අනුර බලයට එන්න කලින් මිනිහ ගැන තිබුනට වඩා දැනට හොඳ පැහැදීමක් තියනවා පරණ විදියටම වැඩ ටික යන නිසා. ඒත් NPP එකේ උන්ම කියන්නේ උන්ගෙ පාලනේ ඇවිල්ලා සාමූහික වැඩක් කියලා. හඳුන්, ලාල්, නලින්, චතුරන්ග, වසන්ත වගේ උන් එක්ක සාමූහිකව පොල් කඩනව වගේ වැඩක් ඇරෙන්න වෙන කරන්න පුළුවන් වැඩක් මට නම් තේරෙන්නෙ නෑ.
ඒ නිසා උන්ව විවේචනය කරලා උන්ව හරි ට්‍රැක් එකේ ගෙනියන්න හොඳ විපක්ෂයක් ඕන. මම අකමැති වුනත් බලය ගන්න පුළුවන් විපක්ෂෙකට ඉතුරු වෙලා ඉන්නේ සජබෙ විතරයි. සජිය නෙවෙයි, පක්ෂේ ඉන්න අනිත් වාද කරන්න පුළුවන් කරුණු දන්න උන්. උන්ට හොඳ ජනමතයක් හදන්න පුළුවන් නම් ආණ්ඩුවට පිස්සු කෙලින්න බෑ. රනිල්ගෙන් හැදෙන පක්ෂයක් නෑ සහ නාමල්ටවත් උගේ ලඟ ඉන්න ගඳයොන්ටවත් විපක්ෂෙක ඉන්න තරම් මොලයක් නෑ. ඔහොම බැලුවම ඉතුරු වෙන්නේ සජබෙ නිසා උන්ට දෙනවා.
2022 වෙද්දි ලෝන් 2ක් ගහලා කෙල වෙන්න ඔන්න මෙන්න තිබිලා යන්තන් ශේප් වුණේ. ඒ නිසා ආර්ථිකේ කියන සාධකේ මට වෙන මොකකටවත් වඩා වටිනවා. ආර්ථිකේ සම්බන්ධව මාලිමාව ගැන තියන ලොකුම සැකය තමයි අවුරුදු ගානක් තිස්සේ ඕකෙ ඉන්න උන් වාමාන්ශික ආර්ථික මතවාද කරේ තියන් ආපු දුකුණේ අදහසක් නිකමටවක් කියවපු උන් නොවීම. මෑතකදි ආපු ප්‍රතිපත්ති ප්‍රකාශනෙත්, වටින් ගොඩින් කියපුව තමයි තිබ්බේ. හරි දැක්මක් නෑ.