තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව
ඇතුලට ඇවිල්ලම බලපං. හොරෙං බලන්නෙ නැතිව.
මුල
වර්තමානේ කොල්ලන්ට තියන දැවෙන ප්‍රශ්නයක් තමයි තාම කෙල්ලෙක් නැති එක. එහෙමත් නැත්තං තමන්ගෙ හිත ඇදිල ගිය කෙල්ලගෙං පෙරුම් පුරලා පෙරුම් පුරලා පෙරුම් පුරලා, ෆුල් ගට අරගන ගිහිං අහපු ගමන් “කෙල්ල එළුවෙක් වගේ හා“ කියන එක.
ඒ කියන්නේ “බෑ...........“ කියන එක යකෝ.
එහෙමත් නැත්තං යාලුවෙලා හිටපු කෙල්ල බූට් එක තිබ්බ එක, වෙන එකෙක් එක්ක යාලු වෙච්චි එක, වෙන එකෙක් බැඳපු එක .... Etc…….
ඉතිං ඔය කතන්දර තුනෙන් මොකක් උනත් අවසානෙ ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලා මානසිකව කඩා වැටෙන එක. කෙටි කාලීනව හරි ලතගහගන ඉන්නවා. ලෝකෙ අඳුරු වෙලා ,කුරුල්ලො කෑගහන්නේ නෑ, වැඩක් කරන්න හිතෙන්නෙ නෑ, පාඩං කරන්න බෑ, සමහර උන්ට කන්න බෑ. සමහර උන් පැලෙන්න බොනවා. විරහ ගීත ඇහෙද්දි කඳුලු බිංදු බිංඳු පනින්නෙ ඇහෙන්. නැද්ද හා... අම්මපා....
එක්ස්ට්‍රීම් එන්ඩ් එකට ගිය බුවාල කොච්චියට, ළිඳට, වස බීම, වගේ තමන්ට කෙලෝගන්න එක වගේම කෙල්ලටත් කෙලවලා අරින එක කරනවා.
මැද
මං ඇවිල්ලා මේ සෝකේස් එකක් දාල තියන්න තරං දෙපාරක් හැරිල බලන්න හිතෙන තරං හෙන හැන්ඩි ඩයල් එකක් නෙවෙයි. කොටින්ම කිව්වොත් හැන්ඩි නෑ. හැබැයි පුතෝ උස නං තියනවා අඩි හයක් අඩු නැතිව.
ගියේ පිරිමි ඉස්කෝලෙකට.ඉස්කෝලෙ යන කාලෙ මං මටම රෙස්ට්‍රික්ෂන් එකක් දාගන හිටියා A/L ඉවරවෙනකල් කෙල්ලක් එක්ක යාලුවෙන්නෙ නෑ කියලා. (දැන් ඉතින් කුප්ප දේවල් හිතන්න එපා වනචර හැත්ත.) එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් දාගන හිටියෙ මට පට්ට ෂුවර් එකක් තිබ්බා මගෙ හිත ගිය එක කෙල්ලක් වත් ඒ කාලෙ මට කැමති වෙන්නෙ නෑ කියලා . කෝමද කන්ෆිඩන්ස් එක කියපල්ලකො. කෙල්ලක් කැමති වෙයිද යකෝ කිලෝ එකසිය දහයක් විතර බර එකෙක්ට. දැන් නං එහෙම මහත නෑ. මං කෙට්ටු වෙච්චි විදිහ වෙනම කතාවක්. පස්සෙ කාලෙක හිතුනොත් ඒකත් දාන්නං.
ප්‍රථම ලැජ්ජාව (A/L First shy) සහ දෙවනි ලැජ්ජාවෙන් (2nd shy) පස්සෙ විලිලැජ්ජාව(3rd shy) කරන්නෙ නැතිව මම විශ්ව විද්‍යාලයකට නොවුනත් ඒ සමානම ආයතනයකට තේරුනා IT වලින්.
