තායිලන්තයට (Tour to Thailand)

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
තායිලන්තයට (Tour to Thailand)

ගොඩාක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරිවුනා. සමහර වෙලාවට හිතෙනවා වයසට යද්දී කම්මැලි වෙලාද කියලත්.

ඉතින් දාන්න දෙයකුත් නැති එකේ පහුගිය දවස්වල ගිය ට්‍රිප් දෙකක විස්තරයක් දාන්න හිතුවා. එතකොට යන්න ඉන්න කෙනෙකුත් යමක් දැන ගනිනේ.

එළකිරි එකේ මීට කලින් අපේ සහෝදරයෙක් දාලා තිබුන "බැංකොක් සවාරිය" කියන එක මේ ගමනට සෑහෙන උදව්වක් වුනා. ඊට අමතරව විස්තර හොයාගන්න උදව් වුන මුලිකම තැන් තමයි මේ.

Google

Tripadvisor http://www.tripadvisor.com/Tourism-g293916-Bangkok-Vacations.html

Agoda http://www.agoda.com/country/thailand.html

Google Map

ඉතින් මේ කියන අයගෙන් උදව් අරගෙන තමයි ගමන සැලසුම් කරගත්තේ. දවස් 7 ක්, ඒ කියන්නේ 6 Nights ටුවර් එකක් තමයි අපි දෙන්නා ගියේ.

ටිකට් එක ගත්තේ Cathay Pacific එකෙන්. Direct flight එකක් විදියට අඩුම ගානක් Cathay එකෙන් ගන්න පුළුවන් වුනා. ඒ Economy class Return ticket එක දෙන්නටම රුපියල් 58,000 ක් වගේ (එක්කෙනෙක්ට 29,000). ඔයාලා වුනත් ගමනක් ලැස්ති කරගනිද්දී මුලින්ම Air ticket එක අඩුවටම ගන්න පුළුවන් දිනයක් බලලා අනිත් දේවල් සැලසුම් කරන්න. මොකද සමහර දවස්වල ටිකට් එක 29,000 ක් වෙද්දී ඊට පහුවෙනිදා ටිකට් එක ඒ වගේ දහ ගුණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා තමන්ම ටිකට් එක Online purchase කරනවානම් Fixed dates නැතුව Flexible dates search කරන්න. එතකොට ගොඩාක් වාසි.

හෝටලයක් තෝරා ගනිද්දී ක්‍රම දෙකක්‌ තියනවා. එකක් Agoda සයිට් එකෙන් rates, reviews බලලා තෝරා ගන්න එක. අනික තමයි Tripadvisor සයිට් එකෙන් reviews බලලා තෝරා ගන්න එක. මම මෙතනදී recommend කරන්නේ මුලින්ම Agoda එකෙන් හෝටලයේ rates බලලා Tripadvisor එකෙන් හෝටලයේ Guest photos (guestsලා ගහපු) සහ reviews බලලා හෝටලය බුක් කරන එකයි.

විස්තර කියන එක පොඩ්ඩකට නවත්තලා අපි ගමනේ පින්තූර ටිකක් බලලා ඉමු.

ඔන්න ඉතින් Check in counter එකෙන් boarding pass එක එහෙම අරගෙන ගමනට ලෑස්තිය.

20140730_002052_zps8bc91182.jpg


මහා රෑ දෙකයි ගානක් නිසා light meal එකක් තමයි ලැබෙන්නේ.

20140806_015845_zps448eb621.jpg


20140806_000423_zpsf749ff55.jpg


20140730_024531_zpsf4c0f859.jpg


ඔන්න අපි බැංකොක් නුවරට ලගා වෙද්දී ටික ටික එලිය වැටෙනවා.

20140730_050315_zps9e637baa.jpg


20140730_051726_zpsf9d5d62b.jpg


බැංකොක්, සුවර්ණභුමි ගුවන්තොටුපල ලගටම ඇවිත්.

20140730_050824_zps37ab6fb1.jpg


20140730_051715_zps893e574f.jpg


20140730_052534_zps9b372c7e.jpg


අපි දැන් තායිලන්තයේ.

20140730_052609_zps07ed57c7.jpg


20140730_052612_zps9cf17290.jpg


20140730_052650_zps5df4e223.jpg


ලංකාවට වඩා සෑහෙන ලොකු නිසා ගුවන් ගමනක මහන්සියෙන් පස්සේ මේ බෙල්ට් එක දිගේ යන එක ගොඩක් ලේසි.

20140730_054410_zpse590fc96.jpg


තම තමන්ගේ බෑග් ටික එකතු කර ගන්නත් එපැයිනේ.

