තාත්තේ මට සමාවෙන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තාත්තේ මට සමාවෙන්න

    තාත්තෙ මට සමාව දෙන්න….

    රන්ජන්ගෙ හඩ පට ඇත්තමද මම දන්නෑ. හැබැයි ඇත්තනමි යුක්තියේ රන්දෙවොල නීතිය උසාවිය ආරැක්කු පිටින් අපේ හිස මතට කඩා වැටිල. මහා ගෙෘරවයක් වෙච්චි රජයේ සේවකයෙක් කියන එක ලැජ්ජාවක් වගේ.

    මුලු සමාජයේම social fabric එකම කුඩුපටිටමි වෙලා. මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා. කැමති නම් කියවන්න. විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නම්,

    මගේ තාත්තා වැඩ කලේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙ.

    80-90 කාලෙ කරාපිටිය රෝහල හැදුව වෙලාවෙ site එකේ office එක තාත්තා භාරෙ තිබුනෙ. contract වලින් ලක්ෂ ගනන් ගසා කන්න තාත්තට ඉඩ තිබිබ. ඒත් තාත්තා පඩිය හැර සතපහක් ගත්තෙ නෑ.

    තාත්තා යටතේ technical officerල දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් බස් දෙකක් ගත්තා. අනික්.කෙනා ඉඩම් අක්කර ගනන් ගත්තා. තාත්තගෙ මෝඩ කමට හිනා උනා..

    මට තාම ඒ දවස මතකයි. ඒ වගේම දුකයි. මම එතකොට හතේ හරි අටේ පන්තියේ හරි,

    පහසුකම් ගාස්තු ගෙවන්න බැරිව තුන්වෙනි දවසටත් ටීචර් ගෙන් බැනුම් අහල ගෙදර ආවේ. තාත්තට හවස කිවිවම මාසෙ පඩි අරන් දෙන්නම් කිවිවා. එදා හවස කොන්ත්‍රාත්තුව කාරයෙක් තාත්තා හමිබවෙන්න ගෙදර ආව.

    මොකක්ද වැඩකට. එයා එක සැරේම සල්ලි මිටියක් තාත්ත ගාව ටී පෝ එක උඩතියෙනවා. මල්ලිල එක්ක එලියෙ සෙල්ලම් කර කර හිටපු මම ජනේලයෙන් අහම්බෙන් දැක්ක.

    තාත්තට මරැව ආවේස උනා. ආපහු මේ පැත්ත පලාතෙ එන්න එපා කියල බැනල බැනල අර මිනිහා එලෙව්වා. අර මිනිහා හොදටම බය වෙලා සල්ලි ටිකත් බෑග් එකට දාගෙන යන්න ගියා.

    මම නොදන්න කමට තාත්තට දොස් කිවිවා සල්ලි ගත්තෙ.නැති එකට. අර TO දෙන්නගෙ ලමයි ඉන්න හැටි කියල. තාත්තා මා දිහා කෙලින් බලන් ඉදල කිවිවා පුතේ කවදහරි ඔයාට තේරැම් යයි කියල..

    ඒකට මට වැඩි කලක් ගියේ නෑ.

    (බස්)අංකල්ගෙ කකුල් දෙක උඩින් එයාගෙම බස් එකක් ගියා. දනහිසට උඩින් කකුල් දෙකම කැපුවා. රස්සාවත් නැති උනා.

    අනික් කෙනාගෙ එකම පුතා පස්සෙ කාලෙක මත්කුඩු වලට තදින්ම ඇබිබැහි උනා. සබ්බ සකලමනාවම විකුනගත්තා. අංකල් දුකටම මලා. ඇන්ටි අන්තිම කාලෙ මහලු මඩමක හිටියලු..

    මගේ තාත්තා ….

    මේ ටික කියන්නේ ලොකු කමකට නෙමෙයි කතාව සම්පූර්න වෙන්න. මට හිතෙනව ඔබට එය තේරැම් ගත හැකිය කියල…
    තාත්තා සතපහක වංචාවක් නොකර හදන්න උර දුන්න කරාපිටිය ශික්ෂන රෝහල අනුබද්ධ රැහුනු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මට ඇතුල් වෙන්න ලැබුනා.

    අද මම රෝගීන් දාස් ගානක් සුවපත් කරපු කරන වෛද්‍යවරයෙක්.

    ලොකු මල්ලි බැංකු පරිගනක පිලිබද ඉංජිනේරුවෙක් Australia වල. පොඩි මල්ලි වියාපාරිකයෙක් England වල. එකම නංගී Drug regulation authority එකේ ඉහල නිලධාරීනියක්.