අඩ්ඩඩ්ඩා දැන් ඕන්න ගෑල්ලමයි ආස්සරේ කරන්න හම්බවෙනවා ඇති පදං. පිරිමි ඉස්කෝලෙකට ගිය එකේ නරක පැත්ත තමයි කෙලලොත් එක්ක කතා කරන්න තියන පැකිලීම. මං දන්නෙ නෑ ඒක අනිත් උන්ට තියනවාද කියලා හැබැයි මට නං තිබුනා සැරේටම. ගෙවල් ගාව නිතර දකින කෙල්ලෙක් බස්සෙකේ මට එහා පැත්තෙ සීට් එකේ ඉඳං හිටියත් එකීත් එක්ක වචනයක්වත් කතා නොකර හිනා නොවී යන එක ඒ කාලේ මගෙ සාමාන්‍ය දින චරියාව. (කෝමද කියපංකො තත්වෙ.) ඔය සීන් එක නිසාම මම පට්ට අඩම්බරයි කියන එක ඒ කාලෙ කෙල්ලො අතර තිබ්බ කොමන් කතාවක්. දැන් තමයි උන් ඕවා මාත් එක්ක කියන්නේ . මාත් හිනා වෙලා විහිලුවක් කරලා ඉන්නවා එහෙම කියන කොට කට්ටිය නැත්තං කෝමද ඕයි රෙද්දක් ඇඳගන කියන්නේ “අනා ඒ කාලෙ මං කෙල්ලොත් එක්ක කතාකරන්න ලැජ්ජයි “ කියලා.
රැග් සීසන් එක ඉවරවෙද්දි කෙල්ලො භීතිකාව ඉවරයි. ඇයි යකෝ බත් කවන්න දීලා, අතින් අල්ලං ඉන්න දීලා මෙකී නොකී රැග් වලින් පස්සෙ ඉතිරිවෙයි යැයි කෙල්ලො භීතිකාව.
ලව් සීන් එකට එන්ටර් වීම.
රැග් සීන් ඉවරවෙලා ජීවිතේ සාමාන්‍ය තත්වයට පත්වෙලා ටිකෙන් ටික ගෙවෙද්දි පන්තියේ එකා දෙන්නා ටික ටික කෙල්ලොත් එක්ක සෙට් වෙනවා. එකම ඩිපාට්මන්ට් එකේ උන් එක්ක, වෙනම ඩිපාට්මන්ට් වල උන් එක්ක. ඇයි ඒ විතරක් යැයි සීනියර් බැජ් එකේ කෙල්ලො එක්ක. ආහ් ඒ කාලෙ වෙද්දි මං කෙට්ටු වෙලා හිටියෙ ගාණට.
ඒ කාලෙ මටත් හිතුනා දැන් නං කෙල්ලක් සෙට්කරගන්න “කාලෝ අයන්තේ“ කියලා. අපේ ඩිපාට්මන්ට් එකේ හිටියා ටිකක් විතර ජෙසිකා ඇල්බගෙ ෆේස් කට් එක තියන ගෑල්ළමයෙක්. ටිකක් හිත ගිහිං මනෝ පාරවල් එහෙම ගැහුවට බැජ් එකේ යාලුවන්ට කියන්න ලැජ්ජයි. Full strategic plan එකක් ගහලා (තනියම) සීන් එකට එන්ටර් වෙන්න යනකොටම .... හුටා පුදපු ගමන් කාපි යකා.... මගේ යාලුවෙක් ඒකිගෙන් අහලා සෙට් උනා කියහංකො. එදා වැසිබර දිනයක් යකෝව්. එදා තමයි මුලින්ම පපුව හිරවෙනවා වගේ ෆීලින්ග් එක ආවෙ.
එහෙම කියලා නිකං ඉන්න බෑනේ. Full search එකක් දාලා Candidate applicants ලව පරීක්ෂා කරලා තව කෙල්ලක් සිලෙක්ට් කරගත්තා. හැබැයි වැඩිමල් අවුරුද්දක්. ඒත් කරන්න දෙයක් නෑ Selection algorithm එකට ඒකිව තමා අහුඋනේ. කලින්පාර උන වැරැද්ද යාලුවන්ට කිව්වෙ නැති එකනේ. ඒ නිසා most trusted circle එකේ උන්ට කිව්වා. දැන් මිෂන් එක යනවා. කලින් කෙල්ල ගැන දැන් වගේ වගක් නෑ. මාස කීපයක් සේප් එකේ ආශ්‍රය කරලා ඒකිව අයිසොලේට් කරලා ඇහුවා...
“අනේ මන්දා.... මං වැඩිමල්නේ ඔයාට වඩා අවුරුද්දක්“
Rejected.
Mission Failed.
