තාත්තේ මට සමාවෙන්න
තාත්තෙ මට සමාව දෙන්න….
රන්ජන්ගෙ හඩ පට ඇත්තමද මම දන්නෑ. හැබැයි ඇත්තනමි යුක්තියේ රන්දෙවොල නීතිය උසාවිය ආරැක්කු පිටින් අපේ හිස මතට කඩා වැටිල. මහා ගෙෘරවයක් වෙච්චි රජයේ සේවකයෙක් කියන එක ලැජ්ජාවක් වගේ.
මුලු සමාජයේම social fabric එකම කුඩුපටිටමි වෙලා. මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා. කැමති නම් කියවන්න. විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නම්,
මගේ තාත්තා වැඩ කලේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙ.
80-90 කාලෙ කරාපිටිය රෝහල හැදුව වෙලාවෙ site එකේ office එක තාත්තා භාරෙ තිබුනෙ. contract වලින් ලක්ෂ ගනන් ගසා කන්න තාත්තට ඉඩ තිබිබ. ඒත් තාත්තා පඩිය හැර සතපහක් ගත්තෙ නෑ.
තාත්තා යටතේ technical officerල දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් බස් දෙකක් ගත්තා. අනික්.කෙනා ඉඩම් අක්කර ගනන් ගත්තා. තාත්තගෙ මෝඩ කමට හිනා උනා..
මට තාම ඒ දවස මතකයි. ඒ වගේම දුකයි. මම එතකොට හතේ හරි අටේ පන්තියේ හරි,
පහසුකම් ගාස්තු ගෙවන්න බැරිව තුන්වෙනි දවසටත් ටීචර් ගෙන් බැනුම් අහල ගෙදර ආවේ. තාත්තට හවස කිවිවම මාසෙ පඩි අරන් දෙන්නම් කිවිවා. එදා හවස කොන්ත්‍රාත්තුව කාරයෙක් තාත්තා හමිබවෙන්න ගෙදර ආව.
මොකක්ද වැඩකට. එයා එක සැරේම සල්ලි මිටියක් තාත්ත ගාව ටී පෝ එක උඩතියෙනවා. මල්ලිල එක්ක එලියෙ සෙල්ලම් කර කර හිටපු මම ජනේලයෙන් අහම්බෙන් දැක්ක.
තාත්තට මරැව ආවේස උනා. ආපහු මේ පැත්ත පලාතෙ එන්න එපා කියල බැනල බැනල අර මිනිහා එලෙව්වා. අර මිනිහා හොදටම බය වෙලා සල්ලි ටිකත් බෑග් එකට දාගෙන යන්න ගියා.
මම නොදන්න කමට තාත්තට දොස් කිවිවා සල්ලි ගත්තෙ.නැති එකට. අර TO දෙන්නගෙ ලමයි ඉන්න හැටි කියල. තාත්තා මා දිහා කෙලින් බලන් ඉදල කිවිවා පුතේ කවදහරි ඔයාට තේරැම් යයි කියල..
ඒකට මට වැඩි කලක් ගියේ නෑ.
(බස්)අංකල්ගෙ කකුල් දෙක උඩින් එයාගෙම බස් එකක් ගියා. දනහිසට උඩින් කකුල් දෙකම කැපුවා. රස්සාවත් නැති උනා.
අනික් කෙනාගෙ එකම පුතා පස්සෙ කාලෙක මත්කුඩු වලට තදින්ම ඇබිබැහි උනා. සබ්බ සකලමනාවම විකුනගත්තා. අංකල් දුකටම මලා. ඇන්ටි අන්තිම කාලෙ මහලු මඩමක හිටියලු..
මගේ තාත්තා ….
මේ ටික කියන්නේ ලොකු කමකට නෙමෙයි කතාව සම්පූර්න වෙන්න. මට හිතෙනව ඔබට එය තේරැම් ගත හැකිය කියල…
තාත්තා සතපහක වංචාවක් නොකර හදන්න උර දුන්න කරාපිටිය ශික්ෂන රෝහල අනුබද්ධ රැහුනු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මට ඇතුල් වෙන්න ලැබුනා.
අද මම රෝගීන් දාස් ගානක් සුවපත් කරපු කරන වෛද්‍යවරයෙක්.
ලොකු මල්ලි බැංකු පරිගනක පිලිබද ඉංජිනේරුවෙක් Australia වල. පොඩි මල්ලි වියාපාරිකයෙක් England වල. එකම නංගී Drug regulation authority එකේ ඉහල නිලධාරීනියක්.
තාත්තා අප මේ තත්වයට එනවා දැක්ක. අපේ දරැවන්ගෙත් ආදරය වින්දා.
හැත්තෑ පහක් විතර කිසිදු ලෙඩක් නැතිව හිටිය. මිය ගියේ මාස කිහිපයක ලෙඩකින්.
මැරෙන්න ඉස්සෙල්ලා මට කිවිවා එයාගෙ ජීවිතය සම්පුර්නයි කියල. එදා සල්ලි ගත්තෙ නැති එකට මම තාත්තට දොස් කියපු එක මට නැවත සිහි වෙනකොට තාත්තා මාව අතහැරල ගිහිල්ලා…. මට සමාව ගන්න බැරි වුනා..
උපුටා ගැනීම : උත්පල සංකල්ප

හුස්ම යනකම් අපි ගැන වද වෙන්නේ අපෙන් ඒ අය රජ වෙන්න නෙමේ.අපි ඒ අයට වඩා සතුටින් අනාගතේ ඉදීවි කියල බලාපොරොත්තුවෙන්.