තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

Anonymouse

Member
Jul 27, 2012
91
7
0
I had a same kind of a story five years back. Nirvana to him. if you are thinking about alms giving try something like donating drugs to cancer hospital. People suffers, people dies
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    තාත්තා කෙනෙක් නැති අඩුව තදින්ම දැනෙනවා තමා..කොහොම හරි හිත හදාගන්න බලපන් මචන්..හෙට අනිවා එන්න බලන්නම් පුළුවන් වුනොත්...:)
    තාත්තට නිවන්සුව ලැබේවා..!!
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිත ශක්තිමත් කරගනින් කොල්ලො.. අපෙ ජීවිතෙදි කොයි මොහොතක හො, අපිට මේද්ට මුහුන දෙන්න වෙනවා.. වෙනසකට තියෙන්නෙ, එක එක්කෙනාට එක එක කාලෙ වීම විතරයි.. මම උබ ගැන දන්නෙ නැ. එත් මට කියන්න තියෙන්නෙ, තාත්තා උබට ඉතුරු කරලා ගිය උබෙ ජීවිතෙ, අම්මා,අක්කා,නන්ගි,අයියා,මල්ලි කවුරුහරි ඉන්න කෙනෙක් වෙනුවෙන් උබ ශක්තිමත්ව තාත්තගෙ ජිවිතෙ වෙයන්. පවුලට හො උබට රැකවරනයක් වෙයන්.. එදාට තාත්තා උබව ඉන්න තැනකින් දැකලා සතුටු වෙයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජීවිතේ ඔහොම තමයි පෙරා මල්ලි :( අම්මට තාත්තට සලකන්නේ නැති සමාජයක අම්ම තාත්තා කියන්නේ කව්ද කියල දන්නේ නැති සමාජයක, කාගේ හරි අම්මෙක් තාත්තෙක්ට සලකන්න බැරි සමාජයක අම්මට තාත්තට ආදරය කරන්න එයාලා කැමතිම දේවල් දෙන්න පුළුවන් වෙච්ච උඹ වගේ කොල්ලෙක් ආශ්‍රය කරන්න ලැබිච්ච එක ලොකු සන්තෝසයක් මල්ලි ! :D උඹ කරන හැම වැඩක්ම හරි පිළිවෙලයි හරි ආසාවෙන් ඒ දිහා බලල සතුටු වෙන්නේ :yes::D

    මට උඹ එක්ක අපේ සහෝදරයෝ කට්ටියත් එක්ක එක දිගටම ඉන්න බැරි වෙච්ච එක කනගාටුවට කාරණයක් :( වැඩ පිරිලා මේ ටිකේ මාර දුකක් විඳින්නේ ලබන මාසේ නිවාඩු නිසා වැඩ ටික කවර් කරන්න .. කොහොම හරි එන්න බලන්නම් :D
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    machan oba mara sira dial ekak ban oba sirawata hoda adahanna watina dial ekak ....obe thathtata niwan suwa machan .....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මුලින්ම ලියපු ටික උඹ එදා පාන්දර ත්‍රේඩ් එකේ දාලා තිබුණා.. ඒක කියවපුවාම මගේ ඇස් දෙකට කඳුළු ආවා.. මේ රටේ මහළු මඬම් දහස් ගාණක් තියෙනවා.. ඒ හැම එකකම අහිංසක අම්මල තාත්තලා කී දාහක් ඉන්නවද.. බලපං තමන් හදපු වඩපු අම්මයි තාත්තයි මොන හිතකින්ද එහෙම බල්ලො බලල්ලු වගේ ගෙනත් දාන්නෙ කියලා.. සමහර එවුන් තමන්ගෙ අම්මා තාත්තාට ලෙඩක් දුකක් වුණාම පැත්ත පලාතෙ බලන්නෙ නෑ.. කැත කුණු අතගාන්න කැමති නෑ.. අරව මේවා.. උන් බලන් ඉන්නෙ මැරෙන්නෙ කොයි වෙලාවෙද කියලා.. මේ කරදරරෙන් නිදහස් වෙන්න.. ඒ වගේ සමාජයක තමා මචං අපි මේ ජීවත් වෙන්නෙ..

    ඒත් මචං උඹට උඹ ගැන ආඩම්බර වෙන්න පුළුවන්.. තමන්ගෙ තාත්තගෙ අවසාන මොහොත දක්වාම තමන්ට පුළුවන් උපරිමයෙන්ම සැප සාත්තු කරලා.. බෙහෙත් හේත් අරන් දීලා.. කවලා පොවලා.. එයාගෙ ලඟින්ම හිටියට..

    වෙන්වීම කියන එක අපි කාටත් පොදු දෙයක් මචං.. අපේ ළඟින්ම ඉන්න, පණටත් වඩා ආදරේ කරපු කෙනෙක් නොහිතපු වෙලාවක අපෙන් ඈත් වුණාම හිතට දැනෙන දුක, වේදනාව කියලා නිම කරන්න බෑ.. ඒත් ජීවිතේ හැටි ඔහොම තමා.. කවදා හරි අපිටත් මේ දේවල් හැම දෙයක්ම දාලා යන්න වෙනවා..

    මට පුළුවන්කමක් තිබුණා නම් අනිවාර්යෙන්ම සහභාගී වෙනව මචං.. අවුරුදු කාලෙ නිසා ගොඩක්ම කාර්යබහුල තත්වයක ඉන්නෙ..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    සහෝදරයා ,
    ඔයාවත් ඔයාගේ තාත්තවත් කවමදාකවත් දැකල නැති උනාට උබගේ හිතේ තියෙන දුක තේරුම් ගන්න පුළුවන්.
    මගේ තාත්තා නැති උනේ මම O/L කරන කාලේ.. දැන් වගේ තේරෙන කාලෙක උනානම් තාත්තා වෙනුවෙන් උබ වගේම කැපවෙන්න තිබුනා.
    නමුත් උබට ලැබුණු ඒ වාසනාව මට නැති උනා.
    දරුවන්ගෙන් සැලකුම් ලබන්න දෙමවුපියෝ පින් කරන්න ඕන,
    නමුත් දෙමවුපියන්ට සලකන්න,එහෙම කරලා සිතේ සතුටක් ඇති කර ගන්න දරුවෝ ඊට වඩා දහස් ගුණයක් වාසනාවන්ත වෙන්න ඕන,පින් කරලා තියෙන්න ඕන.
    උබගේ විස්තර බැලුවම තාත්තා අනිවාර්යෙන් සුගතියක උප්පත්තිය ලබන්න ඇති කියලා හිතෙනවා
    ..
    මොකද කියනවා නම් තාත්තා උබටත් වඩා හොද වෙන්න ඕන නේ...
     
    • Like
    Reactions: sudaspc

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :(:(:( ගොඩාක් කණගාටුයි මචන්. එත් යාළුවො සෙට් එකක් උදව්වට ඉන්නවා කියන එක ලොකු දෙයක් :yes::yes:
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ආයේ කවමදාකවත් උදේ පාන්දර නැගිටලා නිදි විකාරෙං තාත්තට බොන්න කිරි එක හදාගෙන, තාත්තා කන්න ආසම ආසා සයිවර් හොද්ද එක්ක රතු ඉඳිආප්ප අරගෙන උදේ 6 වෙනකොට කලුබෝවිල ඉස්පිරිතාලෙට මට යන්න මට පුළුවන් කමක් නෑ. ආයේ කවම කවදාකවත් කෝට්ටේ හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් බිත්තර රෝල්ස් අරගෙන දවල් දහයට විතර කන්න තව මොනවා හරි අරගෙන, කියවන්න ලංකාදීප පත්තරෙත් අරගෙන තාත්තාව බලන්න මහරගම යන්න වෙන්නේ නෑ. මම බලන්න එන්න කලින් මූනකට සෝදලා අලුත් ශර්ට් එකක් ඇඳලා ඇඳේ විට්ටමට හේත්තුවෙලා වාට්ටුවේ දොර දිහා බලන් ඉන්න කෙනෙක් නෑ. හවස ඔෆිස් එකෙන් කලින් පැනලා රෑට කන්න ආප්පත් අරගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලලා එන්න කෙනෙක් මට අදින් පස්සේ නෑ. නිවාඩු දවස් වලට ලඟ ඉඳන් බලා ගන්න, දවසට තුන් පාරක් ඉස්පිරිතාලේ ගිහිල්ලා බලලා එන්න තාත්තා කෙනෙක් දැං මට නෑ. වාට්ටුවෙන් එලෝනකන් ලඟට වෙලා කතා කර කර ඉන්න තාත්තා කෙනෙක් මට ආයේ හම්බ වෙන්නේ නෑ. දොස්තරලගේ පස්සෙන් දුවලා තාත්තගේ විස්ථර අහන්න ආයේ කවමදාකවත් මට පුළුවන් කමක් නෑ.

    :(:(:(

    තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට මම මහරගම ඉස්පිරිතාලෙන් එලියට ඇවිදිල්ලා හිටියේ තාත්තාට රෑට කන්න කෑම හදාගෙන එන්න ඕන නිසයි. තාත්තාට අමාරුයි කියලා කෝල් එක එනකොට හවස 3.45ට විතර ඇති. මම 4 වෙනකොට මහරගම ඉස්පිරිතාලෙට ගියා. ඒ වෙනකොටත් තාත්තා ගොඩක් අමාරුවෙන් හිටියේ. මම ගිහිල්ලා මිනිත්තු පහලවකින් විතර තාත්තා නැති උනා. මම දන්නේ නෑ කොහොම ආවාද කියලා. ඒ ක්ෂණිකයෙන් චමිතුයි පවිත්‍රයි එතන. ඌ ඒවෙලෙ එතනට නොඑන්න මට කිසි දෙයක් කරකියා ගන්න බැරි වෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ බොල්ටයි, පටායි එතනට ආවා. මට බයික් එක ගෙදර ගෙනියගන්න විදියක් තිබ්බේ නෑ ඒ වෙලේ. බෝල්ටා ඉක්මනට කඩියව ගෙන්නුවා. බස් එකේ ඇවිල්ලා පට්ට කට්ටක් කාගෙන කඩියා තමා මගේ බයික් එක ගෙදර ගෙනිහින් දැම්මේ. හිතෙන් වගේම ශරීරෙනුත් දුර්වල වෙලා හිටිය මට අපේ කට්ටිය එක එකා දකිනකොට තමා හිතේ තිබ්බ බර ටිකක් හරි නැති වෙලා ගියේ. මේ විස්තරේ දැන ගත්ත සතරේ දිලේකාත් එක්ක මහරගමට ආවා. මහරගම ඉඳන් මල්ශාලාවට යනකන් මගේ හිත හද හද ගියේ පටා. තාත්තා නැති වෙනකොට නදියා හිටියේ මාතලේ. මම මල්ශාලාවේ කටයුතු ටික ඉවරකරලා ගෙදර එනකොට නදියා අපේ ගෙදර ඇවිත් ගෙදර සියලුම කටයුතු ඉවර කරලා රෑ ඉන්න කට්ටියට කෑමත් සූදානම් කරලා ඉවරයි. කැම්පස් එකේ හිටිය දිලුමා පහු වෙනිදා තකහනියක් ඔක්කොම වැඩ නවත්තලා දුවගෙන ආවා. බන්ඩා කොළඹ ආවේ හත්දවසේ දානෙ ඉවරවෙනකන්ම කොළඹ ඉන්න බලාගෙන. තාමත් බන්ඩා කොළඹ ඉන්නේ. චාමිකත් පහුවෙනිදා හවස කොලඹ ආවේ පහු වෙනිදා උදේ ඔෆිස් එකේ ඇඟිල්ල ගහන්න යන්න බලාගෙන. කොයි දේ තිබුනත් කිසි වැඩක් අතපසු නොකරන තරියා ඇවිදිල්ලා මගේ හිත හදලා ගියා. ඒ වගේම යුරාජුත් අපේ cj ත් ආවේ මෝටර් සයිකලේක. වැඩේ කියන්නේ මේ දෙන්නටම ලයිසන් නැති එක. ඒ වගේම රෑ ඇවිදිල්ලා සෑහෙන්න වෙලාවක් අපේ කට්ටියත් එක්ක හිටිය අපේ ඇඩ්මින් ජීටිවත්, අමිල (Djat) වත් මතක් කරන්න ඕනේ. ඒ වගේම එලකිරියේ ගොඩක් කට්ටිය දුරකථන ඇමතුම් ලබා දීලා කනගාටුව ප්‍රකාශ කලා. එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා කට්ටිය දැණුවත් කරපු rochel1977 අයියාට ස්තුතිවන්ත වෙන්න ඕනා. ත්‍රෙඩ් එක මගින් ෆේස්බුක් මගින් මට කනගාටුව ප්‍රකාශකල හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

    විශේෂයෙන් කෙනෙක් ගැන සඳහන් කල යුතුමයි. එලකිරියට කරන්න පුළුවන් දේවල් අප්‍රමානයි කියන කතාව මම අද ඊයේ කියන දෙයක් නෙමෙයි. තාත්තාට ගොඩක් අමාරුවෙලා මහරගම අරගෙන යනකොට මම දන්න අඳුරන කිසිම කෙනෙක් එහේ හිටියේ නෑ. මට අපේ එලකිරියේ inranasingha මහරගම රෝහලට මාරුවක් අරගෙන කියන ආරංචිය මට කීවේ අපේ යුරාජ්. ඇත්තටම තාත්තාගේ දෙවෙනි බයොප්සි රිපෝර්ට් එක සතියකින් අරගෙන දුන්නේ අපේ එලකිරියේ ඉන්දික නලින්. සති දෙකකට පස්සේ තාත්තාට හම්බවෙච්ච ක්ලිනික් ඩේට් එකට සතියකට කලින් තාත්තාව ක්ලිනික් එකට පෙන්නගන්න මට පුළුවන් උනේ inranasingha නිසයි. උඹ කරපු උදවු වලට ගොඩාක් ස්තුතියි මචං.

    ත්‍රෙඩ් එක දාන්න හිතුවේ තව දෙයක් මතක් කරන්නයි. හත් දවසේ බණ යෙදිලා තියෙන්නේ හෙට. ඒ කියන්නේ 2013/04/01 වෙනිදා. හවස 7.30ට. දානමය පිංකම ඊට පහුවෙනිදා එනම් 2013/04/02 වෙනිදා. එලකිරි අඩවියේ මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම ආරාධනා කරනවා හැකි පමනින් සහභාගී වෙන්න කියලා.


    ගෙදර ලිපිනය
    නො. 7/1, වෙහෙරගොඩ, වැල්ලම්පිටිය

    මගේ දුරකථන අංකය
    0772-972625

    482049_10151530259491418_1276304973_n.jpg




    උඹේ තාත්තා නැතිවුන එක දුකයි තමයි..හැබැයි ඒක තමයි ලෝක ස්භාවය.. මට නම් උඹ ගැන සතුටුයි මොකද උඹේ තාත්තට තිබ්බ ආදරේ උඹේ වචන වල තිබුන නිසා.. උඹ පොඩ්ඩක් වත් පසුබට වෙන්නේ නැතුව වැඩ කරපන් .. උඹට සියලු ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.. මම උඹට TEXT එකකුත් දැම්ම...
     
    • Like
    Reactions: LINDA_ADERSON_22