තාත්තා නැතිවුනා බන්.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    🙏 අනිච්චාවත සංඛාරා 🙏

    මගෙත් තාත්තා නැති වුණා 2016 දී...ඉස්පිරිතාලේ රෑ ඉඳලා, නෑයෙක්ට ලඟ ඉන්න කියලා ගෙදර ආවා. යන්න කලින් තාත්තේ මම ඉක්මනට එන්නම් කෑමත් අරගෙන කියලා එන්න හදද්දී හිස් බැල්මකින් ඔලුව වැනුවා.....ආයේ දවල් යද්දී දරදඬු වුන මිනිය තමයි දැක්කේ.වාට්ටුවේ අය කන්නෙත් නැතිව දුකෙන් බලන් හිටියා.....හැම දේම බොහොම ඉක්මනට සිද්ධ වුණා....
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තාත්තා කියන්නෙ මෙ ලෝකේ එකම වීරයා..සුපිරි වීරයා... එහෙම කෙනෙක්ගෙ කෙදිරිලි හඩ දරාගන්න අමාරුයි... ඔන්න ඔය වගෙ වෙලාවට තමා මරණය හොදයි කියල හිතෙන්නෙ..එතුමාට නිවන් සුව ලැබේවා ..!!!!
    ඔව් මචන්, මේච්චර දවසක් හිතේ හිර කරගෙන හිටිය, කොච්චර උත්සාහ කළත් තවමත් ඒ සිදුවීම් සමුදාය මැවිලා පේනවා. තාම අමතක කරගන්න බෑ... පොඩි හරි සැනසීමක් දැනෙන්නේ කාත් එක්ක හරි කතා කළොත් තමයි. තාත්ත කෙනෙක් විදිහට අපිට කරපු දේවල් බලද්දී, අපි කරලා තියෙන්නේ මොනවද කියලා හිතෙනවා. දෙමාපියන්ට කළ හැකි උපරිමයෙන් ඇප උපස්ථාන කලත් ඒ ණය කවරදාක වත් ගෙවලා ඉවර කරන්න බෑ බන්! අම්මා, තාත්තා යන චරිත දෙක ඒ තරම් ප්‍රබලයි.
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජීවිතය කොතැනද මරණය එතැනය...
    ගැඹුරු කල්පනාවෙහි නිරතවී නිමාවක්‌ නැති මේ ජීවන ගමන දෙස මොහොතක්‌ කල්පනා කරන්න. එසේ සිහිපත් කරන විට සැබවින්ම සංසාරය යනු එක්‌ පසෙකින් මේ නොනිමි ජීවිතයම බව අපට වැටහේ. අගක්‌ මුලක්‌ නොපෙනෙන මේ සංසාරය පටන් ගත්දා සිටම කවර ජීවිතයක්‌ සමග වුව නොබිඳී නොකැඩී පැමිණි සනාථන ධර්මතාවක්‌ තිබුණේ ය. එනම් ඒ මරණයයි. උදාවූ හිරු මඳකුදු නොනැවතී අවරට බැස යන්නාක්‌ මෙන් ජීවිතයක්‌ පටන් ගත් මොහොතේ පටන්ම එය හා මරණයද අත්වැල් බැඳ ගත්තේය. තවත් ලෙසකින් දේශනා කරනවා නම් පුද්ගල ජීවිතයක සතර ඉරියව් හා සම්බන්ධය ඇත්තාවූ කෑම්, බීම්, මුව දෙවීම්, අත්පා දෙවීම්, වතුර නෑම්, කතා කිරීම්, හැඳීම් පෙරවීම්, යාම් එම් ආදීවූ සකල ක්‍රියාවන් සිදුකරද්දීම මේ මරණය සත්වයා සමගම සිටියේය.