20140730_055543_zps76181661.jpg


ඊට පස්සේ අපි Airport එකේ පහලම තට්ටුවේ (basement) තම තමන්ගේ බෑග් ටික එකතු කර ගන්නත් එපැයිනේ. එකේ තියෙන Airport Rail link එකට යනවා.

මේ Airport Rail link එකෙන් බැංකොක් ටවුන් එකට යනවනම් lines දෙකක් තියනවා. එකක් city line එක. ඒක ස්ටේෂන් කීපයකම වගේ නවත්වා නවත්වා යන එකක්. ඒ නිසා luggage, bag ගොඩාක් තියනවානම් ඒ තරම් ලේසි වෙන්නේ නෑ. මොකද සමහර වෙලාවට මේ ට්‍රේන් එක ගොඩාක් ජනාකීර්ණ වෙන නිසා හැමෝටම අපහසුවක් වෙන්න පුළුවන්.

ඒ නිසා මම recommend කරන්නේ Express line එක. මේ කෝච්චිය ගිහින් කෙලින්ම නවත්තන්නේ බැංකොක් නුවර Makkasan Junction එකේ. මෙතනින් ඔයාලට තව ට්‍රේන් එකකින් හෝ අඩු මුදලකට Tuk Tuk (Three wheel) එකක් හෝ Taxi එකක් ගන්න පුළුවන්. කෝච්චියේ සෙනග ඇත්තේම නෑ. අනික මහපාරේ ට්‍රැෆික් එක අස්සේ යනවට වඩා ලේසියෙන්, ඉක්මනින් මේකෙන් නගරයට යන්න පුළුවන්. විනාඩි 15 ක් විතර කාලයක් යන්නේ.

DSCF5457_zps4437a32c.jpg


DSCF5456_zps77eb93ff.jpg


මේ නිල් පාටින් තියෙන්නේ city line එක, රතු පාටින් තියෙන්නේ express line එක. ටිකට් එක එක්කෙනුකට බාත් 90 ක් වෙන්නේ (රුපියල් 360 ක් වගේ)

DSCF5481_zps9adf9870.jpg


මේ ට්‍රේන් එකේ යද්දී.....

DSCF5474_zps13148ec9.jpg


DSCF5458_zpsafaf1b5b.jpg


DSCF5478_zpsafb42229.jpg


මේ අපි ආපු Airport එක.

DSCF5467_zpsf340bf65.jpg


DSCF5468_zps69179dc5.jpg


අපි කරේ Makkasan junction එකට ඇවිත් ටුක් ටුක් එකක් ගත්තු එකයි. අපේ හෝටලේ ලගට බාත් 80 ක් ගත්තා. ඔයිට වඩා අඩුවට එන්න තිබුනා, පලවෙනි අත්දැකීම නිසා එක ගානක් නෑ.

මෙන්න අපේ හෝටලේ, My Hotel Pratunam. සාමාන්‍ය budget හොටෙල් එකක්. අපිට අවශ්‍ය පහසුකම් සේරම වගේ තිබ්බා. Wifi signal නම් ටිකක් අඩුයි කාමර වලට. උදේ බ්‍රෙක්ෆස්ට් එකත් සාමාන්‍ය මට්ටමේ එකක්. ඒත් දවස පටන් ගන්න බඩ පුරවා ගන්න නම් හොදටම ප්‍රමාණවත්.

http://www.myhotelbangkok.com/

මම හෝටලයට 6 Nights, 2 person සදහා US ඩොලර් 198 ක් ගෙව්වා. ටිකක් හදිස්සියෙන් වගේ කරපු booking එකක් නිසා. ඔයිට වඩා අඩු මුදලකට බැංකොක් වල හෝටලයක් හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.

20140805_171440_zps858df814.jpg


20140805_171436_zpsf2506776.jpg


20140805_125251_zps67ef597b.jpg


මේ අපේ රූම් එක. මුලින්ම දවසේ අපිට හම්බුනේ two single bed room එකක්, ඒත් දෙවෙනි දවසේ එයාලා එක twin large bed room එකකට මාරු කරලා දුන්නා.

20140730_091916_zps96faedd0.jpg


20140730_091944_zpsd8adab06.jpg


20140730_091930_zpsadfbc88f.jpg


20140730_092004_zps820de82d.jpg


20140730_092012_zps288ff763.jpg


රූම් ගැන නම් කියන්න වරදක් නෑ. AC, Hot water, Cable tv, Tea Coffee making facility, Mini Fridge, Toiletries, Free drinking water වගේ හැමදෙයක්ම තියනවා.