දැන් උඹලා හිතයි “අනේ මන්දා“ කිව්වෙ බෑ කියන එක නෙවෙයි තව ටිකක් ට්‍රයි කරන්න තිබ්බා කියලා. ඒ විදිහටම මායි මගේ සහචරයොයි හිතලා මාස ගාණක් ඔට්ටු උනා. පස්සෙ “මල්ලි“ කියලා කට පුරෝලා අහගත්තට පස්සෙ තමයි තේරුංගත්තේ
“අනේ මන්දා“ කියල කියන්නේ “අපෝ බෑ“ කියන එකම තමයි කියලා
ඒපාර පුතා වැදුනා කලින් වතාවට වඩා සැරට. මට Rejection කියන එක පොඩි කාලෙ ඉඳලම ඉවසගන්න බැරි සීන් එකක්. ඒත් ඉතින් කැමති නැත්තං මක් කොරන්නද ? එයින් පස්සෙ මාස ගාණක් නයා මැරිච්චි අහිකුණ්ටිකයා වගේ තමයි. හැම තිස්සෙම ලයිබ්‍රි එකේ. නැත්තං පොතකට ඔලුව ගහගන, නැත්තං ලැබ් එකේ. මගෙ වාසනාවට දුක හිතුනාම , ස්ට්‍රෙස් වැඩි උනාම වැඩි පුර කන එකයි වැඩි පුර වැඩකරන එකයි තමයි කරන්න පුරුදුවෙලා හිටියෙ මම. ඉතින් ඔන්න ඔය කාලෙ පරිසරේ අඳුරුයි, සින්දු අහන්න බෑ දුක හිතෙනවා.....
මාස කීපයක් ගියා. ඒ අතරේ ඩිපාර්ට්මන්ට් එකේ තව කෙල්ලෙක් ටිකක් වැඩිපුර ආශ්‍රය කරන්න සෙට් උනා. ඒත් අක්ක කෙනෙක් (දැං ඉතිං හදපල්ලා කතා) . පාඩං කරන්නෙ එකට , ලෙක්චර්ස් යන්නෙ එකට, ලැබ්, ලයිබ්‍රරි යන්නෙ එකට. ඔහොම තමා විස්තරේ. පරණ සිද්දිවලින් පාඩං ඉගන ගෙන හිටපු හින්දා ආදර සීන් වලට යන්න ගියේ නෑ. හැබැයි කාලෙ යන්න යන්න කොඤ්ඤං කොඤ්ඤං ෆීලින්ග්ස් එන්න ගත්තා. ඒ කෙල්ලත් ටිකක් ටිකක් එහෙම ගතියක් පෙන්නුවා (මං එහෙම හිතාගන හිටියද කොහෙද). ආයෙ අඳුරු අහස දීප්තිමත් වෙලා වලාකුලු නිල් පාට වෙලා, කුරුල්ලො සතුටින් ගීත කියන්න පටන්ගත්තා මං හිතං උන්නෙ කාලයත් එක්ක ටිකෙන් ටික වැඩේ ගොඩ කියලා. එයාලගෙ ගෙවල් වල ගියා , අම්මා තාත්තා අඳුනා ගත්තා....
ඇකඩමික්ස් ඉවර උනා. ඉන්ටර්න්ෂිප් පටන්ගත්තා. මට ආදුනික Web dev විදිහට කම්පණි එකක ඉන්ටර්න් සෙට් උනා. තාම වෙනද වගේම තමයි අර කෙල්ලත් එක්ක connection තියෙනවා. වීක් එන්ඩ් වලට ගෙදර එහෙම යනකොට සෙට් වෙනවා. ඔහොම කාලයක් යද්දි Messages ටික ටික අඩුඋනා. දවසක් වීක් එන්ඩ් එකට ගෙදර යන්න යනකොට හම්බඋනා. දැන් එක ළඟ ඉඳගන යනවා. කතාකරන ගමන් හිමීට කිව්වා....
කෝමද සැප කියපංකො දැන්. මමත් ඉතිං ප්ලාස්ටික් හිනාවක් දාගන “ඔයාගෙ හිතේ කියන විදිහට කරන්න“ කියලා කිව්වා. පස්සෙ ගෙදර ගියාම පහුවදා ෆුල් අවුල්. ගත්තා කෝල් එකක්. කතාකලා... උත්තරේ දුන්නා “ගෙදරට පිටින් යන්න බෑ කිව්වා“ සහ “මාව ආශ්‍රය කලේ යාලුවෙක් විදිහට“ කිව්වා..“ඒක හැමදාමත් එහෙමමයි“ කිව්වා.