    සැබවින්ම ආත්මභාවයක නැත්නම් ජීවිතයක සියල්ල අපේක්‌ෂා නොකළ පරිද්දෙන් නිමාවට පත්කරන මේ මරණය තිබෙන්නේ කොහේද? එනම් මරණය ඇත්තේ ජීවිතය ඇති තැනයි. ජීවිතය නැති තැන නම් අමෘත සංඛ්‍යාත වූ අමාමහ නිර්වාණයයි. එහෙයින් මෙහා අසාරවූත්, අනිත්‍යවූත් ලෝකයේ සෑම තැනෙකම මරණය රැඳී බැඳී පවත්නේය. ක්‌ලේෂකාමයන් ගෙන් මෙන්ම වස්‌තු කාමයන්ගෙන්ද උමතුභාවයට පත්වී නිසරු අපේක්‌ෂාවන් භංඝත්වයට පත්වූ මිනිස්‌සු ද්වේෂය, ශෝකය ආදී චෛතසිකයන්ගෙන් මිරිකෙන විට, පරපීඩන යටපත් වනවිට මරණය සැපයක්‌ යෑයි දොඩවති. ඇත්තෙන්ම මරණය කෙලෙසක, කවර අයුරකින් සිදුවුවත් එය සුඛයක්‌ නැත්නම් සැපයක්‌ ලෙස ගත නොහැකිය. මරණය ඒ තරමටම රුදුරුය. බියකරුය.
    අපගේ මේ අනවරාග්‍ර වූ සංසාර ජීවිතය පටන්ගත් දා සිට අපට ගොදුරුවන්නට සිදුවූ මරණ සංඛ්‍යාව මෙතෙකැයි කියා ගණන් කරන්නට බැරිය. ඒ මරණවලින් ඉක්‌බිතිව ඉතිරිවූ මෘත ශරීර කඳු ලෙසින් ගොඩගැසුවහොත් මේ හිස්‌ අවකාශයටත් වඩා එය උස්‌වනු ඇත්තේය. මේ සංසාරගත සත්වයා තම මව් පමණක්‌ මළ ශෝකයට හැඬූ කඳුළු එක්‌ රැස්‌ කළ හොත් ඒවා සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි වන්නේ යෑයි වරක්‌ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. ඒ අනුව සංසාරික වශයෙන් අනාථභාවයට, අසරණ භාවයට පත්වූ ජීවිතයක්‌ සසර තුලදී කොතෙක්‌වර මේ මරණ ධර්මතාවට ගොදුරු වන්නේදැයි සිතාගත හැකිය.
    'ඊසකං අනිවත්කන්තං - සත්තං ගමනුස්‌සකං
    ජීවිතං උදයා හත්ථං - සුරියො විය ධාවතී'
    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් ජීවිතය ඇසිල්ලක්‌වත් එක තැන රැඳී පවතින්නේ නැත. නිරන්තරයෙන්ම එය සිඳී බිඳී නිමාවට පත්වන අවසාන ගමනට උත්සාහවත් වේ.
    ජීවිතය හා එකට ගැටගැසුණු මේ මහා විපත වූ මරණය සිදුවන ස්‌වභාවයෙහි එක්‌ ආකාරයක්‌ නැත. එය අනේක ප්‍රකාරයෙන් සිදුවේ. වර්තමානය ලෙස මඳක්‌ බලන්න. සිහි නුවණින් බලන වට අද සත්වයකු=ගේ සම්පූර්ණ ආයුෂය ගෙවී යාමෙන් සිදුවන මරණ දක්‌නට නොලැබෙන තරම් ය. එමෙන්ම මරණය සිදුවන ආකාරයන්ගේ ඉමහත් බියකරු බවක්‌ද දක්‌නට