තාත්තා නැතිවුනා බන්.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    මම කිව්වා මේකට ලෑස්ති වෙලා ඉන්න කියලා කලින් ත්‍රෙඩ් එකේ . දන් ඉතින් පිනක් දහමක් කොරලා ඔන්න ඕක අත ඇරලා සමාන්‍ය විදියට ජීවත් වෙයන්
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    me kathawa sahathikama eththa.... duk widina eka nam kisima kenek pathanne na, ekata wada maranaya hodai.. mama unath ehemai pathanne...
    daraganna amaarui thamayi, namuth oka thama urume.. ikmanin hari parakku wela hari
    මේ භවයේ දුක් විඳින එක තීරනය කරන්නේ තමන් විසින් පෙර භවයේදී කරපු කුසල අකුසල කර්ම. අපි මැරෙනකොට ගෙනියන්නේ ඔය දෙක විතරයි මචන්. මේදේ තේරුම් ගන්න බැරිව අපි රගන රැගිල්ල විකාරයක් බන්. මේදේවල් බොක්කටම වදින්න අපේම කෙනෙකුට ඇස් පනාපිටම දෙයක් වෙන්න ඕනා. නැතිනම් සිතුවිලි සමුදායෙන් පරිනත වෙන්න ඕනා. තාත්ත නැතිවෙලා හරියටම මාසයයි. අන්තිම කාළේ පුදුම දුකක් වින්දේ. මේ ලෙඩ ටිකමයි. ඒවට අමතරව සිරෝසිස් සහ ඒ නිසා ඇතිවෙන අතුරු ආබාධ බොහොමයක් තිබ්බා. තව kidney (ckd) වලින් එන අතුරු ආබාධ. මේ දෙක හෝ 1 තිබ්බත් මාරාන්තිකයි. මුල් ස්ටේජවල දැනගත්තොත් ගොඩ. වැඩේ උඩුදිව්වට පස්සේ කළ හැකි කිසිම දෙයක් ඉතුරු වෙන්නෑ. මේවට අමතරව heart case තව hypertension (අධි රුධිර පීඩනය). මෙච්චර ලෙඩ ගොඩක් තියෙද්දිත් ජීවත්වෙනවයි කියන්නේ හාස්කමක්. මරණාසන්න මොහොතෙදී ඒ විඳපු අපා දුක ඇස්දෙකෙන් දකින්නත්, දරාගන්න බැරි ඒ කෙඳිරිලි හඩ අහන්නත් මම පව් කරලා ඇති!! :(
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ගොඩක් දුකයි මචං. ඔය අවස්ථාවට කොහොම මූනදෙන්නද කියල හිතාගන්න බෑ මචං. මගෙ තාත්තත් වයසයි. ලෙඩ ගානෙඉන්නෙ. උඹ තාත්තා නැති උනා කිව්වම මට මතක් උනේ මේ සිංදුව. මේක අහන හැම පාරම ඇඩෙනවා මචං. තාත්තට අජරාමර නිවන් සුව ලැබේවා මචං.

    පුරුදු පාරෙම අදත් යනවා
    ඒත් වෙන ගමනක් පුතේ
    හුඟක් අය මගෙ පස්සෙ එනවා
    තනිව ආ ගිය මගේ

    කවමදාවත් මගේ බර උඹේ
    කරේ තිබ්බේ නෑ පුතේ
    හුඟක් බර නම් බිමින් තියපන්
    රිදෙනවා ඇති අත් උඹේ
    හුඟක් බර නම් බිමින් තියපන්
    රිදෙනවා ඇති අත් උඹේ

    කන්ද පාමුල සොහොන හුරු නෑ
    දන්නවා මං මයෙ පුතේ
    මගේ තනියට තවත් අය ඇති
    අඳුරගන්නම් හෙට උදේ

    සොබාදහමට අවනතයි මං
    ඉතින් යන්නම් ගොම්මනේ
    යන ගමන් මේ බේත් තුණ්ඩුව
    අරන් පලයන් අම්මගේ
    යන ගමන් මේ බේත් තුණ්ඩුව
    අරන් පලයන් අම්මගේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හරිම දුකයි... නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නිවන් සුව ලැබේව!