ඒපාර කලින් වතාවල වගේ නෙවෙයි පට්ට අවුල්. මට වෙඩින් එකත් කිව්වා. වෙඩින් එක දවසට කලින් දවසේ ටවුන් එකට ගිහිල්ලා කෑව ඕයි ස්ට්‍රෙස් නැති වෙනකල් . වෙඩින් එකටත් ගියා. වෙනසක් පෙන්නන්නෙ නැතිව ඉඳලා ආවා. ෆුල් අවුල්. බට් නපුරු කලට වට්ටු ඩූ. ඒකෙ ෂොක් එකට අවුරුදු දෙකක් යනකල් කෙල්ලක් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.
දැන් උඹල හිතන් ඇති කතාව ඉවරයි කියලා. නෑ .... තාම තියනවා. අවුරුදු දෙකක් යනකොට මං වෙන කම්පනි එකකට ජොයින් වෙලා. ASE, SE,SSE බවට පත්වෙලා නිවී හැනහිල්ලෙ කෝඩ් එකක් කොටාගන ෆිල්ම් එකක් බලාගන කොළඹට වෙලා ජීවත් වෙනවා. වැඩිය ගෙදර යන්නෙත් නෑ.
Facebook එකෙන් රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබ්බා. හප්පා... පොඩි කාලෙ ඉඳන් අඳුනන ගෑල්ළමයෙක්. (ටට්ටර ටට්ටර ටා.......) චැට් කරනවා.ෆෝන් නම්බර් උවමාරු උනා. හම්බවෙන්න එන්න කිව්වා. ගියා.. පැය ගාණක් කතාකලා. ෆිට් එක වැඩි උනා.කාලය ගතඋනා. I love you කියලා Message එකකුත් දවසක් එවලා තිබ්බා. මටත් ඉතින් ලැජ්ජා නෑනේ. මාත් ඉතින් රිප්ලයි... ඔහොම කාලය ගලාගන ගියා. මැසේජස් අඩු උනා. ෆිට් එක නැති උනා. මැසේජ් වලට රිප්ලයි නෑ... මං ෆුල් අවුල්... ඒ කාලෙ යවන මැසේජස් බලන්න එපැයි... කවුරුහරි කිව්වොත් ශෝකෙන් මැරෙනවා ක්ෂණිකව. ඒවටවත් රිප්ලයි නෑ දවසක් හිත කැඩිලා වැටිලා... හැක් වෙලා ඉන්න දවසක ආයෙ යැව්වා දිග මැසේජ් එකක්. මෙන්න එනවා රිප්ලයි.
හිතේ දුක අඩුවෙන්න ස්ටැක් ඕවර්ෆ්ලෝ එකේ උත්තර නැති ප්‍රශ්නවලට උත්තරයි. Security override එකේ Challenges සුයි කර කර හිටියා ආයුබොවන්ඩ.. වෙන මක්කා කොරන්නද... බොන්න කියලයැයි... හැබැයි ඉතිං සිකුරාදට ඔෆිස් සෙට් එකත් එක්ක දෙහිවල, ගල්කිස්සෙ පබ් ගානෙ ගිහිං පාන්දර වෙනකල් උන්ගෙ බයිට් එකට කෙල කෙලා නං හිටියා. .
හත් ඉලව්වෙ මට දැන් විසි හතයි. මම බඹා කෙටූ එකී කොහෙද බොලව්... ඔහොම ඉන්න අතරේ නෑදෑ මලයෙක් මම වීක් එන්ඩ් එකට ගෙදර ආපු වෙලාවෙ මෙන්න මෙහෙම ටෝක් එකක් මට ඉෂූ කරා.
“අයියේ අපේ අම්මා කිව්වා ඔයාට දැං බඳින්න කාලෙ හරියාගන එනවා හොඳ ගෑණු ළමයෙක් නැත්නම් හොයලා දෙන්නද කියලා“. දැන් උඹලා බලයි අම්මා , අප්පච්චි නැතිව වෙන නෑදෑ කෙනෙක් එහෙම අහන්නෙ ඇයි කියලා. ඒක දිග කතාවක් බංස්... ඒක වෙන දවසකට... කෙටියෙන් කිව්වොත් ඒ වෙනකොට මගේ අම්මා, අප්පච්චි දෙන්නම නැතිවෙලා සෑහෙන කාලයක්. මම තනියමයි හිටියෙ IT ඉගනගන්න කාලෙ ඉඳලම. කොළඹ හිටියත් තනියම, ගෙදර ආවත් තනියම. උයාගන කාල පාඩුවෙ හිටියෙ ගෙදර ආපුවාම.