    තාත්තා අප මේ තත්වයට එනවා දැක්ක. අපේ දරැවන්ගෙත් ආදරය වින්දා.

    හැත්තෑ පහක් විතර කිසිදු ලෙඩක් නැතිව හිටිය. මිය ගියේ මාස කිහිපයක ලෙඩකින්.

    මැරෙන්න ඉස්සෙල්ලා මට කිවිවා එයාගෙ ජීවිතය සම්පුර්නයි කියල. එදා සල්ලි ගත්තෙ නැති එකට මම තාත්තට දොස් කියපු එක මට නැවත සිහි වෙනකොට තාත්තා මාව අතහැරල ගිහිල්ලා…. මට සමාව ගන්න බැරි වුනා..

    උපුටා ගැනීම : උත්පල සංකල්ප
     
    • Like
    Reactions: Tharaka_x

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ranjage handapati walai oka liyapu eka kiyawana uge lokuwei kisima sambandayak nane ban. oka liyapu eka uge status facebook eke ranjage seen wala publicity aran share karanna kisima galapeemak nathi siddi dekek muttu karala.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කවදාවත් දෙමව්පියොන්ට බනින්න හොඳ නෑ.:(හුස්ම යනකම් අපි ගැන වද වෙන්නේ අපෙන් ඒ අය රජ වෙන්න නෙමේ.අපි ඒ අයට වඩා සතුටින් අනාගතේ ඉදීවි කියල බලාපොරොත්තුවෙන්.:love:
     
    • Like
    Reactions: channaq4

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,194
    67,546
    113
    කවදාවත් දෙමව්පියොන්ට බනින්න හොඳ නෑ.:(හුස්ම යනකම් අපි ගැන වද වෙන්නේ අපෙන් ඒ අය රජ වෙන්න නෙමේ.අපි ඒ අයට වඩා සතුටින් අනාගතේ ඉදීවි කියල බලාපොරොත්තුවෙන්.:love:

    endless cycle
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    (බස්)අංකල්ගෙ කකුල් දෙක උඩින් එයාගෙම බස් එකක් ගියා. දනහිසට උඩින් කකුල් දෙකම කැපුවා. රස්සාවත් නැති උනා.

    අනික් කෙනාගෙ එකම පුතා පස්සෙ කාලෙක මත්කුඩු වලට තදින්ම ඇබිබැහි උනා. සබ්බ සකලමනාවම විකුනගත්තා. අංකල් දුකටම මලා. ඇන්ටි අන්තිම කාලෙ මහලු මඩමක හිටියලු..

    අද මම රෝගීන් දාස් ගානක් සුවපත් කරපු කරන වෛද්‍යවරයෙක්.

    ලොකු මල්ලි බැංකු පරිගනක පිලිබද ඉංජිනේරුවෙක් Australia වල. පොඩි මල්ලි වියාපාරිකයෙක් England වල. එකම නංගී Drug regulation authority එකේ ඉහල නිලධාරීනියක්.

    Typical Sinhalese thinking :lol::lol::lol:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කවදාවත් දෙමව්පියොන්ට බනින්න හොඳ නෑ.:(හුස්ම යනකම් අපි ගැන වද වෙන්නේ අපෙන් ඒ අය රජ වෙන්න නෙමේ.අපි ඒ අයට වඩා සතුටින් අනාගතේ ඉදීවි කියල බලාපොරොත්තුවෙන්.:love:

    :yes::yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කවදාවත් දෙමව්පියොන්ට බනින්න හොඳ නෑ.:(හුස්ම යනකම් අපි ගැන වද වෙන්නේ අපෙන් ඒ අය රජ වෙන්න නෙමේ.අපි ඒ අයට වඩා සතුටින් අනාගතේ ඉදීවි කියල බලාපොරොත්තුවෙන්.:love:

    කොල්ලො බණිනවට වඩා කෙල්ලො තමා බැන්ඳට පස්සෙ දෙමවුපියන්ට බණින්නෙ..මිනිහ රෑට ටියුන් කරනවනේ.ඔක්කොම අමතකයි ඊට පස්සෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලො බණිනවට වඩා කෙල්ලො තමා බැන්ඳට පස්සෙ දෙමවුපියන්ට බණින්නෙ..මිනිහ රෑට ටියුන් කරනවනේ.ඔක්කොම අමතකයි ඊට පස්සෙ...

    ganu jathiya
    jara jathiya
    gale gahala
    mara daapiya