    සිද්ද වුණ දේ ගැන ඇත්තටම කණගාටුයි මචං.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    නිවන් සුව ලැබේවා තාත්තාට... උබ කිරියේ තාත්තාගේ අසනීපෙ ගැන දාපු ත්රෙඩ්ස් කියෝල මේක දකිද්දී මාරම අවුල් මචෝ.. :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹේ තාත්තාගේ ආත්මය සමාදානයේ සැතපේවා.
    කිසිම මරණයක් කාටවත් සතුටක් නෙමෙයි. ඒත් බං තාත්තා ඒ විදපු දුක් වලින් නිදහස් වෙලා, මේ ලෝකේ තියන ප්‍රශ්ණ වලින් නිදහස් වෙලා සැනසීමෙන් ඉන්නවා.
    ඒක ගැන හිතලා හිත හදා ගමු.
    මට ගොඩක් තේරෙනවා තාත්තා කෙනෙක් නැතිවෙන එකේ දුක.
    උඹ පුතා විදිහට කියලා නිම කරන්න බැරි දේවල් ගොඩක් තාත්තට කතා.
    උඹට ඒ පිං පිහිටනවා.
    තාත්තට උඹව දක්න්න ආස වුන විදිහට ජීවත් වෙයං
    අපෙන් වෙන්න ඔ්න දෙයක් තියනවානම් කියපං
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ භවයේ දුක් විඳින එක තීරනය කරන්නේ තමන් විසින් පෙර භවයේදී කරපු කුසල අකුසල කර්ම. අපි මැරෙනකොට ගෙනියන්නේ ඔය දෙක විතරයි මචන්. මේදේ තේරුම් ගන්න බැරිව අපි රගන රැගිල්ල විකාරයක් බන්. මේදේවල් බොක්කටම වදින්න අපේම කෙනෙකුට ඇස් පනාපිටම දෙයක් වෙන්න ඕනා. නැතිනම් සිතුවිලි සමුදායෙන් පරිනත වෙන්න ඕනා. තාත්ත නැතිවෙලා හරියටම මාසයයි. අන්තිම කාළේ පුදුම දුකක් වින්දේ. මේ ලෙඩ ටිකමයි. ඒවට අමතරව සිරෝසිස් සහ ඒ නිසා ඇතිවෙන අතුරු ආබාධ බොහොමයක් තිබ්බා. තව kidney (ckd) වලින් එන අතුරු ආබාධ. මේ දෙක හෝ 1 තිබ්බත් මාරාන්තිකයි. මුල් ස්ටේජවල දැනගත්තොත් ගොඩ. වැඩේ උඩුදිව්වට පස්සේ කළ හැකි කිසිම දෙයක් ඉතුරු වෙන්නෑ. මේවට අමතරව heart case තව hypertension (අධි රුධිර පීඩනය). මෙච්චර ලෙඩ ගොඩක් තියෙද්දිත් ජීවත්වෙනවයි කියන්නේ හාස්කමක්. මරණාසන්න මොහොතෙදී ඒ විඳපු අපා දුක ඇස්දෙකෙන් දකින්නත්, දරාගන්න බැරි ඒ කෙඳිරිලි හඩ අහන්නත් මම පව් කරලා ඇති!! :(
    " අපේම කෙනෙකුට ඇස් පනාපිටම දෙයක් වෙන්න ඕනා. නැතිනම් සිතුවිලි සමුදායෙන් පරිනත වෙන්න ඕනා ... "
    ඒක නම් වැදුනා බොක්කටම...
    තාත්තා කියන්නෙ මෙ ලෝකේ එකම වීරයා..සුපිරි වීරයා... එහෙම කෙනෙක්ගෙ කෙදිරිලි හඩ දරාගන්න අමාරුයි... ඔන්න ඔය වගෙ වෙලාවට තමා මරණය හොදයි කියල හිතෙන්නෙ..එතුමාට නිවන් සුව ලැබේවා ..!!!!