කාන්තාරෙ ආපු එකෙක්ට අයිස්ක්‍රීම් එකක් අරං එන්ඩද කියල ඇහුව වගේ. මාත් ඉතිං හා කිව්වා. ඊට පස්සෙ ඉතින් වීක් එන්ඩ්ස් වලට ඒ නැන්දා කතාකරනවා. “පුතේ ගෑණු ළමයෙක් ඉනනවා බලන්න යං කියනවා“ මාත් ඉතින් ගෙදර එනවා. යනවා.. කෙටියෙන් කියනවා නං
ම්හ්.. එකෙක්වත් මට හිතට අල්ලන්නෙ නෑ. ඔහොම ගිහිල්ලා එක වතාවක් හිතට ටිකක් සෙට් වෙන විදිහෙ කෙල්ලක් බලන්න ගියා. ගෙදර ආවට පස්සෙ මට ඒ ගෙදරින් කෙල්ලගෙ ෆෝන් නම්බරේත් දුන්නා. කෙල්ලට කතා කරන්න කීවා.ගෙදර උන් කැමතියි කිව්වා..
අහන හැම එකටම සිහින් හිනාවක් දානවා විතරයි. මට තේරුනා වැඩේ හරියන්නෙ නෑ කියලා. තියඤ්ඤං කියලා කට් කරා. හොයලා බැලුවා. කෙල්ලට කොල්ලෙක් ඉන්නවාලු. ගෙවල් වලින් දන්නෙ නෑලු. එදා තමයි දැනගත්තේ
ඒ විදිහට සිහින් හිනාව == මම කැමති නෑ ඕයි
කියන එක කියලා.
අර නැන්දත් වැඩේ අතෑරියේ නෑ. එයාගෙ එකම ජීවන අභිලාෂය මට කෙල්ලක් හොයලා දෙන එක කරගෙනද කොහෙද ? දවසක් ඔහොම හොඳ ගෑණු ළමයෙක් ඉන්නවා කියලා ගියා බලන්න.. ඒ නැන්දලාගෙ නෑදෑ ගෙදරකට ගිහිං එතනින් තමයි ගියේ. මොකද ඒ නෑදෑ ගෙදර කට්ටිය තමයි වැඩේ සෙට් කරලා තිබ්බේ.
ම්හු.... හිතට අල්ලන්නෙම නෑ. ඒ කෙල්ල කියවනවා ,කියවනවා... හෙනම පණ්ඩිතයි.. හදිසි ගමනක් තියනවා කියලා ඉක්මණට ආව එහෙං.
මාත් ඉතින් තෙමිච්චි බල්ලා වගේ කං පාත් කරන් එනවා. එද්දි අර අනිත් නෑදෑ ගෙදර නැන්දා “මොකෝ පුතේ හරියන්නෙ නැද්ද“ කියල අහද්දි ඤැහ්... කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ.
එතකොට එතන හිටපු අක්කා කෙනෙක් කියාපි “මගෙ යාලුවෙක් ඉන්නවා ඉන්නකො මං එයාට මෙහෙට එන්න කියන්නං.. මල්ලිත් එන්න ඇවිල්ලා බලන්නකෝ කියලා.
සති කීපෙකට පස්සෙ ඕං පණිවිඩේ ලැබුනා අර අක්කගෙ යාලුවා එනවා කියලා එහෙට. මාත් ඉතිං ගියා. ගෙට ගිහිල්ලා ටිකක් වෙලා යද්දි මෙන්න බොලේ එනවා සුදු ඉටිකිරිස් ගැල්ලමයෙක්. හිනාවක් එහෙම දාලා පැත්තකින් ඉඳගත්තා. මං හිතුනා මෙයා නං මට ලොවෙත් කැමති වෙන එකක් නෑ. හැබැයි ට්‍රයි එකක් දැම්මට පාඩුවක් නෑ කියලා. කතාබහ කරද්දි හොඳට කතාකලා. මං ගැන විස්තර ඇහුවා සෑහෙන්ඩ Every small detail දක්වා ඇහුවා. එයා ගැනත් විස්තර කිව්වා.කතාකරද්දි මට හිතුනා මෙයා නං තකට තක තමා හරිගියොත් ගොඩ කියලා. ජීවිත කාලෙම ජීවත් වෙන්න යද්දි තේරුම්ගන්න පුලුවන් මනුස්සයෙක් එක්ක ජීවත්වෙන්නත් එපැයි. කයිය ගගහ ඉඳලා මං හවස් වෙලා ආවාගෙදර. නම්බර් එහෙමත් හුවමාරු කරගත්තා. ඒ වෙනකොට මට තේරිලා තිබුනේ ඒ කෙල්ලට මං මොකාට එන්න හදනවද කියන එක අක්කලා කියලා තියෙන්නෙ කියලා.