ලැබෙන්නේය. මෙකල මහ මඟතොට සත්වයිනට කෙතරම් අනාරක්‌ෂිත තැන් බවට පත්වී තිබේද? එහි සෑම තැනෙකම, සෑම විටෙකම මරණය තිබේ. මේ මරණයට ගොදුරුවන සත්වයන් එයට මුහුණපාන්නේ පණනල සහිතවම අත්පා සිඳ ගනිමින්ය. ගෙලද සි\ගෙන මුළුමහත් ශරීරයම පොඩි පට්‌ටම් කරගෙනය. මෙලෙස සිදුවන රුදුරු මරණය දෙස බලන විට එක විටම සිහිවන්නේ,
    'මරණත්ථාය ඔකාසං - වධකොවිය එසති' ආදී ලෙසින් වූ බුදු මුවින් වැගිර ගලා ගියා වූ අමා දහම් පාඨයයි. එනම් සැමකල්හිම මරණය කෲර වධකයකු වැන්නේ යෑයි ඒ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදෙසා වදාළහ. ජීවිතය තුළ ජීවිතය රැඳී තිබෙන විටම අත් පා සිඳෙන, බිඳෙන විට, ගෙල කැපෙන, තැලෙන විට ශරීරය ඇඹරී යන විට මොනතරම් නම් වේදනාවක්‌ ඒ ජීවිතයට දැනේද? ඒ ඇත්තෙන්ම මරණයේ දුකයි. වේදනාවයි. මේ වේදනාව නිසා මරණය වධකයකුට දෙවැනි නැත. මෙකල ජීවිතත්, මරණත් දෙස බලන විට බොහෝ මිනිසුන් තම ජීවිතවලට තමන්ම මරණය පමුණුවා ගන්නා වධකයකු වී නැතිද? වධකයකු වී ඇති සැටියක්‌ම පෙනෙන්නට තිබේ. උදාහරණයක්‌ වශයෙන් යතුරු පැදි මත නැගී යන ඇතැම් මිනිසුන් ගනිමු. ඔවුන්ගේ අති ධාවනකාරී ගමන්වල භයානක ප්‍රතිඵල අපමණ වශයෙන් දක්‌නටලැබේ. ඇතැම් විට ඔවුන්ගේ හිස්‌ හෝ අත්පා විසල් ගස්‌ කොළන් මතය. පන'සුන් සිරුරු පාරේ තොටේ තැන්තැන්වලය. මේ අන්දමට බලද්දී ජීවිතයකට හිමිවූ මරණය සිදුවන එක්‌ ආකාරයක අතිශය භයානක බව ඔබට වටහා ගැනීමට හැකිවනු ඇතැයි සිතමි.
    ලොව දෙස විමසුම් ඇස හෙළද්දී මිනිසා මමත්වයෙන් උපාධානය කරගන්නා වූ අපමණක්‌ දැ දැක ගැනීමට තිබේ. සත්වයා සතු ජීවිතයද එබඳු ජීව වස්‌තුවක්‌ ලෙස ගත හැකිය. එහෙත් කෙලෙස්‌ උම්මත්තක බවින් තම ජීවිතය පිළිබඳව එසේ සිතුවද එය ඔවුනට හිමිවූවක්‌ නොවේ. ප්‍රබල වැටහීම් ඇතිවන නිහඬ කල්පනාවන්ගෙන් යුතුව මේ ගැනද දිගින් දිගටම සිතන්නේ නම් ජීවිතයක මරණය සිදුවන ස්‌වභාවයෙහි තවත් බියකරු අයුරක්‌ පිළිබඳව අපට තොරතුරු සොයාගත හැකිය. ජීවිතයක්‌ කවරකුට හෝ හිමිනම් එය කිසිදාක වෙනස්‌ වන්නක්‌ නොවිය යුතුය. එය තමන්ගේ වසඟයෙහි පවත්වාගන්නට හැකි වූවක්‌ විය යුතුය.