මේ රූම් එකෙන් එලිය පෙනෙන විදිය.

20140730_183524_zps7c48a9c8.jpg


DSCF5490_zpsf7187a04.jpg


මෙන්න මගේ උදේ කෑම වේල. මීට වඩා ජාති නම් තියනවා.

20140731_080556_zpsd49cf40d.jpg


හෝටලයේ තියනවා එයාලගෙම ටුක් ටුක් එකක්. ඒකට කිව්වම අපිව ප්‍රධාන පාරට හරි Pratunam Shopping area එකට නොමිලේ ගිහින් බස්සනවා.

20140805_125307_zpsd81df7d0.jpg


20140805_125626_zpsc7bb598b.jpg


අපි බැංකොක් වලට ඇවිත් හෝටලේට එද්දිම උදේ 9 ගානක්. ඇත්තටම හෝටලේ අය හොද නිසා එයාලා අපිට ඒ වෙලාවේදීම රූම් එකක් දෙන්න කරුණාවන්ත වුනා. නැත්නම් බෑග් ටිකත් තියාගෙන 12, 1 වෙනකන් ඉන්න එපයිනේ වෙන තැනක නම්.

කාමරේට ගිහින් ඇදුම මාරු කරලා සැහැල්ලු ඇදුමක් දාගත්තු අපි ඊලගට ගියේ Pratunam shopping area එකටයි. අඩුවට ඇදුම්, සෙරෙප්පු සපත්තු, හෑන්ඩ් බෑග් ගන්න අයට මේ පැත්ත හොදයි.

20140730_101231_zpsa06eb2d5.jpg


පලවෙනි වතාව නිසා ගොඩාක් bargain නොකෙරුවා වුනත් ඇත්තටම මට නම් මේ ගණන් ලංකාවට වඩා ගොඩක් අඩුයි.

හොද quality එකේ පිරිමි ටී ෂර්ට් එකක් බාත් 100 යි, රුපියල් 400 ක් වගේ. බාත් 150 ට quality එක අඩු ටී ෂර්ට් 3 ක් වගේ ගන්න පුළුවන්.

Ladies hand bag බාත් 100 ඉදන් 250 වෙනකන් තියනවා. ලංකාවේ ඒ වගේ එකක් ගනන්වානම් රුපියල් 2000 කට අඩුවෙන් ගන්න බෑ.

එළියේ ඇවිදලා මහන්සි නම් ඔය වගේම ඇදුම් පුරවපු ලොකු shopping mall එකක් තියනවා Platinum plaza කියලා. ගන්නේ ලොකු වෙනසක් නෑ. AC කරලා හොදට තියනවා. තැනින් තැන food stall එහෙමත් තියන නිසා කකා බිබී ඇවිදින්න පුළුවන්.

20140730_153301_zps22dd6671.jpg


20140730_160528_zps7aeb1e22.jpg


හොඳ Do nut කඩයකුත් තිබුනා.

20140730_151226_zpsd4a0fa65.jpg



20140730_151226_zpsd4a0fa65.jpg




 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D
    බොහෝම වැදගත් උනා මචෝ ,,,
    අපේ යාළුවන්ගෙත් පොඩි අයිඩියා එකක් තියනවා ගිහින් රවුමක් ගහලා එන්න
    තව විස්තර තියනවා නම් දාපන් මචෝ ...

    +17
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මම කියන්නම් ඔයාලා තායිලන්තය පැත්තේ යන්න හිතනවානම් අපි ගිය තැන දෙක තුනක විස්තරයක්.

    01. නගින්න බෝට්ටු (ferry) ප්‍රවාහන සේවයක. යන්න Chao Phraya ගඟ දිගේ. ඒ ගමනේ වෙනස අත්විදින්න.

    DSCF5598_zpsec729329.jpg


    DSCF5496_zps3627dd1e.jpg


    DSCF5497_zps1fe8f981.jpg


    DSCF5498_zpsbbda7ebe.jpg


    DSCF5493_zps3ffbaf8a.jpg


    DSCF5491_zpsaad3d663.jpg


    DSCF5611_zps2b228679.jpg


    DSCF5614_zps41e94fba.jpg


    DSCF5618_zpsd3d45d90.jpg


    ඔයාලට අවශ්‍ය Tickets ferry තොටුපලෙන් ලබාගන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් බෝට්ටුවේ ඉන්න (අපේ කොන්දොස්තර) වගේ කෙනාගෙන් ගන්නත් පුළුවන්.