තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    ''කොහොමහරි 2023 මැයි මාසේ ටිකට් එකක් දැම්මා තායිලන්තයේ බැංකොක් වලට චාරිකාව යොදාගත්තේ සැප්තැම්බර් 11 ඉදන් 17 වෙනකන්. ටිකට් පතක මිල වුනේ රු.43000 යි. දැන් හූල්ලන්න එපා මෙච්චර අඩුවට කොහොමද ටිකට් හම්බුනේ කියලා. ඔන්ලයින් ටිකට් එක දා ගත්තේ. අවධානයෙන් හිටියොත් ඕන කෙනෙකුට බැරි නැහැ.''

    ටිකට් ගත්තේ මොන සයිට් එකෙන්ද? දැන් අඩු ගානට නෑනේ. ඔය මැයි මාසේ දාපු බජට් එයාර් ලයින් එකේ ටිකට් නේද?
     
    • Like
    Reactions: dayt0na

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    පලවෙනි පාරට ප්ලේන් එකක ගිය එකෙක්ගෙ අදෝනාවක් :lol:
    ගොඩක් ප්ලේන් එකේ ගියා කියලා පෙන්නන්න දාප කමෙන්ට් එකක්. කාගෙවත් අඳෝනා බලෙන් අහන්න ඕං නෑ. පැත්තකට වෙලා හිටියනම් ඉවරයි. අහපු දේට උත්තරේ මම පරණ ලියපුවා බලන්න. ඒවගේ තියනවා කලින් ගිය ගුවන් ගමන් ගැන. ඔයාගේ මං පොර ජාතයට වඩා මම කැමති මෙහෙම හරි කමෙන්ට් එකක් දැම්මට

    උබ කාපු බීපුවා මේකේ දැම්මට වැඩක් නෑ. බඩු ගැන, ස්පා ගැන විස්තර ටිකක් දාපන්. ඒවා තමයි මේකේ උන්ට වැදගත් :P
    සාපේක්ෂයි
    ------ Post added on Sep 21, 2023 at 12:26 PM
     
    • Like
    Reactions: ishancjs

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    පරිස්සමෙන් මචන් පේනවනේ රැවටෙන්න පුලුවන් ඔයත් :lol:

     
    • Love
    Reactions: Asmodeus

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    ''කොහොමහරි 2023 මැයි මාසේ ටිකට් එකක් දැම්මා තායිලන්තයේ බැංකොක් වලට චාරිකාව යොදාගත්තේ සැප්තැම්බර් 11 ඉදන් 17 වෙනකන්. ටිකට් පතක මිල වුනේ රු.43000 යි. දැන් හූල්ලන්න එපා මෙච්චර අඩුවට කොහොමද ටිකට් හම්බුනේ කියලා. ඔන්ලයින් ටිකට් එක දා ගත්තේ. අවධානයෙන් හිටියොත් ඕන කෙනෙකුට බැරි නැහැ.''

    ටිකට් ගත්තේ මොන සයිට් එකෙන්ද? දැන් අඩු ගානට නෑනේ. ඔය මැයි මාසේ දාපු බජට් එයාර් ලයින් එකේ ටිකට් නේද?
    ඔව් මචං. Thai Air Asia. Dan 69k wage wenawa
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    patta machan watinawa.
    Specially after corona travel karana eka amaru nisa mehe details danaganna eka watinawa.
    ithuru tikath ikmnata danda...
    TFS...
     