    එහෙත් ජීවිතයෙහි එවැන්නක්‌ද නැත. ජීවිතය අනුන්ට ඕනෑ හැටියටත් පැවැත්විය යුත්තේ එහෙයින්ය. වැඩිදුරටත් පැවසුවහොත් ජීවිතයක්‌ පවත්වන්නට සිදුවන්නේ අන්‍යයන්ට ඕනෑ හැටියටය. එසේ නොවන්නේ නම් ඔබගේ සිත්වලට මෙන්ම ශරීරවලටද ලෝකයෙන්, ලෝක නීතියෙන් ලැබෙන කිසිදු දඬුවමක්‌ නොලැබෙනු ඇත්තේය. එසේ වුවත් සංසාර ජීවිතය පටන් ගත්දා පටන් මේ වනතෙක්‌ ඔබ අනේක විධ වූ රුදුරු දඬුවම්වලට කොතෙක්‌ නම් මුහුණ පා ඇත්තේද? ඒ අතර ඔබට මේ කියන මරණය දඬුවම් වශයෙන් කොතරම් නම් වාර ගණනක්‌ ලැබෙන්නට ඇතිද? දුර ඈත අතීතයේ පුද්ගලයින්ට මේ මරණ දඬුවම් වශයෙන් ලබාදී ඇත්තේ කොතෙක්‌ නම් වේදනා හා බය සහිත ආකාරයන්ගෙන්ද? අලි ඇතුන් ලවා පාගවාලීමෙන් ඒ මරණ ලබාදී තිබේ. එමෙන්ම උල්මත ඉන්ඳවීමෙන්, දෙකඩ වන සේ සිරුර ඉරා දැමීමෙන්, ශරීරය සත්, සතර කඩකට කපා දැමීමෙන් අත්පා හා කන් නාසා කපාදැමීමෙන් දිය යට ගිල්වීමෙන් ආදී නොයෙකුත් වූ උපක්‍රම කෙරෙහි පුද්ගලයාට ඈත අතීතයේ මරණ දණ්‌ඩන පනවා තිබේ. සම්මා සම්බුද්ධ කාලය තුළදී වුව මේ ලෝක නීති එම අයුරින්ම ක්‍රියාත්මක වී තිබෙන අයුරු ශාසනික ඉතිහාසයෙන් අපට පැහැදිලි වේ. උදේන රජතුමා වාසය කළේ සම්මා සම්බුද්ධ කාලයේදීය.
    ඔහු මාගන්ධියට පැනවූ කෲර මරණ දණ්‌ඩනයක්‌ පිළිබඳ තොරතුරු එම සසුන් ඉතිහාසය තුළ සටහන් කොට ඇත. එනම් ඈ ගැඹුරු වකට බස්‌සවා ඒ තුළ ගිනි දල්වා ඇයට අමානුෂික වශයෙන් එම මරණ දණ්‌ඩනය ලබාදී තිබේ. මෙකල වුව ලෝකය තුළ විවිධාකාරවලින් මරණයට පමුණුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සුවිශාලය. එය ඔවුන්ට දැඩි දුකකි. අප්‍රමාණ වේදනාවකි. අනන්තවූ භයකි. තැති ගැන්මකි.
    තිරිසන් ලෝකය සතර අපායගෙන් එකකි. මේ තුළ උපත ලැබීමෙන් මිනිස්‌ ජීවිතයකදී මුහුණ දෙන්නට සිදුවන මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ ගණනකට සත්වයාට මුහුණපාන්නට සිදුවන්නේය. එනම් තිරිසන් ලෝකය තුළ සත්වයින්ගේ හිමිකම් ගැන කතාකරන කිසිවකුත් නැත. අද්‍යතන ලෝකය දෙස බලන්න. ඒ අනුව එහි සෑම විටෙකම ක්‍රියාත්මක වන්නේ බලවත්ම සත්වයාගේ බල පුළුවන්කාරකම යි. අනන්ත අප්‍රමාණ සත්ව ජීවිත සංඛ්‍යාවකට තෝතැන්නක්‌ වූ මහා සාගරය මෙයට හොඳම උදාහරණයකි. මහා වනාන්තරයක තත්ත්වයද මෙයට දෙවැනි නොවේ.
