තාම යන්නේ ටොයොටා කබලෙන්
අපි වයසයි අපිට හොද කාර් ඕනෙ
රන්ජන්ට දුන්න වාහන එපා කිව්වා.
තාම යන්නේ ටොයොටා කබලෙන්
- එස්.බී.
තවම මගේ පඩිය දන්නෙ නෑ
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අමාත්‍යාංශයෙන් ලබාදුන් බීඑම්ඩබ්ලිව් රථය හා ජිප් රථයවත් භාරනොගත් බවත් තවමත් ඔහුගේිටොයෝටා කබලෙන්’ ගමන් ගන්නා බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
තම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන රුපියල් ලක්ෂයේ දීමනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
රන්ජන් රාමනායක මහතා මන්ත්‍රීවරුන් දීමනාව ලබාගැනීම සදාචාරාත්මක නොවන බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් එස්.බී. දිසානායක මහතා පැවසුවේ ”දීමනා දිය යුතුයි. මොකද අපිට ලැබෙන්නේ පුංචි පඩියක්. එහෙම දීමනා නොදුන්නොත් මන්ත්‍රීවරුන් නොයෙකුත් විදියට මුදල් උපයන්න උත්සහ කරනවා. මගේ පඩිය කීයද කියලා මම අදටත් දන්නේ නෑ. මගේ නෝනා මගේ සාක්කුවට කීයක් හරි දානවා. ඒක විතරයි මම දන්නේ.” යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අපේ එශ්.බී තමා පදිනවා 