    • Like
    Reactions: ratedGTR

    gayankasun

    Junior member
  • Jan 20, 2010
    76
    45
    18
    කොරෝනා කේස් , ආර්ථික අර්බුද කේස් අනම් මනම් අතරේ සෑහෙන කාලෙකට පස්සේ විදේශ චාරිකාවකට සූදානම් වුනා. කොහොමත් සැලසුම වුනේ අඩුම ගුවන් ටිකට් එකක් දාගන්න පුලුවන් රටකට යනවා කියලා. නමුත් ජම්බූදීපයට නම් නිකන් ටිකට් එකක් දුන්නත් යන්නෙ නෑ කියන තීරණයේ හිටියා. කොහොමහරි 2023 මැයි මාසේ ටිකට් එකක් දැම්මා තායිලන්තයේ බැංකොක් වලට චාරිකාව යොදාගත්තේ සැප්තැම්බර් 11 ඉදන් 17 වෙනකන්. ටිකට් පතක මිල වුනේ රු.43000 යි. දැන් හූල්ලන්න එපා මෙච්චර අඩුවට කොහොමද ටිකට් හම්බුනේ කියලා. ඔන්ලයින් ටිකට් එක දා ගත්තේ. අවධානයෙන් හිටියොත් ඕන කෙනෙකුට බැරි නැහැ.
    වීසා එකත් කරගත්තේ තනියම. වීසා ගාස්තුව රු. 12000 ක් විතරයි ගියේ. වීසා දාගන්න හැටි ගැන තියන යූ ටියුබ් වීඩියෝ ඕන තරම් තියනවා හොයාගෙන බලන්න. දැන් වටේ යන්නෙ නැතුව කෙලින්ම කතාවට බහිමු.

    ගුවනින් සියමට.

    ගුවන් ගමන තිබ්බේ සැප්තැම්බර් 11 වෙනිදා රෑ 11.00 ට කොළඹ ඉදන් බැංකොක් වල Don Mueang ගුවන් තොටුපලට. ගුවන් යානය වුනේ Thai AirAsia ගුවන් සේවයට අයත් FD 141 දරණ Airbus A320 වර්ගයේ ගුවන් යානය. මේ ගුවන් යානය අවුරුදු 5ක් විතර පරණ මගීන් 189 කට විතර ගමන් කරන්න පුලුවන් යානයක්. ලාබදායි ගුවන් සේවාවක් නිසා කෑම සල්ලි දීලා කලින් ඔන්ලයින් ඇනවුම් කලා. විනෝදාස්වාදය වෙනුවෙන් වුන උපකරණ තිබුනෙ නෑ. අඩුම තරමේ power outlets තිබුණෙ නෑ. කොහොමත් පිටත් වෙන්න පැය බාගෙකට කලින් වගේ ඉදන් යානයට මිනිස්සුන්ව පටවන්න පටන් ගත්තා. යානය පිරෙන්නම සූ ගාල සෙනඟ.

    View attachment 214969

    අපරාදේ කියන්න බෑ ගුවන් යානයට නගිනකොට පොඩි ආයුබෝවන් පාරක් දාලා හීනියට අපිව පිලිගත්තා. කට කපලා සෙනඟ. මොනවා උනත් මිනිස්සු ට්‍රැවල් කරන්න ආයේ පටන් අරගෙන. මගේ ආසන අංකය වුනේ 18 පේලියේ F ආසනය. ජනේලේ ළග ආසනයක් හම්බවුනේ. ඒක හරියට රටක් රාජ්‍යක් හම්බුනා වගේ තමා.

    View attachment 214970

    ආයුබෝවන් කියන අක්කගේ කටේ සයිස් එක වගේ වැඩකට නැති දේවල් කියාගෙන එන්න එපා ඔන්න කලින්ම කිවුවා. කලින් කියන්න බැරිවුනා .මම ඔන්ලයින් බෝඩ් වෙනකොට හම්බුනේ මැද්දේ ආසනයක්. මම රු. 1500ක් ගෙවලා ජනේලය ලඟ ආසනයක් ගත්තා. ගුවන් යානයේ ආසන තිබුනේ ආසන 3 බැගින් වුන ආසන පේලි දෙකක් විදිහට.

    View attachment 214971

    ඉදගත්තට පස්සෙ පොඩ්ඩක් ජනේලයෙන් එලියේ ගුවන්තොටුපලේ සිරි නරඹන්න පටන්ගත්තා. ඒක වෙනමම එකක් නිතර දෙවේලේ බස් එකේ යනවා වගේ ප්ලේන් වල යන්නැති අපි වගේ උන්ට. අපැහැදිලි වීදුරුවෙන් පැහැදිලිව පිටත බලන්න සෑහෙන ගේමක් දෙන්න වුනා.

    View attachment 214973

    ඊට පස්සෙ ඔන්න උපදෙස් දෙන්න පටන්ගත්තා. ෆෝන් ඕෆ් කරලා හොදලමයි වගේ උඩ යන්න ලෑස්ති වෙන්න වගේ ඒවා තමා කිවුවේ. ආසන පටිය පැළදගෙන උඩ යන වැඩේට තුන් හිතින්ම ලෑස්ති වෙලා උපදෙස් දුන්න අක්කගේ කීකරු ගෝලයෙක් වගේ ඉන්න මම සෑහෙන්න උත්සහ කළා..

    View attachment 214974


    ඊට පස්සෙ මහ රෑ අන්ධකාරේ අස්සේ ලංකාව හොයන්න මහන්සි උනා. තාවකාලිකව ලංකාවට සමුදීලා ටික ටික ඉහලට ගුවන් යානේ ගමන් කළා. දැන් ගුවන් ගමනේ රසවත්ම කොටස. කෑම පුරවපු කරත්තේ දක්කගෙන අක්කලා දෙන්නෙක් ඇවිත් සල්ලි දීලා කෑම ඕඩර් කරපු අයට කෑම බෙදන්න ගත්තා. මමත් ලෑස්ති පිට හිටියා දුන්න ගමන් කාල ඉවරයක් කරන්න.

    View attachment 214975


    මම ඕඩර් කලේ චිකන් රයිස් එකයි බබල් ටී එකයි. ඒකට නොමිලේ වතුර බෝතල් 2ක් හම්බවුනා. සෑහෙන වෙලාවක් බඩගින්නෙ ඉන්න වුන නිසා සෝමාලියාවට පාන් දැම්ම වගේ තමා. දුන්න සොච්චම කාලා වතුර බෝතල් දෙකෙන් බඩ පුරවාගන්නවා ඇරෙන්න කරන්න වෙන කිසිම දෙයක් නෑ.

    View attachment 214976

    View attachment 214977

    කාලා බීලා ඉවරවෙලා ඔන්න යන්තන් පොඩි නින්දක් දැම්මා. ඇහැරුනේ ගුවන් යානය ගොඩාබාන්න ලැහැස්ති වෙනකොට වගේ. මුගේ අම්මගේ බෑමක් තමයි ඒක. ගුවන් යානයේ රෝද පොලවේ වදිනකොට නිකන් පොල්ලකින් ගැහුවා වගේ තමා දැනුනේ. ඒ කියන්නෙ ගොඩබෑම එතරම්ම සුමටව සිදු වුනේ නෑ. පස්සෙ ඉතින් බඩු බාහිරාදිය හොයාගෙන ගුවන් යානයෙන් එලියට ආවා.

    View attachment 214978

    ඔන්න ඔහොමයි වුනේ. දැන් යාන්තම් තායිලන්තේ පයතියන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ ගුවන් තොටුපලෙන් එළියට ඇවිත් කරපු දේවල් හෙමීට ඉස්සරහට කතා කරමු. බස් එකේ නැගලා නගරෙට ආපු තැන ඉදන් විස්තර ඇතුව කතා කරමු. කොච්චර පෙරේත උනත් කුහක උනත් කමෙන්ට් එකක් නොදා යන්න එපා. කමෙන්ට් කියවද්දි දැනෙන්නේ වෙනම ෆීලිං එකක්. එහෙනම් අදට නවතිනවා. හැමදෙනාටම ලෝකේ පුරා කරක් ගහන්න වාසනාව ලැබේවා.

    View attachment 214981
    uba online visa da apply kale. cost eka keeyak unada kiyapan