    මේ අතරම මිනිසුන් නිසා මරණ දුකට, වේදනාවට පත්වී අද දුක්‌ විඳින සත්වයින් නම් කොතරම් ද? එබැවින් ඔබේ බත් පතෙහි ඇති සෑම මස්‌ කැබැල්ලක්‌, මාළු කැබැල්ලක්‌ තුළම පෙර තිබුණේ අහිංසක ජීවිතයක්‌ බව සිතන්නට තරම්වත් සම්දිටු කල්පනාවන් බව ඔබ තුළැ පහළ විය යුතුය. ඒ මන්දයත් ඒ හැම ජීවිතයකටම රුදුරු මරණය උරුම වූයේ මාංශයට ඔබේ සිතෙහිවූ ගිජුකම නමැති පවිටු කල්පනය නිසා වන හෙයිනි. ඒ පාප ෙච්තනා නිසා කර්ම ඵල විසින් ඊඟට ඔබට අත්පත්කර දෙනු ලබන්නේද ඊටත් වඩා භයානක මරණයෝය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ ජීවත්වූ චුන්ද සූකර ඔබට මතකද? ඔහු මුළු ජීවිත කාලය තුළදීම කළේ අහිංසක ඌරන් මරණයට පත්කර මස්‌කොට අනුභව කිරීම හා විකුණා දැමීමයි. අන්තිමට ඔහුගේ මරණය විසඳුණේද ආකාරයටමය. ඔහු බියකරු ලෙසින් රෝගී විය. මරණාසන්න ඌරන් ලෙස දුක්‌ වින්ඳේය. කෑ ගැසුවේය. මරණයට ගොදුරු වූයේ ඉනික්‌බිති අවිචී මහා නරකයෙහි උපත ලැබුවේය.
    මිනිස්‌සු ජීවිතයට විවිධ වූ රැකවරණ හා ආරක්‌ෂණ ක්‍රම සොයති. ඒ සඳහා සුවිසල් ලෙස මුදල් ආරක්‌ෂණ ආයතනවල තැන්පත් කරති. මේ ගැන හොඳින් විමසන විට පෙනෙන්නේ කිසිම ජීවිතයකට, කිසිවකුටත් නිසි ආරක්‌ෂාවක්‌ සැපයිය නොහැකි බවයි. තවත් සඳහන් කළොත් ජීවිතයක්‌ පටන් ගත්දා පටන්ම එහි සදාතනික වූ පැවැත්මකට හේතු නැත. හේතු තිබෙන්නේ මරණයටමය. ඔබ මහමඟ ගමන්කරන විට ඔබේ මරණයට ඉවහල් වන්නට තිබෙන හේතු කොතෙකුත් ඔබට සොයා ගැනීමට පිළිවන් වනු ඇත. එහිදී ගස්‌ කොළන් කඩා වැටීමෙන්, විෂඝෝර සර්පයන් දෂ්ට කිරීමෙන්, අකුණුවලට හසුවීමෙන් ඔබගේ මරණය සිදුවන්නට ඉඩ නැතිද? එමෙන්ම ඔබ රැකී රක්‌ෂා කරන්නේ, ආහාර පාන අනුභව කරන්නේ, බෙහෙත් ඖෂධ බොන්නේ ජීවිතය රැක ගැනීම සඳහාමය. එහෙත් පුද්ගලයා මෙසේ ජීවත්වීමට ගන්නා උත්සාහයන්ම පුද්ගලයාට මරණය උදාකර දුන් බව කියෑවෙන පුවත් මේ මොහොතේත් කෙතරම් අසන්නට ලැබෙනවාද?
    ලෝකයේ ඇති මේ කෙළවරක්‌ නැති මරණයට ඉවහල් වන පරිබාහිර හේතු=වලට අමතරව ජීවිතයක්‌ ඇරැඹුණ දා පටන් එය ස්‌වභාවිකවම ගමන් කරන්නේ මරණය දෙසටමය. එය බුදුරජාණන් වහන්සේ වදාළේ ක්‌ෂණික මරණය හැටියටය. එය ජීවිතයක්‌ තුළ සෑම මොහොතක්‌ මොහොතක්‌ පාසාම සිදුවේ. එය සැබවින්ම ජරා දුකට යටින් දිවයන ජීවිතයක දරුණු හුයක්‌ මෙන්ය.
    පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමි
    සුගත් වීරසූරිය
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    hitha shakthimath karaganin. wenna thiyena dewal wenwa. nawaththanna bh. ubage paththen wenna ona dewal uparimen uba kala. eka nisa hitha shakthimath karagena idapan.