ඉතිං දවසක් හැන්දෑවෙලාවක හරියටම 8:45 ට මං ෆෝන් එකෙන්ම ඇහුවා කෙල්ලගෙන් “නංකි මට කැමතිද “ කියලා එහෙම ඇහුවෙ නෑ යකුනේ ඩීසන් විදිහට ඇහුවේ. කෙල්ලත් ඩීසන් විදිහටම කිව්වා..................................................

“ ගෙදරින් මට යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ. මට බයයි අපේ යාලුකම නැති වෙයි කියලා“
කෝමද සැප කියපංකො දැන්. මමත් ඉතිං ප්ලාස්ටික් හිනාවක් දාගන “ඔයාගෙ හිතේ කියන විදිහට කරන්න“ කියලා කිව්වා. පස්සෙ ගෙදර ගියාම පහුවදා ෆුල් අවුල්. ගත්තා කෝල් එකක්. කතාකලා... උත්තරේ දුන්නා “ගෙදරට පිටින් යන්න බෑ කිව්වා“ සහ “මාව ආශ්‍රය කලේ යාලුවෙක් විදිහට“ කිව්වා..“ඒක හැමදාමත් එහෙමමයි“ කිව්වා.
හත් ඉලව්වෙ ඒ අවුරුදු ටිකම මම Friend zone ඉඳලා තියෙන්නේ.
Rejected.
Mission Failed.
Rejected.
Mission Failed.
ඒපාර කලින් වතාවල වගේ නෙවෙයි පට්ට අවුල්. මට වෙඩින් එකත් කිව්වා. වෙඩින් එක දවසට කලින් දවසේ ටවුන් එකට ගිහිල්ලා කෑව ඕයි ස්ට්‍රෙස් නැති වෙනකල් . වෙඩින් එකටත් ගියා. වෙනසක් පෙන්නන්නෙ නැතිව ඉඳලා ආවා. ෆුල් අවුල්. බට් නපුරු කලට වට්ටු ඩූ. ඒකෙ ෂොක් එකට අවුරුදු දෙකක් යනකල් කෙල්ලක් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.
දැන් උඹල හිතන් ඇති කතාව ඉවරයි කියලා. නෑ .... තාම තියනවා. අවුරුදු දෙකක් යනකොට මං වෙන කම්පනි එකකට ජොයින් වෙලා. ASE, SE,SSE බවට පත්වෙලා නිවී හැනහිල්ලෙ කෝඩ් එකක් කොටාගන ෆිල්ම් එකක් බලාගන කොළඹට වෙලා ජීවත් වෙනවා. වැඩිය ගෙදර යන්නෙත් නෑ.
Facebook එකෙන් රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබ්බා. හප්පා... පොඩි කාලෙ ඉඳන් අඳුනන ගෑල්ළමයෙක්. (ටට්ටර ටට්ටර ටා.......) චැට් කරනවා.ෆෝන් නම්බර් උවමාරු උනා. හම්බවෙන්න එන්න කිව්වා. ගියා.. පැය ගාණක් කතාකලා. ෆිට් එක වැඩි උනා.කාලය ගතඋනා. I love you කියලා Message එකකුත් දවසක් එවලා තිබ්බා. මටත් ඉතින් ලැජ්ජා නෑනේ. මාත් ඉතින් රිප්ලයි... ඔහොම කාලය ගලාගන ගියා. මැසේජස් අඩු උනා. ෆිට් එක නැති උනා. මැසේජ් වලට රිප්ලයි නෑ... මං ෆුල් අවුල්... ඒ කාලෙ යවන මැසේජස් බලන්න එපැයි... කවුරුහරි කිව්වොත් ශෝකෙන් මැරෙනවා ක්ෂණිකව. ඒවටවත් රිප්ලයි නෑ දවසක් හිත කැඩිලා වැටිලා... හැක් වෙලා ඉන්න දවසක ආයෙ යැව්වා දිග මැසේජ් එකක්. මෙන්න එනවා රිප්ලයි.
එයා එංගේජ්මන්ට් එක ගත්තලු.
ඩෝං......... Head shot
Rejected.
Mission Failed
ඩෝං......... Head shot
Rejected.
Mission Failed
හිතේ දුක අඩුවෙන්න ස්ටැක් ඕවර්ෆ්ලෝ එකේ උත්තර නැති ප්‍රශ්නවලට උත්තරයි. Security override එකේ Challenges සුයි කර කර හිටියා ආයුබොවන්ඩ.. වෙන මක්කා කොරන්නද... බොන්න කියලයැයි... හැබැයි ඉතිං සිකුරාදට ඔෆිස් සෙට් එකත් එක්ක දෙහිවල, ගල්කිස්සෙ පබ් ගානෙ ගිහිං පාන්දර වෙනකල් උන්ගෙ බයිට් එකට කෙල කෙලා නං හිටියා. .
හත් ඉලව්වෙ මට දැන් විසි හතයි. මම බඹා කෙටූ එකී කොහෙද බොලව්... ඔහොම ඉන්න අතරේ නෑදෑ මලයෙක් මම වීක් එන්ඩ් එකට ගෙදර ආපු වෙලාවෙ මෙන්න මෙහෙම ටෝක් එකක් මට ඉෂූ කරා.
“අයියේ අපේ අම්මා කිව්වා ඔයාට දැං බඳින්න කාලෙ හරියාගන එනවා හොඳ ගෑණු ළමයෙක් නැත්නම් හොයලා දෙන්නද කියලා“. දැන් උඹලා බලයි අම්මා , අප්පච්චි නැතිව වෙන නෑදෑ කෙනෙක් එහෙම අහන්නෙ ඇයි කියලා. ඒක දිග කතාවක් බංස්... ඒක වෙන දවසකට... කෙටියෙන් කිව්වොත් ඒ වෙනකොට මගේ අම්මා, අප්පච්චි දෙන්නම නැතිවෙලා සෑහෙන කාලයක්. මම තනියමයි හිටියෙ IT ඉගනගන්න කාලෙ ඉඳලම. කොළඹ හිටියත් තනියම, ගෙදර ආවත් තනියම. උයාගන කාල පාඩුවෙ හිටියෙ ගෙදර ආපුවාම.
කාන්තාරෙ ආපු එකෙක්ට අයිස්ක්‍රීම් එකක් අරං එන්ඩද කියල ඇහුව වගේ. මාත් ඉතිං හා කිව්වා. ඊට පස්සෙ ඉතින් වීක් එන්ඩ්ස් වලට ඒ නැන්දා කතාකරනවා. “පුතේ ගෑණු ළමයෙක් ඉනනවා බලන්න යං කියනවා“ මාත් ඉතින් ගෙදර එනවා. යනවා.. කෙටියෙන් කියනවා නං
කෙල්ල එක
Mission aborted.
කෙල්ල දෙක
Mission aborted
කෙල්ල තුන
Mission aborted.
Mission aborted.
කෙල්ල දෙක
Mission aborted
කෙල්ල තුන
Mission aborted.
ම්හ්.. එකෙක්වත් මට හිතට අල්ලන්නෙ නෑ. ඔහොම ගිහිල්ලා එක වතාවක් හිතට ටිකක් සෙට් වෙන විදිහෙ කෙල්ලක් බලන්න ගියා. ගෙදර ආවට පස්සෙ මට ඒ ගෙදරින් කෙල්ලගෙ ෆෝන් නම්බරේත් දුන්නා. කෙල්ලට කතා කරන්න කීවා.ගෙදර උන් කැමතියි කිව්වා..
මාත් ඉතින් හවසක ගත්තා කෝල් එකක්..
කෙල්ල : හෙලෝ....
මංතුමා : හෙලෝ.. මං මේ කතාකරන්නේ XXXXX අයියා...
කෙල්ල : ආ...... (බලාපොරොත්තු කඩ වූ ස්වරයෙන්)
මම : ඉතින් කොහොමද ?
කෙල්ල: සිහින් හිනාවක්....
මම : blah blah blah
කෙල්ල: සිහින් හිනාවක්....
මම : blah blah blah
කෙල්ල: සිහින් හිනාවක්....
කෙල්ල : හෙලෝ....
මංතුමා : හෙලෝ.. මං මේ කතාකරන්නේ XXXXX අයියා...
කෙල්ල : ආ...... (බලාපොරොත්තු කඩ වූ ස්වරයෙන්)
මම : ඉතින් කොහොමද ?
කෙල්ල: සිහින් හිනාවක්....
මම : blah blah blah
කෙල්ල: සිහින් හිනාවක්....
මම : blah blah blah
කෙල්ල: සිහින් හිනාවක්....
අහන හැම එකටම සිහින් හිනාවක් දානවා විතරයි. මට තේරුනා වැඩේ හරියන්නෙ නෑ කියලා. තියඤ්ඤං කියලා කට් කරා. හොයලා බැලුවා. කෙල්ලට කොල්ලෙක් ඉන්නවාලු. ගෙවල් වලින් දන්නෙ නෑලු. එදා තමයි දැනගත්තේ
ඒ විදිහට සිහින් හිනාව == මම කැමති නෑ ඕයි
කියන එක කියලා.
Rejected.
Mission Failed.
Mission Failed.
අර නැන්දත් වැඩේ අතෑරියේ නෑ. එයාගෙ එකම ජීවන අභිලාෂය මට කෙල්ලක් හොයලා දෙන එක කරගෙනද කොහෙද ? දවසක් ඔහොම හොඳ ගෑණු ළමයෙක් ඉන්නවා කියලා ගියා බලන්න.. ඒ නැන්දලාගෙ නෑදෑ ගෙදරකට ගිහිං එතනින් තමයි ගියේ. මොකද ඒ නෑදෑ ගෙදර කට්ටිය තමයි වැඩේ සෙට් කරලා තිබ්බේ.
ම්හු.... හිතට අල්ලන්නෙම නෑ. ඒ කෙල්ල කියවනවා ,කියවනවා... හෙනම පණ්ඩිතයි.. හදිසි ගමනක් තියනවා කියලා ඉක්මණට ආව එහෙං.
මාත් ඉතින් තෙමිච්චි බල්ලා වගේ කං පාත් කරන් එනවා. එද්දි අර අනිත් නෑදෑ ගෙදර නැන්දා “මොකෝ පුතේ හරියන්නෙ නැද්ද“ කියල අහද්දි ඤැහ්... කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ.
එතකොට එතන හිටපු අක්කා කෙනෙක් කියාපි “මගෙ යාලුවෙක් ඉන්නවා ඉන්නකො මං එයාට මෙහෙට එන්න කියන්නං.. මල්ලිත් එන්න ඇවිල්ලා බලන්නකෝ කියලා.
සති කීපෙකට පස්සෙ ඕං පණිවිඩේ ලැබුනා අර අක්කගෙ යාලුවා එනවා කියලා එහෙට. මාත් ඉතිං ගියා. ගෙට ගිහිල්ලා ටිකක් වෙලා යද්දි මෙන්න බොලේ එනවා සුදු ඉටිකිරිස් ගැල්ලමයෙක්. හිනාවක් එහෙම දාලා පැත්තකින් ඉඳගත්තා. මං හිතුනා මෙයා නං මට ලොවෙත් කැමති වෙන එකක් නෑ. හැබැයි ට්‍රයි එකක් දැම්මට පාඩුවක් නෑ කියලා. කතාබහ කරද්දි හොඳට කතාකලා. මං ගැන විස්තර ඇහුවා සෑහෙන්ඩ Every small detail දක්වා ඇහුවා. එයා ගැනත් විස්තර කිව්වා.කතාකරද්දි මට හිතුනා මෙයා නං තකට තක තමා හරිගියොත් ගොඩ කියලා. ජීවිත කාලෙම ජීවත් වෙන්න යද්දි තේරුම්ගන්න පුලුවන් මනුස්සයෙක් එක්ක ජීවත්වෙන්නත් එපැයි. කයිය ගගහ ඉඳලා මං හවස් වෙලා ආවාගෙදර. නම්බර් එහෙමත් හුවමාරු කරගත්තා. ඒ වෙනකොට මට තේරිලා තිබුනේ ඒ කෙල්ලට මං මොකාට එන්න හදනවද කියන එක අක්කලා කියලා තියෙන්නෙ කියලා.
ඉතිං දවසක් හැන්දෑවෙලාවක හරියටම 8:45 ට මං ෆෝන් එකෙන්ම ඇහුවා කෙල්ලගෙන් “නංකි මට කැමතිද “ කියලා එහෙම ඇහුවෙ නෑ යකුනේ ඩීසන් විදිහට ඇහුවේ. කෙල්ලත් ඩීසන් විදිහටම කිව්වා..................................................
කැමතියි කියලා
New Level Unlocked
ඊට පස්සෙ ආශ්‍රය කරා අපි දෙන්නා සෑහෙන කාලයක්. දැන් බැඳලා අවුරුදු 3ක් වෙනවා.
Mission Completed.

Last edited: