයි.