තාත්තා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    hmm.. sorry ban una deta.. :( :(

    uba inne kandy da? Ape allapu gedarath malageyak una.. eyageth me wage bag ekak thama tibbe matath matakai aran yanawa.. ape appachchitath issara office geniyanna tibbe me wage bag ekak..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ow ban baninna nan epa poddak nattan matak wenawa benapu ewa.The best thing to do to your parents is make them listen to dharma or put them towards those things when they are alive.Putting them again and again in this cycle doesn't help anyone.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තාත්ත කෙනෙක්ගෙ වටිනාකම තේරෙන්නේ කවද හරි අපි තාත්තල වුණමා... අපි තාත්තගෙන් දේවල් ඉල්ලූවා... ඒවා නුදුන්නම අපිට එදා තරහා ගියා... ඇඩුවා.. බිම පෙරලූනා.. ඒත් තාත්ත ඒ දේ දෙන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල දැන් තමයි තේරෙන්නේ... තාත්තල හැන්දෑවට බඩු මල්ලක් අරන් ඔලූව නමාගෙන පාරේ එන්නේ කාටවත් බයේ නෙමෙයි... ඒ අයගේ ඔලූව බරවෙලා තියෙන්නේ වගකීම්වලින්.... මට හැමදාම ටී. එම්. ජයරත්නගේ ‘අම්මා සඳකි - මම ඒ ලොව හිරුය රිදී” සිංදුව ඇහෙන කොට මට සිරා දුකක් ඇතිවෙනවා... මොකද තාත්තා ගැන සමාජෙ කතා වෙනව හරි අඩුයි...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Ow ban baninna nan epa poddak nattan matak wenawa benapu ewa.The best thing to do to your parents is make them listen to dharma or put them towards those things when they are alive.Putting them again and again in this cycle doesn't help anyone.

    තාත්ත කෙනෙක්ගෙ වටිනාකම තේරෙන්නේ කවද හරි අපි තාත්තල වුණමා... අපි තාත්තගෙන් දේවල් ඉල්ලූවා... ඒවා නුදුන්නම අපිට එදා තරහා ගියා... ඇඩුවා.. බිම පෙරලූනා.. ඒත් තාත්ත ඒ දේ දෙන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල දැන් තමයි තේරෙන්නේ... තාත්තල හැන්දෑවට බඩු මල්ලක් අරන් ඔලූව නමාගෙන පාරේ එන්නේ කාටවත් බයේ නෙමෙයි... ඒ අයගේ ඔලූව බරවෙලා තියෙන්නේ වගකීම්වලින්.... මට හැමදාම ටී. එම්. ජයරත්නගේ ‘අම්මා සඳකි - මම ඒ ලොව හිරුය රිදී” සිංදුව ඇහෙන කොට මට සිරා දුකක් ඇතිවෙනවා... මොකද තාත්තා ගැන සමාජෙ කතා වෙනව හරි අඩුයි...

    :yes::yes:
     
    සති තුනකට විතර කලින් තාත්තා නැති උනා. මේක දැකල කඳුළු ආවා බන්. සල්ලි ඉල්ලලා දෙන්න පොඩ්ඩක් පරක්කු උනාම එහෙම සමහර වෙලාවට සැරෙන් කතා කරපු ඒවා එහෙම දැන් මතක් වෙනවා. ඒත් ඒ සල්ලි හොයන්න කොච්චරනම් කට්ටක් කන්න ඇද්ද :(

    ඉන්න කාලේ පුළුවන් උපරිමයෙන් සලකපන්. නැති වෙච්ච කාලෙක අපි අතින් වෙච්ච පොඩී වැරදිත් මතක් වෙලා දුක හිතෙනවා :sorry:

    khtdjh.jpg

    පුංචිම කාලේ අපි හැමෝගෙම වීරයා තාත්තා .. අපිට වඩා අඩි ගණනාවක් උඩින් ලෝකේ දකිද්දී යෝධයෙක් වගේ ඇවිදිද්දී ඕනේ ම පුංචි එකෙක්ගෙන් ඇහුවොත් වීරයා කවුද කියල උන් කියාවි අපේ තාත්තා කියල..
    කවුරුහරි මොකක්හරි කුපාඩි වැඩක් කළත් අපි කියන්නේ තාත්තට කියනවා කියල..

    ඒත් ටිකක් කල් යද්දී අපි ටික ටික ලොකු වෙද්දී තරුණ මදය එද්දී අපිට හිතෙනවා තාත්තා මේ ලෝකේ ගැන මොනවද දන්නේ අපි තරම්, අපි තමා වැඩ්ඩො කියල..

    ඉන් පස්සේ තරුණ කාලේ ගෙවිල යද්දී අපිට හිතෙන්න ගන්නවා තාත්තා ඒ කාලේ කියාපු දේවල් ටිකක් විතර හරි වගේ දැනෙනවා කියල..

    තරුණ කාලෙ සම්පුර්ණයෙන් ම වගේ ගෙවෙලා මදි වයසට එද්දී අපිට හිතෙන්න ගන්නවා තාත්තා කියපු දේ හරි කියල..

    ඊටත් ටිකක් වයසට ගිහින් දරු මල්ලෝ ලැබුනට පස්සේ හිතෙන්න ගන්නවා තාත්තා එදා කියපු දේවල් හරියටම හරි..ඒවා ඇහුවනම් ජිවිතේ මීට වඩා ඉදිරියට යන්න තිබුනා කියල..

    ඕක තමයි මචං හැමෝම පහුවෙලා හරි වටහා ගන්න යතාර්ථය....